The Commission of Inquiry that probed Abductions and Disappearances (better known as the Maxwell Paranagama Commission) has found that it was the LTTE which killed majority of Tamil civilians during the last 12 hours of the final stage of the war, according to the commission report tabled in Parliament.......Paranagama Commission rejects Darusman findings Udalagama Commission ...
Tuesday, 20 October 2015
යුද්ධයේ අවසන් පැය දොළහ තුළදී සිවිල් වැසියන් මැරුවේ එල්.ටී.ටී.ඊ.යයි පරණගම උදලාගම කොමිෂන් කියයි.
යුද්ධයේ අවසන් පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බවට සාක්ෂි හා තොරතුරු මත තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසමේ වාර්තාවේ සඳහන් කර ඇත.

පරණගම කොමිසමේ වාර්තාව
සහ දරුණු ගණයේ මානවහිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිසමේ වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට අමතරව යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ස්වාධීන ස්ථාවර කමිටුවක් පත් කළ යුතු බවටද උදාලාගම කොමිසමේ වාර්තාව නිර්දේශ කර තිබේ. සෙංචෝලේ ළමා නිවාසයේ 51 දෙනකු ඝාතනයවීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 දෙනෙකු ඝාතනයවීම, මූතුර් හි මුස්ලිම් ජාතිකයන් 14ක් ඝාතනයවීම ඇතුළු
සහ දරුණු ගණයේ මානවහිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිසමේ වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට අමතරව යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ස්වාධීන ස්ථාවර කමිටුවක් පත් කළ යුතු බවටද උදාලාගම කොමිසමේ වාර්තාව නිර්දේශ කර තිබේ. සෙංචෝලේ ළමා නිවාසයේ 51 දෙනකු ඝාතනයවීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 දෙනෙකු ඝාතනයවීම, මූතුර් හි මුස්ලිම් ජාතිකයන් 14ක් ඝාතනයවීම ඇතුළු
මන්ත්‍රී චතුර සේනාරත්න යහපාලන පැටියෙක් .....

රාගම පොලීසියේ කාර්යභාර නිලධාරියාට හා සිරමැදිරියේ සිටි සැකකරුවන් පස්දෙනකුට බැණ මරණ තර්ජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා රාගම පොලීසිය දුන් නොතීසියකට අනුව අද (20) අධිකරණයේ පෙනී සිටින ලදී.
2015.09.14 රාගම නගරයේ ඇතිවූ ආරවුලක් මත කපා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන්ට හා පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කළේ යැයි රාගම පොලීසිය ‘බි’ වාර්තාවක් මගින් චතුර සේනාරත්න මහතාට එරෙහිව අධිකරණයට වාර්තා කර තිබුණි.
සැකකාර මන්ත්‍රීවරයාට රාගම පොලීසිය අධිකරණයේ පෙනී සිටීමට නොතීසි භාරදුන් පසු මන්ත්‍රීවරයා රාගම පොලීසියට ගොස් ප්‍රකාශයක් දී ඇත. රාගම පොලීසිය මෙම සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ කථානායකවරයාටද පාර්ලිමේන්තු ලේකම්වරයාටද වාර්තා කළ බව අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත.
රාගම පොලීසිය සමග පැමිණිල්ල වෙනුවෙන් මහින්ද සුගතදාස, ප්‍රසාද් ද සිල්වා යන නීතිඥ මහත්වරු ඇතුළත් කණ්ඩායමක් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් චරිත ජයනාථ, ප්‍රියන්ත රාජපක්ෂ යන නීතිඥ මහත්වරු ඇතුළත් කණ්ඩායමක් පෙනී සිටියහ. නැවත විභාගය නොවැම්බර් 5ට කල් තබන ලදී.
අනේ විජේ මොකද මේ කලබලේ...
සිංහල කියල ජාතියක් තියෙන්නේ කොහෙද කියල අහල මුළු ජාතියකටම කීර්තිනාමයට ප්‍රසිද්ධියේ අපහාස කල ඔබ සමාජ ජාල වෙබ් අඩවි මගින් පුද්ගලයන්ගේ කීර්තිහානි කිරීම වලක්වන්න කඩිමුඩියේ වැඩ .ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වබේ අඩවි ඔස්සේ වන අපරාධ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවිය හැකි නීති සකස් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මූලික අධ්‍යයනයක නිරත වෙමින් සිටීමේ සම්බන්ධයෙන් නීති සකස් වීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව අමාත්‍යාංශයට පෙන්වා දී ඇත්තේ නීති කොමිෂන් සභාවයි. සමාජ ජාල වබේ අඩවි මගින් පුද්ගලයන්ගේ කීර්ති නාමයට හානි කිරීම, මරණ තර්ජන එල්ල කිරීම, සියදිවි නසා ගන්නා තැනට පත් කිරීම ආදී අපරාධ ගනයට වැටෙන වැරදි රැසක් කෙරෙන අතර මේ වනවිටත් එවැනි පැමිණිලි 2000කට වඩා ප්‍රමාණයක් ලැබි ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි. එසේම තෑගි ඔප්පු සම්බන්ධ නීතිය අදට ගැළපෙන ලෙස සංශෝධනය කිරීම, උසාවිවල ඉඩම් නඩු වැනි නඩු කටයුතුවල ප්‍රමාදයෙන් මහජනතාවට වෙන අසීරුතාව වැළැක්වීමට උසාවි කටයුතු කාර්යක්ෂම කිරීමද කළ යුතුව ඇතැයි නීති කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශයට පෙන්වා දී තිබේ. |
Sunday, 4 October 2015
ගඩාපිගේ පන්සීයයි මහින්දගේ මඤ්ඤොක්කා බෙදිල්ලයි ....අද ලංකාවේ ලොකුම කතාව ..
සම්මත වූ යෝජනාවේ 06 වෙනි ක්‍රියාන්විත ඡේදයට අනුව ලංකාවේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත්‍රනය තුළ විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශණ නිළධාරීන් හා නීතීඥයන්ගේ සහභාගීත්වය තිබිය යුතු වේ. 08 වන ක්‍රියාන්විත ඡේදයට අනුව ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා තුළ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන සාමාජිකයන් උසාවියකට ඉදිරිපත් කිරීමට තරම් සාක්‍ෂි නැතත් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කළ යුතු වේ. 04 වන ක්‍රියාන්විත ඡේදයට අනුව ලංකාවේ යුද සමය අලලා බිහි කරන මේ යාන්ත්‍රනයන් වලට විදේශීය රටවල් වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසේ. එයින් සිදු වන්නේ මේ ඊනියා ශ්‍රී ලාංකික යාන්ත්‍රනය විදේශීය බලවතුන්ගේ මුදල් වලින් පවත්වාගෙන යන ආයතන බවට පත්වීමයි.
Subscribe to:
Posts (Atom)