Thursday, 3 December 2015

වැඩ බැරි ටාසන් බ්‍රිතාන්‍ය අගමැති - යුධ හමුදාව අතුගැමේ කොටි මෙහෙයුමේ ................?

තාලිබාන් ත්‍රස්‌තයන් පරාජය කිරීමට නොහැකි වූ බ්‍රිතාන්‍යය රජය
ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට ඉදිරිපත් වීම
ශ්‍රී ලංකාවේ යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌ කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ලබාදීමට තීරණය කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට පුහුණුවක්‌ ලබාදීමටද බ්‍රිතාන්‍ය එකඟ වී තිබේ.
ඇෆ්ගනිස්‌තානයේ තාලිබාන් සංවිධානය හා සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මර්දනය කිරීමට නොහැකි බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලංකාවේ හමුදාවට පුහුණුවක්‌දීමට ඉදිරිපත්වීම විහිලුවක්‌ නොවේද?

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත් කරද්දී බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට යුද අවි හෝ පතරොම් ලබාදීමට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට එවකට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති වූ ඩේවිඩ් මිලිබෑන්ඩ් මෙරටට පැමිණ කොටි නායකත්වය බේරා ගැනීමට ඉදිරිපත් විය. වන්නි මෙහෙයුම ජය ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය ඊළාම් ඩයස්‌ පෝරාවේ ඉල්ලීම් මත බ්‍රිතාන්‍ය රජය ශ්‍රි ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළේය.
එකී චෝදනාවට සම්බන්ධව ජීනීවා යෝජනාව මත ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌ කළ යුතු යෑයි නිර්දේශයක්‌ ඉදිරිපත් විය.

මේ නිර්දේශය මත බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා ස්‌ටර්ලින් මිලියන පවුම් 6.6 ක මුදලක්‌ වසර තුනක්‌ තුළ ලබාදීමට තීරණය කළ බව අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කර ඇත.

එසේම බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා හමුදා නිලධාරියකු පත් කරන අතර යුද හමුදා ප්‍රතිසංවිධානය යටතේ ශ්‍රි ලංකා හමුදා නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍යයේ හමුදා පුහුණු පාඨමාලාවලට පැමිණීමට ඉඩ දෙන බවයි.
මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම යනු භට සංඛ්‍යාව අඩු කිරීමද යන්නයි.
එසේම කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටින හමුදා නිලධාරියා ඉවත් කර නවදිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටින හමුදා නිලධාරියා ශ්‍රි ලංකාවේ කටයුතු සඳහා පත් කරන්නේ කුමකටද?
ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කර එකී චෝදනා විමර්ශනය කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි ප්‍රකාශ කළේද බ්‍රිතාන්‍යයයි.
මෙම පසුබිම මැද ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කළ යුතු යෑයි බ්‍රිතාන්‍යය පැවසීම දැඩි සැකයට කරුණක්‌ නොවන්නේද?