-දක්ෂිණ බෝධිනායක විසිනි
ලොව පුරා දිනකට දල වශයෙන් කාන්තාවන් 137 දෙනෙකු මියයන්නේ සිය සැමියා,සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු විසින් ඝාතනයට ලක් කිරීමෙනි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව එම කරුණ තහවුරු වෙයි.
ඔවුන් පවසන්නේ එය නිවස හා ආසන්න වට පිටාව "කාන්තාවක් ඝාතනය කිරීමට වඩාත් සුදුසු ස්ථානයක්" බවට පත්ව ඇති බවයි.
වාර්තා වන අයුරු අපරාධ නිසා 2017 දී මිය ගිය කාන්තාවන් ගණන 87,000 කි. ඉන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ඔවුන්ගේ හවුල් කරුවන් හෝ පවුලේ සමීපතමයින් සම්බන්ධ වීමෙනි.


No comments:
Post a Comment