Wednesday 30 September 2015

පසුගිය වසර තිහ පුරා පැවති යුද වාතාරණය මධ්‍යයේ පවා එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කර ගැනීමට අප රට සමත් විය


ජනපති කළ සම්පූර්ණ කතාව පහතින්..‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දීර්ඝ කාලීන සාමාජිකයකු වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස මහා මණ්ඩලයේ වාර්ෂික සමුළුව මෙලෙස අමතන්නේ ඉමහත් වූ සතුටකිනි.
මොගන්ස් ලිකෙටොෆ් මැතිතුමනි, 70 වැනි මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ ඔබතුමාට මාගේ හෘදයංගම සුභ පැතුම් පිරිනමමි. එමෙන් ම, 69 වැනි සැසිවාරයේ සභාපතිවරයා වශයෙන්, සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ, සෑම් කුටේසා මැතිතුමන්ට ද මාගේ ස්තුතිය පිරිනමමි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 70 වැනි වසරට පා තබා තිබේ. එම ගෙවුණු වසර 70 ක කාලය තුළ, ලෝක ජනතාවගේ සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය ඇතුළු අතිශය භාරධූර හා අභියෝගාත්මක ක්‍රියාවලියක එක්සත් ජාතීන් අඛණ්ඩව නිරත වූ බව අවිවාදිත ය. එම අභියෝග අදටත් අප හමුවේ පවතින බව මම සිහිපත් කරමි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක මහලේකම්වරයා වූ ට්‍රිග්වි ලී මහතා, කොරියානු යුද්ධය උත්සන්නව පැවති 1953 දී සිය ධුරයෙන් සමු ගන්නා මොහොතේ දී මහ ලේකම් ධුරයේ ස්වභාවය හැඳින්වූයේ “The most impossible job in the world” යනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමස්ත මනුෂ්‍ය සංහතියෙහි ම අනාගතය සිය කර මත දරා සිටිය හැකි විශ්වීය සංවිධානයක් බවට පත් කිරීමට සියලු මහ ලේකම්වරුවන්ගේ පූර්ණ දායකත්වය ලැබුණු බව නොරහසකි. වර්තමාන මහ ලේකම් ධු‍රය ‍හොබවන බැන් කී මූන් මහතා ද එවන් අද්විතීය මෙහෙවරක් ඉටු කරන බව මාගේ විශ්වාසයයි. බැන් කී මූන් මැතිතුමනි, ඒ වෙනුවෙන්, මාගේ සහ මාගේ ජනතාවගේ උපහාරය පිළිගන්නා මෙන් ඉල්ලා සිටිමි.
සභාපතිතුමනි, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා මේ වන විට වසර හැටකි. මගේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයකි.
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු සියලු ජාත්‍යන්තර සම්මුතීන් සහ ගිවිසුම්වලට ගරු කරන රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මූලික පරමාර්ථයක් වන්නේ මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීමයි. ශ්‍රී ලංකා ජනරජය‍ එම වගකීම් නොපිරිහෙලා ඉටු කරනු ඇති බව මෙහිලා ප්‍රකාශ කරමි. ඒ සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් සහ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෙහිලා සඳහන් කරන්නෙමු‍.

රනිල්-මෛත්‍රී රට "යහනක්" කරගෙන "මධු සාමය" ගත කරද්දී කොටි ත්‍රස්තවාදයේ ජාත්‍යන්තරව කෙතරම් ප්‍රබලව ක්‍රියාත්මක වේද ..? ජිනීවා මානව හිමිකම් වෙත සිය ශක්තිය පෙන්වන කොටි හිතවාදීන් ..ත්‍රස්තවාදය නැසූ උන් පෝරකයට යවන්න රට කරවන උන් උඩගෙඩි දෙද්දී .. රුසියාව , චීනය , පාකිස්තානය ඇතුළු රටවල් ඊට විරුද්ධත්වය පළකර සිටියදී .. රනිල් මංගල එකතුවී රට පාවා දෙන්න යන්නේ ඇයි...?https://youtu.be/B7U6VRfKx2w

ඇමරිකාවේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන අවස්ථාව සජීවීව නරබන්න . එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට ගෙන එන සජීවී විකාශයට සම්බන්ධ වීමට මේ ලින්ක් එක ක්ලික් කරන්න .

Live 30th Regular session of the Human Rights Council ජිනිවා මානව හිමිකම් සමුළුවේදී අද (30) අදහස් දැක්වීම දැන් සජීවීව නරබන්න .

