Sunday 16 April 2017

රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ

අතුරලියේ රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට . ඒ අතර නලීන් බණ්ඩාර, රංජිත් අලුවිහාරේ, අජිත් මාන්නප්පෙරුම ද වෙයි. රනිල් කලබලයට . අකිලගෙන් ප්‍රකාශයක් "මට දැන්ම මහලේකම් කම එපා" . රවී ගෙන් අධීක්ෂණ මන්ත්‍රී තනතුරු 40 සමඟ සැප වාහන පසුපෙළ මන්ත්‍රීවරු 40 කට . රන්ජිත් අලුවිහාරේ දුම්මල වරම ගනී . 


එජාප පසු පෙළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 17 දෙනෙකු  පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට පැවැත් වූ  සාකච්ඡා  අවසන් අදියරට.   මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වය පිළිබඳව තීරණයකට එළැඹීමත් සමඟම ඔවුන් විපක්‍ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි.

‘එජාප  නව විකල්ප කණ්ඩායම’ ලෙස හැදින්වෙන මෙම කණ්ඩායමේ නායකත්වයට  එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත . මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අලුවිහාරේ සිය ආසන සාමාජිකයින්ට පවසා ඇත්තේ තමන්ට එරෙහිව පක්ෂය විනය පරීක්ෂණ ඇරඹීම ට තමන් නිසි පිළිතුරු දීමට සූදානම් බවය. මේ අතර රවී කරුණානායක ඇමතිවරයා සිය මුදල් අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීධුර 35 ක ට වැඩි ගණනක් එජාප පසුපෙළ මන්ත්‍රී වරුන්ට පිරිනමමින්  ඔවුන් පක්ෂය තුල රඳවා ගැනීමට කටයුතු කරමින් සිටී . එම අධීක්ෂණ මන්ත්‍රී වරුන්ට අමාත්‍යාංශයේ ඉන්ධන දීමනාවක්ද සමග සුඛෝපභෝගී වාහනයක්ද පිරිනැමේ . මේ අතර තම මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයට එක්වීමට සූදානම් බව දැනගත් අගමැති රනිල් සිය ප්‍රියතමයා වූ අකිල විරාජ් වෙත ලබාදීමට සූදානම් කර තිබූ පක්ෂයේ මහා ලේකම් ධූරය " දැනට මට එපා " යනුවෙන් අකිල විරාජ් ලවාම ප්‍රකාශයක් කරගැනීමට සමත් ඇත .  එක්සත් ජාතික පක්ෂ නව විකල්ප කණ්ඩායමට එක්වන නම් අතර මන්ත්‍රීවරුන් වන  නලීන් බණ්ඩාර, රංජිත් අලුවිහාරේ, අජිත් මාන්නප්පෙරුම ද වෙයි .  

1 comment:

  1. No matter what, we can NOT go forward with Ranil W. He lost his credibility. Good move. We have many UNPers wants Ranil W out now.

    ReplyDelete