ඉන්දියානු රජයට අයත් ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය Airport Authority of India (AAI)එරට විදේශ කටයුතු අමාත්යංශය සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් කළා. ඒ ශ්රී ලංකාවේ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ සම්පුර්න සවිස්තරාත්මක ව්යාපෘතියක් සකස් කිරීමේ වැඩ පිළිවෙලටයි . ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සිය සේවා කටයුතු වඩාත් පුළුල් විශ්වාසදායි ජාත්යන්තර ව්යාපෘති වෙත යොමුවීමේ වැඩසටහනක් ලෙස එය ක්රියාත්මක කෙරේ . මෙම ගිවිසුමට අත්සන් තැබීම පසුගිය සැප්තැම්බර් 17 වනදා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්යාංශයේ හා ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම් සංජේ පන්ඩා (Sanjay Panda, Joint Secretary, Indian Ocean Region, India's Ministry of External Affairs)සහ ඉන්දීය ගුවන් තොටුපල අධිකාරියේ ඉඩම් කළමනාකරණ හා ව්යාපාර සංවර්ධන විධායක අධ්යක්ෂ අනිල්ගුප්තා (Anil Gupta, Executive Director (Land Management & Business Development), AAI)