Saturday 12 September 2015

දුර්ගන්ධය සහ චන්ද්‍රිකාගේ වචාලභාවය













මීට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉන්දියාවේ ‘’ද හින්දු ‘’ පුවත්පතට කර තිබූ ප්‍රකාශය සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්දදායකයින්ගේ අවධානයට යොමුවිය යුතුය. කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක් මෙන්ම අදටත් මධ්‍යම කාරකසභිකයකු හා අනුශාසකවරියක් වන නිසා එතුමිය පිටරට සංචාරවලදී විදෙස් මාධ්‍යයට කරන ප්‍රකාශ අපගේ පක්ෂයට පමණක් නොව රටටත් සෘජු ලෙස බලපාන බව නොකිවමනාය. එතුමිය ‘’ද හින්දු ‘’ පුවත්පතට දුන් ප්‍රකාශය පුරාම මාගේ නායකත්වය යටතේ තිබූ ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුව පරාජය කරවීමට හැකි වීම ගැන ප්‍රීතිය ප්‍රකාශ කර තිබූ අතර ඒ සදහා කරන ලද කුමන්ත්‍රණය තුල එතුමියගේ කාර්යභාරය ගැන ද තලුමරමින් විස්තර කොට තිබුණි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ හෝ භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයකු හෝ වත්මන් මධ්‍යම කාරක සභිකයකු හෝ අනුශාසකවරයකු තමාගේ පක්ෂයේ පරාජය ගැන ප්‍රීතිය ප්‍රකාශ කිරිමක් ඉන්දියාවේ නම් කිසිදාක සිදුවන්නේ නැත. අසල්වැසි රටකට ගොස් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් කුමාරතුංග මැතිණිය තම පක්ෂය ගැනත් රට ගැනත් ලෝකයට දෙන පණිවුඩය කුමක් ද?

Wednesday 9 September 2015

කේ.පී.ට තිබෙන චෝදනා මෙන්න











ශන්මුගම් කුමාරන් පද්මනාදන් යනුවෙන් කීවාට රටුන්ට ඔහුගේ වගතුග හෝ රූපකාය මතකයට නොඑන බව සහතිකය. එනමුත් කේ.පී. යනුවෙන් කීවා නම් ඔහු ගැන නොදන්නා අයෙක් ලංකාවේ නැති තරම්ය. ඒ ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ නායකයා වූයේ ඔහු බැවිනි. කේ.පී. රට්ටු අතරේ ප්‍රසිද්ධියට පත්වූයේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වීම නිසාම නොවේ. ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේදී ඔහු ලොව ප්‍රකට චරිතයකි. ඊට හේතු වූයේ එල්.ටී.ටී.ඊ. ය නමැති ගොඩනැගිල්ල සෑදී තිබුණේ ප්‍රභාකරන් කේ.පී. හා ‍පොට්ටු අම්මාන් යන කුලුනු තුන මත නිසායි.
ප්‍රභාකරන් මෙන්ම කේ.පී. කුඩා කළ සිට සමීප මිතුරෝය. ඒ මිතුරුකම් දිග පළල කෙතරම්ද කිවහොත් ප්‍රභා මදිවදිනි විවාහ කරගත් දවසේ ඔහුගේ දෙවැනි මනමාලයා වූයේ කේ.පී.ය.
එල්.ටී.ටී.ඊ.යේ ආරම්භක සාමාජිකයකු වූ කේ.පී. පසුකලක එම සංවිධානයේ ජාත්‍යන්තර අවි සැපයුම්කරු විය. ඔහු ජාත්‍යන්තර ‍පොලීසියට අවශ්‍යව සිටින වරෙන්තුකරුවෙකි.
ප්‍රංශයේ ලියෝන් නගරයේ පිහිටි ජාත්‍යන්තර ‍පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති රතු වරෙන්තුකරුවන් අතර ත්‍රස්ත ක්‍රියා සහ විවිධාකාර අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලාංකීය අපරාධකරුවෝ 10 දෙනෙක් සිටිති. ඒ අය අතර දෙමළ ජාතිකයෝ 06 දෙනෙක්ද, මුස්ලිම් ජාතිකයෝ 04 දෙනෙක්ද සිටිති. ශන්මුගම් කුමාරන් තර්මලිංගම් හෙවත් කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී ද සිටින්නේ ඒ ගොඩේය. ඉන්දියාවට ඔහුව අවශ්‍යව ඇත්තේ ඉන්දීයාවේ හිටපු අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙනි.
තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුර්හීදී 1991මැයි 29 වෙනිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකොට රජිව් ගාන්ධි ඝාතනය කරනුයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදීය.