Monday, 19 July 2021

පොලිස්පතිට - පොලිස් ඇමතිට පාදුක්ක පොලිසියේ ස්ත්‍රී දුෂකයින් ඉන්නවද - නැද්ද දැනගන්න මෙන්න පැමිණිල්ල වීඩියෝ එක්ක



මයි මගේ දරු දෙන්නයි ලොකු දුවයි පොඩි දුවයි මහත්තයයි ගියා පාදුක්ක පොලීසියට පැමිණිල්ලක් දාන්න ඒ ගියේ මගේ පොඩි දෙන්නා වට්ස් ඇප් එකේ වැඩ කරනවා ඔන්ලයින්. මගේ දුවට පිරිමි ළමයෙක් එවලා තිබුනා නිරුවත් ෆොටෝ වගයක්. අපි ඒ පිරිමි ළමයා ගැන දන්නේ නැති නිසා ගියා පාදුක්ක පොලීසියට. ගියාම එතන හිටපු රාළහමිලා ඔක්කොම බලලා ඉවර වෙලා කියුවා කාන්තා පොලීසියෙන් නෑ අපිට පහුවදා උදේට එනන් කියලා ඊට පස්සේ පහුවදා මට වැඩට යනන්න තියන නිසා අපි ගියා මිරිහාන පොලීසියට. මිරිහාන පොලීසියේ කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් දැම්මා. දාලා අපි ආපහු ආවා.




මට උදේට වැඩට යන්න තියන නිසා මහත්තයා කියුවා ගිහිල්ලා අපි පාදුක්ක පොලීසියට කියලා යන් අපි මිරිහාන පොලීසියට පැමිණිල්ලක් දැම්මා ආයි එන්න ඔින නෑනේ කියලා මායි මහත්තයයි පොලීසිය ඇතුලට ගිහිල්ලා කියුවා අපි මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් දැම්මා ආයේ පාදුක්කට එනන් ඔින නෑනේ කියලා කියුවා. නෑ නෑ ඔයාලගේ පැමිණිල්ල ලියා ගන්න ඔින කියලා මහත්තයා පුටුවේ ඉන්දවලා ලියුවා. පැමිනිල්ල ලියුවේ අපිට උවමනා විදියට නෙවෙයි. ලියලා ඉවරවෙලා මහත්තයගේ අත්සනත් අරගෙන ලදුපතත් අතට දුන්නට පස්සේ මහත්තයට කියුවා එතන හිටපු විමලසිරි කියන නිළධාරියා ආ උඹ පලයන් කූඩුවට කියලා බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා ලොකු ඉබ්බෙක් දාලා වැහුවා. මට කියුවා ඔතනින් ඉදගන්න කියලා.

මගේ ලොකු දුව එකපාරක් එක්කරගෙන ආවා ගේට්ටුවේ හිටපු රාළහාමි. ඊට පස්සේ චූටි දුව එක්කගෙන ඇවිල්ලා ත්‍රීවිල් එකට යන්න කියලා තිබුනා. ඊට පස්සේ ඒ දෙන්නා එක්ක එතන ඉදගෙන ඉන්න කියුවා. ඊට පස්සේ අපිට වෙච්ච අසාධාරණේ නිසා මහත්තයා කූඩුව ඇතුලේ ඉදලා ටිකක් ආවේගයෙන් කෑ ගැහුවා. කේන්තියයි දුකයි එක්ක ඇයි අපිට මේ වගේ අසාධාරණයක් කරන්නේ කියලා. මහත්තයට ටිකක් සනීප නෑ එයාට ෂුගර් කොලෙස්ට්‍රලෝල් තියනවා. ඒ නිසා එයා කෑගහලා ඉදන් ඉන්න කොට කූඩුවේ තිබුනු වතුර කරාමෙන් වතුර එන්න පටන් ගත්තා ඇරලා තිබිලා. අපි නෙවෙයි ඒ ගොල්ලෝ ඇරලා තිබිලා මුලු රිසව් එක තෙමෙන තරම්ම වතුර ආවා. ඊට පස්සේ ඒ රිසව් එකේ මහත්තයා කියුවා ඔක වහන්න කියලා. මම කියුවා ඔික වහන්න එපා ඔික කැඩුනොත් එහෙම රාජ්‍ය දේපළට හානි කරා කියලා නඩුවක් දායි කියලා. මහත්තයා නිදාගත්තා.