- ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි පෙරේරා විසිනි
ශ්‍රී ලාංකිකයන් අතරින් බහුතරය බෞධයන් බව අවිවාදාත්මක කරුණකි. ඊට අමතරව මෙරට ආගමික සංකලනය ගැන සැලකුවහොත් ක්‍රිස්තියානි හා කතෝලිකයන් මෙන්ම හින්දු සහ ඉස්ලාම් ලබ්ධිකයන්ද දක්නට ලැබේ.එමෙන්ම හොඳින් සොයා බැලුවහොත් නිශ්චිත ආගමක් වැළඳ නොගත් පිරිසක්ද අප අතරම සිටින බව දැන් දැන් පෙනෙන්නට තිබේ.
ආගම ගැන පැරැන්නෝ කියන කථාවක් මගේ මතකයට එයි.
"ආගමක් ධර්මයක් නැති එවුන් ගැන කතාකරල වැඩක්නෑ" යන්නයි ඒ.
මෙයින් කියා සිටින්නේ "ආගමක" හෝ "ධර්මයක" හෝ පිහිටා නොමැති අය ගැනවේ. "ආගම" හා "ධර්මය" අතර වෙනසක් පවතින බව පැරැන්නෝ පවා දැන ගෙන තිබුණු බව සිතා ගැනීමට හැකිවේ. එහෙත් ඒ වෙනස කුමක්ද යන්න මේ අවස්ථාවේ සාකච්චා කිරීමට මම බලාපොරොත්තු නොවෙමි.
කෙසේ වෙතත් ඉහත කි පැරැන්නන්ගේ කියමනේ අනෙක් පැත්ත වන්නේ ආගමක් ධර්මයක් පිළිපදින්නන් ගැන පැරණි සමාජය සුභවාදිව බැලූ බව වේ.