Monday 17 August 2015

මහින්දට මඩ ගසන NGO පත්‍රිකා වලට ඉඩදී -කුරුණෑගල පොලිසිය මර නින්දේ


හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කළ පොතක්‌ හා පත්‍රිකා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය පුරා බෙදාහැර ඇතැයි හිටපු ඇමැති සාලින්ද දිසානායක මහතා පැවැසීය.

යකල්ලේ එක්‌තරා සංවිධානයක්‌ සම්බන්ධ පුද්ගලයකු විසින් මෙම මඩ පොත හා පත්‍රිකා බෙදාහැරීමේ මූලිකයා ලෙස කටයුතු කරන බවද දිසානායක මහතා කීය.

හිටපු ජනාධිපතිවරයාට ඉතාමත් අසාධාරණ අයුරින් සිදුවූ මෙම අකටයුත්ත පිළිබඳව තමා ගොකරැල්ල පොලිසිය හා මැතිවරණ කොමසාරිස්‌වරයා දැනුවත් කළ ද ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක්‌ හෝ ඊට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගැනීමක්‌ ඊයේ (16 වැනිදා) සවස්‌ වනතුරු සිදු නොවූ බවද දිසානායක මහතා සඳහන් කළේය.

නිදහස්‌ හා සාධාරණ මැතිවරණයකට බාධා කරමින් සිදුවූ මෙම ක්‍රියාව තමා දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බවද රාජ්‍ය නොවන සංවිධානවලට මෙලෙස හැසිරීමට ඉඩ ලැබීම ගැන තමා බලවත් සේ කනගාටුවට පත්වන බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment