සංහිඳියාවේ දිග පළල

මේ ආණ්ඩුව දිගින් දිගට ම කියන්නෙ පහුගිය රාජපක්‍ෂ රෙජිමයට ඇතිකරන්න බැරිවුන සංහිඳියාව ඒ අය ඇතිකරනවා කියලා. මේ රටට එන ඊනියා ජාත්‍යන්තර නියෝජිතයනුත් සංහිඳියාවේ අගය ගැන කතාකරනවා. සංහිඳියාව ඇතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපට කියලා දෙනවා. ඒ අතර බලය තව තවත් විමධ්‍යගත කළ යුතුව කියලාත් කියනවා. ඒත් මේ කවුරුවත් සංහිඳියාව කියන්නෙ මේකයි කියලා කියන්නෙ නැහැ.
මේ ආණ්ඩුව මෙච්චර කියන්නෙ, බටහිරයන් අපට කියන්නෙ ගිය ආණ්ඩුවේ සංහිඳියාවක් තිබුණෙ නැහැු කියන එක විතරක් නොවෙයි. පහුගිය ආණ්ඩුව සංහිඳියාව ඇතිකරන්න මුකුත් කෙළේ නැහැ කියලත් කියනවා. එහෙනම් අපට ලෙහෙසියි සංහිඳියාව කියන්නෙ මොකක් ද කියලා තේරුම් ගන්න. පහුගිය ආණ්ඩුවෙන් නොකරපු මේ ආණ්ඩුවෙන් කරලා තියන, වෙලා තියෙන දේවල් ගැන කල්පනා කරන කොට ඒ සංහිඳියාව පැහැදිලි වෙනවා.