Tuesday 6 March 2018

මහ රෑට පාරේ ඇවිදින්න නිදහස ඕනෑ.. රනිල්ගේ බිරිද පිටකොටුවේ විරෝධතා..





 කාන්තාවන්ට රාත‍්‍රි කාලයේ මහ මග යාමට ආරක්‍ෂාවක් නැති බව පවසමින් ඊයේ රාත‍්‍රියේ කොළඹ විරෝධතාවයක් පැවැත්වින.

පිටකොටුවේ සිට ගාළු මුවදොර දක්වා පැවත් මෙම විරෝදා පා ගමන සංවිධානය කර තිබුනේ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසිනි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ හා නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අැතුළු පිරිසක්ද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.

රටටම හදිසි නීතිය .

Image result for state of emergency cartoon


සමස්ත ශ‍්‍රී ලංකාවට බලපැවැත්වෙන ලෙස හදිසි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බවඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.


මෙම තීරණය ගෙන ඇත්තේ දින දහයක කාලයක් සදහා පමණක් යයිද ඇමතිවරයා කියයි. ඉන් අනතුරුවත් හදිසි නීතිය පවත්වාගෙන යන්නේදැයි ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු කීය.


අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇත.


කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ රට තුල ඇති විය හැකි කලකෝලාහල තත්ත්වයන් වලකා රටතුල නීතිය හා සාමය ස්ථාපිත කිරීමට මෙම පියවර ගත් බවයි.


ජාතිවාදය අවුලන ආකාරයෙන් කටයුතු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පියවර ගැනීමටද තීරණය කල බව ඇමතිවරයා කියයි.


හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය.


ඊයේ පස්වරුවේ සිට අද පෙරවරු 06.00 දක්වා මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර ඉන් පසු තෙල්දෙණියට හා පල්ලෙකැලේ පොලිස් බල ප‍්‍රදේශයන්ට අද පස්වරු 06.00 වන තුරු නැවත පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.