අමුතු කතා අනවශ්‍ය මිනිස්සු පිරිසක් ඕනෑම රටක ඉන්නවා. ගෙදර එදිනෙදා හමුවෙමින් එකට ජීවත්වන සමීප ඥාතීන් මෙන් ඔවුන් ඒ රටේ මිනිස්සුන්ට එතරම් සමීපයි. වසන්ති චතුරාණි සම්බන්ධවත් අමුතු විශේෂ කතා අවශ්‍ය වන්නෙ නැත්තේ ඇය එතරම්ම මේ රටේ කලාව ප්‍රිය කරන හැම සහෘදයෙක්ගෙ බන්ධුවරියක් වීම නිසා.
තමන්ගෙ මුල්ම සිනමා කෘතිය වූ ‘ගැහැණු ළමයි‘ රංගනය වෙනුවෙන් ඕ. සී. අයි .සී හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබන ඇය ඉන් අනතුරුව අනේක වාරයක් සම්මානිත වෙනවා. එතැන් සිට සිනමාවේ කතාබහට ලක්වන විශිෂ්ඨ චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණයෙන් අසීමිත රසික ප්‍රසාදයට ලක් වූ සිංහල සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් බඳු ඇය අදත් කලා ක්ෂේත්‍රයේ සක්‍රීයව ඉන්නවා.
රසඳුන වෙනුවෙන් ‘කලෙකට පසුව‘ ඇය අපට හමුවුණා. අරමුණ මේ ප්‍රභූ කලාකාරිනියගේ මතක අතර සැඟවී ඇති අරුමය සොය යෑමයි... මේ පිළිසඳර අරඹමින් ඇය හඬ අවදි කළා.
"1975 මම සිනමාවට සම්බන්ධ වන්නේ කරුණාසේන ජයලත් ගේ ‘ගැහැනු ළමයි‘ නවකතාව ඇසුරෙන් සුමිත්‍රා පීරිස් මුලින්ම අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි‘ චිත්‍රපටයෙන්. එහි කුසුම් ගේ චරිතය නිරූපණය කරන්න ඇය පාසල්වලට ගිහින් ළමයි හොයලා තියෙනවා. නමුත් කොළඹ පාසල්වල මේ චරිතයට ගැළපෙන ගැහැනු ළමයෙක් එතුමියට මුණගැසී නැහැ.
මගේ පාසල වුණේ ගම්පහ සිරිකුරුස කන්‍යාරාමය. දිනක් සුමිත්‍රා පිරිස් වෙනත් කටයුත්තකට ගම්පහ පැමිණි විට අපේ පාසලට ආවා. එතුමිය ඇවිත් තිබුණෙ විවේක කාලය ඇරඹුණු වෙලාවක. ඇය පැමිණි වගක් මා දැනගෙන හිටියෙ නෑ. විදුහල්පති කාමරය වටේ ළමයි එකතු වෙලා හිටියා. මාත් නිකම් ගිහින් එබිලා බැලුවා. සුමිත්‍රා පීරිස් මැඩම් මට මුලින්ම මුණ ගැහුණේ එදා. ඇය මාව දැකලා කතා කළා. මගෙන් ඇහුවා රඟපාන්න කැමතිද කියලා. ඒ වෙලාවේ මම ඇයට කිව්වා ගෙදරින් අවසර ගත්තොත් මම කැමතියි කියලා.
‘ගැහැනු ළමයි‘ චිත්‍රපටය මම රඟපාන්නේ මගේ පාසලේත් අවසර ඇතිව සාමාන්‍ය පෙළ පන්තියේ දී . රූගත කිරීම් කළේ පාසලේ නිවාඩු දවස්වල. ඒ හරිම ලස්සන දවස්. "