සිංහල කියල ජාතියක් තියෙන්නේ කොහෙද කියල අහල මුළු ජාතියකටම කීර්තිනාමයට ප්‍රසිද්ධියේ අපහාස කල ඔබ සමාජ ජාල වෙබ් අඩවි මගින් පුද්ගලයන්ගේ කීර්තිහානි කිරීම වලක්වන්න කඩිමුඩියේ වැඩ .ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වබේ අඩවි ඔස්සේ වන අපරාධ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවිය හැකි නීති සකස් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මූලික අධ්‍යයනයක නිරත වෙමින් සිටීමේ සම්බන්ධයෙන් නීති සකස් වීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව අමාත්‍යාංශයට පෙන්වා දී ඇත්තේ නීති කොමිෂන් සභාවයි. සමාජ ජාල වබේ අඩවි මගින් පුද්ගලයන්ගේ කීර්ති නාමයට හානි කිරීම, මරණ තර්ජන එල්ල කිරීම, සියදිවි නසා ගන්නා තැනට පත් කිරීම ආදී අපරාධ ගනයට වැටෙන වැරදි රැසක් කෙරෙන අතර මේ වනවිටත් එවැනි පැමිණිලි 2000කට වඩා ප්‍රමාණයක් ලැබි ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි. එසේම තෑගි ඔප්පු සම්බන්ධ නීතිය අදට ගැළපෙන ලෙස සංශෝධනය කිරීම, උසාවිවල ඉඩම් නඩු වැනි නඩු කටයුතුවල ප්‍රමාදයෙන් මහජනතාවට වෙන අසීරුතාව වැළැක්වීමට උසාවි කටයුතු කාර්යක්ෂම කිරීමද කළ යුතුව ඇතැයි නීති කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශයට පෙන්වා දී තිබේ. |
Tuesday, 20 October 2015
අනේ විජේ මොකද මේ කලබලේ...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment