
රාගම පොලීසියේ කාර්යභාර නිලධාරියාට හා සිරමැදිරියේ සිටි සැකකරුවන් පස්දෙනකුට බැණ මරණ තර්ජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා රාගම පොලීසිය දුන් නොතීසියකට අනුව අද (20) අධිකරණයේ පෙනී සිටින ලදී.
2015.09.14 රාගම නගරයේ ඇතිවූ ආරවුලක් මත කපා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන්ට හා පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කළේ යැයි රාගම පොලීසිය ‘බි’ වාර්තාවක් මගින් චතුර සේනාරත්න මහතාට එරෙහිව අධිකරණයට වාර්තා කර තිබුණි.
සැකකාර මන්ත්‍රීවරයාට රාගම පොලීසිය අධිකරණයේ පෙනී සිටීමට නොතීසි භාරදුන් පසු මන්ත්‍රීවරයා රාගම පොලීසියට ගොස් ප්‍රකාශයක් දී ඇත. රාගම පොලීසිය මෙම සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ කථානායකවරයාටද පාර්ලිමේන්තු ලේකම්වරයාටද වාර්තා කළ බව අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත.
රාගම පොලීසිය සමග පැමිණිල්ල වෙනුවෙන් මහින්ද සුගතදාස, ප්‍රසාද් ද සිල්වා යන නීතිඥ මහත්වරු ඇතුළත් කණ්ඩායමක් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් චරිත ජයනාථ, ප්‍රියන්ත රාජපක්ෂ යන නීතිඥ මහත්වරු ඇතුළත් කණ්ඩායමක් පෙනී සිටියහ. නැවත විභාගය නොවැම්බර් 5ට කල් තබන ලදී.
No comments:
Post a Comment