Saturday, 25 July 2015

මුහුදු කොටි නායක බිරිඳගෙන් ටී.එන්.ඒ.එකට ටොක්‌කක්‌


ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිය වූ එස්‌. සිවනේෂන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.ඇය කළ මෙම ප්‍රකාශය ද්‍රවිඩ සන්ධානයට එල්ල වූ අතුල්පහරක්‌ යෑයි දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.පුදුකුඩිඉරිප්පුහි පිහිටි සුසෙයිගේ නිවස රජයෙන් භාර ගැනීමේ අවස්‌ථාවට සහභාගි වූ ඇය මේ බව පවසා ඇත.පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම නිවස භාරදීමේ කටයුතු සිදුවී තිබේ.එස්‌. සිවනේෂන් නැඟෙනහිර කොටි හමුදා නායකයාව සිටි විනයගමූර්ති මුරලිදරන්ගේ (කරුණා) නැඟණියයි. මෙයට පෙර තමිල් සෙල්වන්ගේ බිරිය වූ සසිරේකා ද ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී තිබූ යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත.

No comments:

Post a Comment