Sunday, 16 August 2020

සිහරජ වන උරුම කපාගෙන ලංකාගම දෙනියාය පාර කැපීම යළි..? හමුදා ඩෝසර් වැඩට බසී. ජනපති - පරිසර ඇමති මේ ගැන දන්නවාද ?




- පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් විසිනි 

ලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීම මේ වන විට යුධ හමුදාව මගින් සිදු කරමින් සිටියි. යුද හමුදාව විසින් දැනට විනාශ කරමින් යන ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ ප්‍රේරණ කළාපයට හා සිංහරාජ ලෝක උරුමයට අති විශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර භාවිතා කරමින් මේ වන විට මෙම මාර්ගය ඉදිකරමින් සිටියි.


යුද හමුදාව විසින් ඉදිකරන ලංකාගම දෙණියාය මාර්ගය 2013 වර්ෂයේද ඉදිකිරීමට උත්සහ ගත් මාර්ගයකි.

ඒ වන විට මෙම මාර්ගය දෙණියාය දෙසට තවදුරටත් කැපෙන විට සිංහරාජ ලොක උරුමයට දැඩි හානි පැමිණෙන නිසාවෙන් 2013 නොවැම්බර් මස මෙම මාර්ගය සකස් කිරීම ආරම්භ කරන විට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් ලෝක උරුම යුනිස්කෝ කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එවකට රජයට කල බලපෑම නිසා ලංකාගම සිංහරාජ මාර්ගය ඉදිකිරිම වසර අටක් පමණ අත්හිටුවා තිබුනි .

නමුත් 2020.07.30 වන දින මෙම මාර්ගය ඉදිකිරිමට අවශ්‍ය උපදෙස් ආරක්ෂක අංශ වෙත ලබාදීමෙන් අනතුරුව මාර්ග සැකසීමට අවශ්‍ය යන්ත්‍රසුත්‍ර ලංකාගම ප්‍රදේශයට ගෙනවිත් දමන ලදී .

2013 වර්ෂයේ දී ලංකාගම පිහිටි සිංහරාජ ලෝක උරුම වනාන්තරය අසලින් වැටී ඇති පාරේ සිට කිලෝමීටර් 1 පමණ යන විය වාහාන ගමන් කල හැකි මාර්ගය අවසන් වී එතනින් ඔබිබට තබුණේ අඩි පාරකිග 2013 නෙවැම්බර් මසදි එම අඩි පාර තවත් පුලුල් කරමින් කිලෝ මිටර් 02 පමණ මාර්ගයක් වනාන්තරය දෙසට කපමහින් සිටියදි එය නවතා ගැනීමට අපට හැකි විය.

නමුත් එසේ ලොක් උරුම කාර්යාලයේද විරෝධය මත නවතා දැමුණ මාර්ගය යුධ හමුදාවේ සේවකයින් යොදාගන අද වන නැවත ඉදි කරමින් ඇත. මෙම මාර්ගය නැවත ඉදි කරන්නේ කරන්නේ ලංකාවේ වැසි වනානතරවලින්ම ඉතාමත් ඉහළ පාරිසරික පද්ධතියක් හා ජෛව විවිධත්වයක් ඇති ලෝක උරුම සිංහරාජයට හා එහි ප්‍රේරණ කලාපයට හානි කරමිනි.

සිංහරාජය හරහා නෙයෙක් අයුරින් මිනිසුන් පෙරදී අඩි පාරවල් සාදා ගෙන තමන්ගේ ගමන් බිමන් ගියමේ ද වන විට ප්‍රවාහන පද්ධති පුළුල් වීමත් සමග එවන් අඩි පාරවල් භාවිතාවට ගන්නේ නැත. එමෙන්ම දෙණියායේ සිට නෙලුව දෙසට යාමට කාපටි සහිත පුලුල් මාර්ගයක් මේ වන විට ඇත. එම නිසා ජනතාවට මෙම මාර්ගය ඉදිකිරීමෙන් සෙතක් නොවන අතර 2013 වර්ෂයේ සැළසුමි කර තිබු හොටල් ව්‍යාපෘතිය සදහා අවශ්‍ය පහසුකමි සළසා ගැනීම සදහා මෙම මාර්ගය ඉදිවන බව පැහැදිළිව දැකගත හැකිය.

මෙවන් සංවේදී කලාපයක මාර්ගය තබා ගසක්වත් බිම හෙළිමට වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව කිසිදු හැකියාවක් නොමැති නිසාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු දැනුවත් භාවයකින් හෝ අවසරයකින් තෙරව මෙම මාර්ගය ඉදි කිරීම සිදු කරගෙන යනු ලබයි .

එමෙන්ම ඕනෑම සංවර්ධන කටයුත්තකදී අනුමත කරගත යුතු පරිසර තක්සේරු වාර්ථාවක් මෙම මාර්ගය සදහා අනුමතකරගන නොමැති අතර ලෝක උරුම වනාන්තරයක් වැනසීම සදහා ඒවැන්නක් අනුමත කිරීමේ අයිතියක් ජාතික පාරිසරික පනත අනුව මධ්‍යම පරිසර අධිකාරියට නොමැත.

ඒ අනුව ලංකාවේ පාරිසරික නීතිය මෙන්ම යුනෙස්කො ලෝක උරුම එකගතාවයද කඩ කරමින් වර්තමාන රජය මෙම පාරිසරික සංවේදී කලාපය විනාශ කර ඇත.

සිංහරාජය ලෝක උරුමයක් ලෙසත් මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් ලෙසත් ප්‍රකට සිංහරාජය හෙක්ටයාර 8864ක් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හදුන්වනු ලබන මෙම සිංහරාජ වනාන්තරය එහි ඇති ජෛව විද්‍යත්මක වටිනාකම හා දුර්ලභ වන ගහනය නිසා 1988 වසරේදී යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත්කර ඇත.

සිංහරාජයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 11,187 පමණ වන අතර පරිවාර වනාන්තර ගණනාවකින්ද මෙම බිම සමන්විත වේ. උතුරින් නාපොළ දොල හා කොස්ගුලන ගගෙනුත් දකුණින් මහදොළ ගිං ගගෙනුත් බටහිරින් කළුන්දාව ඇළ සහ පිට කැළේ ගගෙනුත් නැගෙනහිරින් බ්රෂ්වුඩි ප්‍රදේශයෙනුත් සමස්ථ සිංහරාජය ආවරණය වී ඇති අතර ගාල්ල,රත්නපුර, මාතර යන දිස්ත්‍රික්ක පුරා මෙම වැසි වනානතරය විහිදී ඇත.

5% කට වැඩි ආවේණික ක්ෂීරපායින් සහ සමනලුන්ට වාසස්ථානයක් මෙන්ම 70% ක් පමණ ආවේණික ශාක විවිධත්වයක් සිංහරාජය තුළ දැකගත හැකිය. උතුරින් නාපොල දොල හා කොස්ගුලන ගඟෙනුත් දකුණින් මහදොළ හා ගිං ගඟෙනුත් බටහිරින් කළුදොල ඇළ හා පිට කැලේ ගඟෙනුත් නැගෙනහිරින් බ්රවුෂ්වුඩ් ප්‍රදේශයෙනුත් සමස්ථ සිංහරාජයේ ආරක්ෂිත ප්‍රදේශය ආවරණය වී ඇති අතර මෙය රත්නපුර, ගාල්ල, මාතර, කලුතර යන දිස්ත්‍රික්ක පුරා පැතිරී පවතී.

එහෙත් අදවන විට සිංහරාජ පරිසර පද්ධතිය දැවැන්ත ලෙස ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු වී ඇත. විශාල වශයෙන් සිදුවන දැව ජාවාරම්, ජාන මංකොල්ලය, වල්ලපට්ටා කැපීම, මැණික් පතල් හෑරීම, අනවසර වැලි ගොඩ දැමීම් ඇතුලු නීති විරෝධී ක්‍රියාවන් තවමත් මෙහි සිදුවෙමින් පවතී.
සිංහරාජයේ වළංකන්ද තණබොල කෙළසීම සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද තණබොල ප්‍රදේශයේ මේ වන විට අධික ලෙස පරිසර හානියක් සිදු කරමින් පවතී. 1970 ට පෙර කොස්ගම පිහිටි තුනී ලෑලි සමාගමට ප්‍රධාන ලෙස දැව සැපවූයේ සිංහරාජ වනාන්තරයෙනි. පසුව මෙය ලෝක උරුමයක් වූ අතර එහි දැව කැපීම, ශාකවලට හානි කිරීම, සතුන් දඩයම් කිරීම හෝ සිංහරාජයට හානි වන කිසිදු ක්‍රියාවක් කිරීම තහනම් විය.

මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව එවන් ක්‍රියාවන් සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්ට හැකියාව තිබියදිත් ඔවුන්ද ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි. පසුගිය 2018 ජුලි 18 වන දින රජවත්ත ප්‍රදේශයෙන් ඇල්ලූ දැව තොගයද කිසිදු පරීක්ෂණයකින් තොරව පොලීසිය විසින් නිදහස් කරන ලද අතර එයට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද සම්බන්ධ වී තිබුණි. එසේම වනාන්තරය තුළ සිදුවන වල්ලපට්ටා කැපීමද 2020 මේ වන විටත් බහුලව සිදු වෙමින් පවතී.

මේ සම්බන්ධව අදාළ බලධාරීන් කොතෙක් දැනුවත් කළද මෙම ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් තවමත් සිදුවෙමින් පවතී. එසේම මෙම ජාවාරම්කරුවන් තවමත් නිදැල්ලේ වෙසෙමින් තම ජාවාරම් රිසි සේ සිදුකරනු ලබයි.

සිංහරාජයේ කුඩුමිරිස වනාන්තර විනාශය

පරිවාර වනාන්තර ගණනාවකින් යුත් සිංහරාජ වනාන්තරයේ විශාල ශාක විවිධත්වයක් දැකගත හැකිය. එසේ පරිවාර වනාන්තරයක් වූ කුඩුමිරිස වැසි වනාන්තර කලාපයට මායිම්ව ඇති වනාන්තරය අද වන විට කිසිදු අවසරයකින් තොරව එළිකිරීම හා මහා පරිමාණ වල්ලපට්ටා ජාවාරම මෙන්ම මේ වන විට අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ගස් විනාශ කිරීමද ආරම්භ කර ඇත. ගස් විද ඒවා තුළට විෂ රසායනික ද්‍රව්‍ය ඇතුල් කරමින් මෙම මහා පරිමාණ වන විනාශය සිදු කරමින් පවතී. එසේම මෙම ප්‍රදේශය ජල පෝෂක කලාපයක් වන අතර විෂ රසායනික ජලයට එකතු වීම නිසා උල්පත් ජලය ද පරිභෝජනය කළ නොහැකි තත්ත්වයක් බවට පත් වී ඇත. වල්ලපට්ටා වගා කරන මුවාවෙන් මෙම මහා පරිමාණ වන විනාශය සිදු කරයි. මෙම මහා පරිමාණ ජාවාරම පිළිබද පොලීසිය දැනුවත් කළද කිසිදු නිලධාරියකු පැමිණ තිබුනේද නැත. වගකිව යුතු සියලු ආයතන අනුගමනය කරන නිහඬ පිළිවෙත නිසා රක්ෂිතය ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයට ලක් වී ඇත. එසේම වරින් වර සිදු කරන මැදිහත් වීම් නිසා තාවකාලිකව මෙම ක්‍රියාකලාපයන් නතර කලද ස්ථිර වශයෙන් මෙයද නවත්වා නොමැත.

ලංකාගම සිට දෙණියාය දක්වා ඉදිවන මාර්ගය වර්තමාන රජයේ අවශ්‍යතාවය මත සිදුවන ක්‍රියාකරකමකි. ඊට අමතරව සිංහරාජ වනාන්තරය හා අවට ප්‍රදේශවල මෙලෙස ජාවාරම් විශාල වශයෙන් සිදු වුණද පැවති කිසිදු රජයක් හො වර්තමානයේ බලයට පැමිණි මෙම රජය හෝ මේ විනාශයන් නවතා දැමිමට මැදිහත් වනවා වෙනුවට සිංහරාජ ලෝක උරුමය වනසන අයුරු දැක ගත හැකිය.

Credit: Lankanewsweb

No comments:

Post a Comment