පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසන් සභාවක් පත්කර එම ජනතාවට යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු තමන් මුන ගැසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.
ලාභ ප‍්‍රයෝජන බලන්නේ නැතුව අවංකව ජනතාවට සත්‍ය දැනගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස නායකත්වයෙන් ඉතා ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.
නායකයින් පිට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න යැයි තමන් කළ දේශනයේදී ජනාධිපති, අගමැති යැයි කියා ප‍්‍රකාශ නොකළ බවත් ජනාධිපතිවරයා එය පිළිගත්තේ නම් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.