Sunday 27 June 2021

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත තැපැල් භාණ්ඩ යැවීම - 2021 ජුලි 01 වනදා සිට සංශෝධනය කර ඇත

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධව යුරෝපා සංගමය ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිපත්ති 2021 ජුලි 01 වනදා සිට සංශෝධනය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව 2021.07.01 වැනි දින සිට තැපැල් පාරිභෝගිකයන්,අන්තර්ජාල මගින් අලෙවි කටයුතුවල නිරතවන්නන් හා අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන (ලිපි හැර) සියළු තැපැල් භාණ්ඩ සඳහා බදු ප්‍රතිපත්ති අදාළ වන බව දැනුම් දී තිබේ.

No comments:

Post a Comment