Monday 19 August 2019

රනිලුයි මමයි ඔක්තෝම්බර් 15 පස්සේ රට යන්නේ පලාලියෙන් - විජයකලා සපථ කරයි.


ඔක්තෝබර් 15 වැනිදා වන විට අනිවාර්යෙන්ම යාපනය පලාලි ගුවන් තොටුපළේ සිට විදේශ රටවල්වලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තීරණය කළ බව අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පැවසුවාය.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පලාලි ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව අර්ජුන රණතුංග අමාත්‍යවරයා හා අනෙක් සියලූ බලධාරීන් සමග සාකච්ඡුාවක් පැවැත්වූ බවත් එම සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් අමාත්‍යවරිය කීවාය.
විශේෂයෙන්ම මේ සාකච්ඡුාව පවත්වන ලද්දේ පලාලි ගුවන් තොටුපළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව එහි ප‍්‍රගතිය පිළිබඳව කරුණු සලකා බැලීමට බව කී රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් ඒ සියලූ දෙනාගේ අදහස් විමසීමෙන් පසුව ඔක්තෝබර් මස 15 වැනිදා වන විට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කළ බවද කියා සිටියාය.

No comments:

Post a Comment