Thursday 30 March 2017

Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ...

Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ...: රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාක...

ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ ඩොලර් කාක්‌කෝ

රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ සහ රජයේ ඇමැතිවරයෙක්‌ චෝදනා කර ඇත.එහෙත් ශ්‍රී ලංකාව තුළ නැති අර්බුදයක්‌ මවාපාමින් එම ජාත්‍යන්තරකරණය මෙහෙයුම දියත් කළ පිරිස අපි ජනතාවගේ දැනගැනීමට අනාවරණය කරන්නෙමු මේ එම පිරිසයි.


1. පාක්‍යසෝති සරවනමුත්තු

2. නිමල්කා ප්‍රනාන්දු

3. මන්නාරමේ සබමාලෙයි පියනම

4. ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්

5. ආනන්දි සසිතරන්

6. එස්‌. කේ. සිවාජිලිංගම්

7. මැයි 17 සංවිධානයේ තිරුමාවලන් ගාන්ධි

8. හිටපු කැරළිකරුවකුවූ රංජිත් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටිගේ බිරිය බාබරා ලොග්බිලර්

9. තමිල්නාඩුවේ රාම්දාස්‌

Wednesday 29 March 2017

Lankaway News - මා සවිවර ය : “මා ජිනීවා ගියේ මගේ වගකීම ඉටුකරන්නයි” - රියර් අද්ම...

Lankaway News - මා සවිවර ය : “මා ජිනීවා ගියේ මගේ වගකීම ඉටුකරන්නයි” - රියර් අද්ම...: රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍ර- ඇයි ඔබ ජිනීවා ගියේ? පි- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂ...

“මා ජිනීවා ගියේ මගේ වගකීම ඉටුකරන්නයි” - රියර් අද්මිරාල් සරත් වීරසේකර

රියර් අද්මිරාල් සරත් වීරසේකර
ප්‍ර- ඇයි ඔබ ජිනීවා ගියේ?

පි- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුද අපරාධ කළ බවට චෝදනා කළා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ පදනම් විරහිත කරුණු. 2015 මානව හිමිකම් සමුළුවේ දී සම්මත වූ යෝජනාව පිළිගනිමින් ශ්‍රී ලංකා රජයත් ඒ චෝදනා ගැන හොයන්න භාරගත්තා. ඒ නිසයි දෙමුහුන් අධිකරණයක් මගින් ඒ ගැන විමසන්නට එකඟ වුණේ.

කොටි ඩයස්‍පෝරාවත් මේ චෝදනාව කරනවා. ඇත්තෙන්ම අපේ හමුදාව කළේ කොටි සංවිධානයේ අමානුෂික ග්‍රහණයෙන් අහිංසක දෙමළ ජනතාව මුදාගැනීමයි. මේක කවුරුත් පැහැදිලිව කියන්නේ නැහැ. නමුත් ඒක කියන්න මට යුතුකමක් හා වගකීමක් තියෙනවා. ඒ නිසයි මා ජිනීවා ගියේ.

Lankaway News - මා සවිවර ය : මා 19 ට විරුද්ධව ඡන්දය දුන්නේ ඇයි? රියර් අද්මිරා...

Lankaway News - මා සවිවර ය : මා 19 ට විරුද්ධව ඡන්දය දුන්නේ ඇයි? රියර් අද්මිරා...: පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ...

Lankaway News - මා සවිවර ය : ‘I went to Geneva to fulfill my responsibility’ Re...

Lankaway News - මා සවිවර ය : ‘I went to Geneva to fulfill my responsibility’ Re...:                                                                         Rear Admiral Sarath Weerasekara is a high level naval officer w...

‘I went to Geneva to fulfill my responsibility’ Rear Admiral Sarath Weerasekara says

                                                                       
Rear Admiral Sarath Weerasekara is a high level naval officer who played a major role during the civil war. The former Deputy Minister and former MP recently became a much talked about figure because he went to the United Nations Human Rights Council (UNHRC) in Geneva, Switzerland to counter war crimes allegations levelled against the Sri Lankan military by the UNHRC. He spoke to Rivira from Geneva. Below are excerpts from the discussion.


Q: Why did you go to Geneva?

The UNHRC alleged that the Sri Lankan security forces committed war crimes during the period of the war. It was through baseless information that they founded this allegation. Accepting the Resolution passed in 2015, the Government of Sri Lanka too proceeded to investigate the matter. That is why they agreed to look into the matter by establishing a hybrid court.

මා 19 ට විරුද්ධව ඡන්දය දුන්නේ ඇයි? රියර් අද්මිරාල් සරත් වීරසේකර














පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රී වරයෙකු වශයෙන් මා හට හේතු වූ කරුණු සැකවින් හෝ පැහැදිලි කර දීම මා සතු යුතුකමකි.


මා, අවුරුදු 35ක් නාවික හමුදාවේ ද අවුරුදු 4ක් සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල් වශයෙන්ද පුරා වසර 39ක කාලයක් ශ්‍රී ලංකාවේ භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කිරීම සදහාත් ජාතික ආරක්ෂාව සාක්ෂාත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ සෛවරීභාවය ස්ථාවර කිරීම සඳහාත් කැපවූ කෙනෙකි. මෙතරම් දීර්ඝ කාලයක් එම අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කටයුතු කළ මා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්වීමෙන් පසුව එම අරමුණු වලට එරෙහි කිසිඳු ක්‍රියාමාර්ගයකට අවතීර්න වීමට සූදානම් නැත.