සමස්ත ශ‍්‍රී ලංකාවට බලපැවැත්වෙන ලෙස හදිසි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බවඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ දින දහයක කාලයක් සදහා පමණක් යයිද ඇමතිවරයා කියයි. ඉන් අනතුරුවත් හදිසි නීතිය පවත්වාගෙන යන්නේදැයි ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු කීය.
අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇත.
කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ රට තුල ඇති විය හැකි කලකෝලාහල තත්ත්වයන් වලකා රටතුල නීතිය හා සාමය ස්ථාපිත කිරීමට මෙම පියවර ගත් බවයි.
ජාතිවාදය අවුලන ආකාරයෙන් කටයුතු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පියවර ගැනීමටද තීරණය කල බව ඇමතිවරයා කියයි.
හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය.
ඊයේ පස්වරුවේ සිට අද පෙරවරු 06.00 දක්වා මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර ඉන් පසු තෙල්දෙණියට හා පල්ලෙකැලේ පොලිස් බල ප‍්‍රදේශයන්ට අද පස්වරු 06.00 වන තුරු නැවත පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
No comments:
Post a Comment