Thursday 20 September 2018

ලංකා ආණ්ඩුව ජනතාවට කොලේ වසා ගහන්න හදන පලාලි එයාර් පොර්ට් ගේම් එක ඇමති නිමල් ගේ පට්ට බොරු වලට තවත් නොරැවටෙනු . ලංකා ආණ්ඩුව නොදැනගෙන ඉන්දියාව පලාලි වලට කඩිමුඩියේ වාර්තා හදන්නේ පිස්සුවටද ..?

ඉන්දියානු රජයට අයත් ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය Airport Authority of India (AAI)එරට විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් කළා. ඒ ශ්‍රී ලංකාවේ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ  සම්පුර්න සවිස්තරාත්මක ව්‍යාපෘතියක් සකස් කිරීමේ වැඩ පිළිවෙලටයි . ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සිය සේවා කටයුතු වඩාත් පුළුල් විශ්වාසදායි ජාත්‍යන්තර ව්‍යාපෘති වෙත යොමුවීමේ  වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක කෙරේ . මෙම ගිවිසුමට අත්සන් තැබීම පසුගිය  සැප්තැම්බර් 17 වනදා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්යාංශයේ හා  ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම්  සංජේ පන්ඩා (Sanjay Panda, Joint Secretary, Indian Ocean Region, India's Ministry of External Affairs)සහ ඉන්දීය ගුවන් තොටුපල අධිකාරියේ ඉඩම් කළමනාකරණ හා ව්‍යාපාර සංවර්ධන  විධායක අධ්‍යක්ෂ  අනිල්ගුප්තා (Anil Gupta, Executive Director (Land Management & Business Development), AAI)

අතර සිදුවුණා .
මෙහිදී අදහස් දැක්වූ විධායක අධ්‍යක්ෂ අනිල් ගුප්තා  ඉන්දියාවේ ගුවන් තොටුපොල 120 කට වැඩි සංඛ්‍යාවක් තම ආයතනය මගින් මෙහෙයවන්නේ යැයි පැවසුවා . නාගරික තදාසන්න හා තදාසන්න නොවන ගුවන්තොටුපොළ 60 ක ට අධික සංඛ්‍යාවක්  ඉන්දියාව තුල සංවර්ධනය කිරීමට ද  තම අධිකාරිය සමත්ව තිබෙන බවද ඔහු පෙන්වා දුන්නා .  අපගේ මීළඟ ඉලක්කය හා අරමුණ ඉන්දියාවෙන් පිට  වඩාත් විශ්වාසදායි ජාත්‍යන්තර ව්‍යපෘති වලට යොමු වීම බව කියා සිටි  අනිල් ගුප්තා එහි පළමු පියවර ශ්‍රී ලංකාවේ පලාලි යෙන් අරඹන බව ප්‍රකාශ කළා .  ව්‍යාපෘති වාර්තාව මාස 3 ක් වැනි කෙටි කාලයක් තුල නිමකිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. වීඩියෝ

සැප්තැම්බර් 18 වනදා ඇමති නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පලාලි ගුවන්තොටුපොළ කිසිම ලෙසකින් වෙනත් රටක් වෙත සම්බන්ධ නොකරන බවයි . අඩුම තරමින් සංවර්ධන කටයුත්තකට හෝ එවැන්නක් සිදුනොව්වන බවයි ඔහු පාර්ලිමේන්තුවේ කියා සිටියේ. 



 ඉන්දියානු ආධාර යටතේ පලාලි , කන්කසන්තුරෙයි එයාපෝර්ට් අපි සංවර්ධනය කරන්නේ රනිල් වික්‍රමසිංහ කියයි . (වීඩියෝ)

No comments:

Post a Comment