පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයෙ දැක්ම මනාව ක්‍රියාත්මක කරනවා. ජනපති ගෝඨාභය ජාතිය අමතයි.
කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු මොහෝතකට පෙර ප්‍රකාශ කළේය.මේ අරමුණු ඉටුකර ගැනීමට බුද්ධිමත් ජනතාව තමාටත් තම රජයටත් දිගටම සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසූ ජනාධිපතිවරයා රටට සෞභාග්‍ය උදාකර ගත හැක්කේ සියලු දෙනා නිසි සැලැස්මක් ඇතිව වෙහෙස වී වැඩ කළහොත් පමණකැයි ද සඳහන් කළේය .
සම්පූර්ණ කතාව දිගුව මෙතැනින්
රටේ ජනගහනයෙන් එක් කෝටි තිස් ලක්ෂයකට මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බවත් වයස 30ට වැඩි සියලු දෙනාද මේ කාලයේදී එන්නත්කරණයට ලක්කරන බවත් ඔහු පැවසුවේය.
ජනතාව තමා ජනාධිපති තනතුරට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතුව බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා මොන තරම් බරපතළ ප්‍රශ්න මැද්දේ වුවත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට තමා බැඳී සිටින බවද අවධාරණය කළේය.

