Thursday 7 March 2019

මන්නාරම් සමුහ මිනී වලේ ඇටකටු මුතු කිමිදුමට ඉන්දියාවෙන් ගෙන්වූ පරවා කතෝලිකයින්ගේ.

                        අද ලැබුණු ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාර වාර්තා අනුව
                  මන්නාරම මිනිස් ඇටකටු ක්‍රි.ව 1400 ත් 1650 අතර බවට ඔප්පු වෙයි. 

                        -------------පළමු හෙළිදරව්ව අපෙන්-------------------- 

                                        මෙන්න ඉතිහාස කතාව කියවන්න.


  -Dhakshina Bodhinayake
පෘතුග්‍රීසීන් තම පාලන කාලය තුල (1505 - 1658) මන්නාරමේ මුතු කිමිදීමේ කටයුතු තම ආධිපත්‍යට නතුකිරීමට ක්‍රියා කළා. ඒ සඳහා ඉන්දියාවෙන් "පරවා" (පාණ්ඩ්‍යයන් භාරත කුල) කතෝලිකයින් ගෙන ආ බව සඳහන්.
    කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී කණ්ඩායමක් වූ සීතාවක රාජධානියේ කණ්ඩායමක් සමඟ ද යාපනය රාජධානියේ සමීප සම්බන්ධතා පැවත තිබෙනවා.
https://www.facebook.com/dhakshinabodhinayake
තවත් පැත්තකින් යාපනය රාජධානියේ දැඩි බලපෑම් රෝමාණු කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම්වලට එරෙහිව එල්ල වුණි.මිෂනාරීන්ගේ ක්‍රියාකාරීත්වය පෘතුග්‍රීසි ඕනෑ  එපාකම් ඉටුකිරීමය.කන්ද උඩරට රාජධානියට දකුණු ඉන්දීය යුද ආධාර ලබාදීමේ සම්බන්ධීකරණ ය යාපනය රාජධානිය හරහා සිදුවීම ද  පෘතුග්‍රීසීන්ට දැඩි ගැටලුවක් ව පැවතුණා.

   මේ අතරතුර සීතාවක රාජධානියේ කණ්ඩායමක්ද  කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී කණ්ඩායමක් ව සිටීමත්  ඔවුන් යාපනය රාජධානියේ උදව් උපකාර ලබාගැනීමත් පෘතුග්‍රීසීන් හා  යාපනය රාජධානිය අතර විරසකය තීව්‍ර කළා. එසේම  ලන්දේසීන් රට තුලට ඇතුළුවීමේදී ඔවුන්ට යාපනය රාජධානිය ආරක්‍ෂිත ස්ථානයක් වන බව ද පෘතුග්‍රීසින් කල්පනා කළා .
Colonial era Map of the Jaffna kingdom 
   මේ ආකාරයට පෘතුග්‍රීසි හා යාපනය රාජධානියේ අර්බුදය එවකට යාපනය රාජධානිය කල සංකිලි රජු
(1519 -1565) උත්සන්න වෙනවා. සංකිලි රජු පෘතුග්‍රීසි සම්බන්ධතා නවතා දමනවා. එහි ප්‍රතිපලයක් ලෙස මුතු කිමිදුමේ යෙදවීමට පෘතුග්‍රීසීන් විසින් ඉන්දියාවෙන් ගෙනා පරවා කතෝලිකයින් දහසක් පමණ මරා දමනවා.ඒ ඝාතනය සිදුවන්නේ මන්නාරම් දුපතෙදී.
   මන්නාරම සමුහ මිනී වල පිළිබඳව ලංකාව පුරා දැඩි ආන්දෝලාත්මක කතා බහක් වුණා.එය දේශපාලන  මාතෘකාවක් ලෙසද ඉහලටම පැමිණියා. තවත් පැත්තකින් ඊට ජාත්‍යන්තර අවධානය යොමු කර ගැනීම  ඉතා පහසු කරුණක් විය.
   කොටි හිතවාදී එල්ටීටීඊ ඩයස්පෝරාවේ ජාත්‍යන්තර කණ්ඩායම් වලට මන්නාරම සමුහ මිනී වල ලොකු අස්වැසිල්ලක් වුණා. තම මතය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා මන්නාරම සමුහ මිනී වළෙන් මතුවූ මිනිස් අස්ථි කොටස් සියල්ල එල්ටීටීඊ යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකා හමුදා විසින් ඝාතනය කොට සමහර අවස්ථාවලදී පණපිටින් වළදැමූ මිනිස් සමූහයක මිනිස් ඇටකටු සමූහයක් හැටියට මේ පණිවුඩය ඔවුන්  ජාත්‍යන්තරයට අරගෙන ගියා.
   මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවේදීන් වාර්තාකරුවන් නිරන්තර ඇස යොමු කළා.  මන්නාරම සමුහ  මිනී වල  භූමියට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් පැමිණ ඒ පිළිබඳව විවිධ වාර්තා වීඩියෝ චිත්‍රපට සකස් කරන්නට වුණා. නමුත්  දැන් තත්ත්වය ඊට හාත්පසින් වෙනස් ප්‍රතිඵලයක් කරා ගෙන ගොස් තිබෙනවා.
   

    මන්නාරම සමුහ මිනී වලේ  ඇටකටු පරීක්ෂා කිරීම සඳහා එහි කාල නිර්ණය ගණනය කර තහවුරු කරගැනීම සඳහා ඇමෙරිකානු කාබන් පරීක්ෂණ වාර්තා වලට යොමු කළා. දැන් ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තා වලට අනුව මේ සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්  වර්ෂ 1400 සහ 1650 අතර කාලයට අයත් බව අනාවරණය වී තිබෙන්නේ carbon පරීක්ෂාව වෙනුවෙන්  ෆ්ලොරිඩා රසායනාගාරය රසානාගාර වෙත යැවූ සාම්පලවල වාර්තාව  අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් ලෙස ප්‍රසිද්ධ කෙරුණි. දැනට සමූහ මිනී වලෙන් පුද්ගයින් 342 ක් පමණ අයත් වේ අස්ථි කොටස් හමුවී තිබෙනවා. @dhakshinabodhi

No comments:

Post a Comment