Friday, 27 November 2015
Tuesday, 24 November 2015
First investigate those who sponsored & supported Sri Lanka’s LTTE Terrorists?
Saturday, 21 November 2015
ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ කබා හැදුවේ කොටි ?

මේ පුපුරණ කබා තාක්‍ෂණය දන්නේ කොටි සංවිධානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ කබා එකලස් කිරීමේ ක්‍රියාදාමයේ නිරත වූ ත්‍රස්‌තයන්ය. වන්නි මෙහෙයුම අවසන් වීමට පෙර කොටි පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ කබා එකලස් කිරීමේ ක්‍රියාදාමයේ නිරත වූකබා එකලස් කරන්නෝ යුරෝපා රටවලට පැන ගොස් ඇත. ප්‍රංශ ආරංචි මාර්ග දක්‌වන්නේ මේ හිටපු කොටි ත්‍රස්‌තයන් ප්‍රංශයේ සිටින බවයි.
ප්‍රංශ බුද්ධි සේවාවේ හිටපු නිලධාරියකු වූ පියරේ මාටිනෙට් පැවසූවේ පැරිස් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌ත කණ්‌ඩායමට සම්බන්ධ නැති යමෙක් මෙම බෝම්බ කබා නිපදවා ඇති බවට සැකකරන බවයි.
අත්අඩංගුවේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 216 ක් වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලමින් ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුව පසුගිය බදාදා (18දා) ප්‍රංශ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
එහෙත් අයිසිස් ත්‍රස්‌ත කණ්‌ඩායමක් පසුගිය සිකුරාදා රාත්‍රියේ පැරිස් නුවරට එල්ල කළ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුවේ සැලසුම ව්‍යාර්ථ විය. ප්‍රංශයට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය නිසා උද්ඝෝෂණය අත්හිට වූ බව පැවසූ ඊළම් සම්බන්ධීකරණ කමිටුව අපූරු ප්‍රකාශයක් කළේය.
Thursday, 19 November 2015
බෝම්බ - බෝම්බ කබා හදන්න දන්න කොටි සැගවූ අවි ගබඩා ගැන දන්න - කොටි එළියේ
ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරන්න
එසේම උතුරේ යුද්ධය අවසන් වූවත් උතුරේ ස්‌ථාන රැසක සැඟවුණු අවි නොතිබේ යෑයි සහතික විය හැකිද? නිදහස් කිරීමට නියමිත ත්‍රස්‌තයන් ඒකරාශි වී ත්‍රස්‌ත ප්‍රහාරයක් සැලසුම් නොකරනු ඇතැයි විශ්වාස කළ හැකිද? තමන්ට පුනරුත්ථාපනයක් පවා අවශ්‍ය නැතැයි අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තයන් පවසා තිබේ. එසේ නම් ඔවුන්ගේ ඊළඟ අරමුණ කුමක්‌ද?
මොවුන්ගෙන් පිරිසක් අධිකරණය වෙත ගෙන ආ අවස්‌ථාවේ බන්ධනාගාර රියෙන් එළියට පැමිණීමෙන් පසු පැවසූවේ ඊළම් අරගලය අන්හරින්නේ නැති බවයි.
ද්‍රවිඩ සන්ධානය මෑතකදී පැවසුවේ අත්අඩංගුවේ සිටින කොටි නිදහස් නොකරන්නේ නම් රජයට සහය නොදෙන බවයි. එහෙත් මේ අත්අඩංගුවේ සිටින්නේ කවුද? පුපුරන ද්‍රව්‍ය භාවිතය ගැන මෙන්ම බෝම්බ කබා නිපදවිය හැකි හා අවි ආයුධ පුහුණුව ලත් ත්‍රස්‌තයන් පිරිසකි.
එසේම උතුරේ යුද්ධය අවසන් වූවත් උතුරේ ස්‌ථාන රැසක සැඟවුණු අවි නොතිබේ යෑයි සහතික විය හැකිද? නිදහස් කිරීමට නියමිත ත්‍රස්‌තයන් ඒකරාශි වී ත්‍රස්‌ත ප්‍රහාරයක් සැලසුම් නොකරනු ඇතැයි විශ්වාස කළ හැකිද? තමන්ට පුනරුත්ථාපනයක් පවා අවශ්‍ය නැතැයි අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තයන් පවසා තිබේ. එසේ නම් ඔවුන්ගේ ඊළඟ අරමුණ කුමක්‌ද?
මොවුන්ගෙන් පිරිසක් අධිකරණය වෙත ගෙන ආ අවස්‌ථාවේ බන්ධනාගාර රියෙන් එළියට පැමිණීමෙන් පසු පැවසූවේ ඊළම් අරගලය අන්හරින්නේ නැති බවයි.
Saturday, 7 November 2015
ජිනීවා යෝජනා ක්‍රියාත්මක වුණොත් දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වෙනවා
ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් සමුළුව කර ඇති යෝජනා මගින් නිර්දේශිත දේශීය යාන්ත්‍රණය පිළිබඳ මේ වන විට විවිධ අදහස් පළවී ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිෂන් වාර්තාවත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිෂන් වාර්තාවත් ප්‍රකාශයට පත් වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා සහ උදලාගම පරණගම කොමිෂන් වාර්තා ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස් කරන විග්‍රහයකි මේ.
එල්.ටී.ටී.ඊ.යට එරෙහිව පැවති මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට නැගෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?
ශ්‍රී ලංකාව විසින් මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී බරපතළ යුද අපරාධ කළ බවට එල්ල කෙරෙන චෝදනාවල කිසිදු පදනමක් නෑ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් මේ එල්ල කරන චෝදනාවලට හේතු වූ කරුණු දෙකක් තිබෙනවා. පළමු කාරණය තමයි රාජපක්‌ෂ රජය මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදීත් ඉන් පසුවත් ඇමරිකාව සහ බටහිර රටවලට අවනත නොවීම. දෙවැන්න ශ්‍රී ලංකාව චීනයට සමීපව කටයුතු කරමින් ඉන්දියන් සාගර කලාපය චීන වාණිජමය මූලස්‌ථානයක් බවට පත්කිරීම.
Subscribe to:
Posts (Atom)