Monday 19 November 2018

පාර්ලිමේන්තුව කැඳවීම් නීති විරෝධියි.රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

ජනාධිපතිවරයා විසින් විසුරුවන ලද පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු යලි කැඳවීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් වන අතර කතානායක, නීතිපති, පාර්ලිමේන්තු මහ ලේකම් මෙහි වග උත්තරකරුවන් කර තිබේ. 
පෙත්සම්කරු සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරවීමේ නියෝගය අත්හිටුවීම පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කර ඇති බවත් එවන් තත්වයකදී පාර්ලිමේන්තුව කැදවීම නීති විරෝධී බවයි.

පුරවැසියකු ලෙස ගොනු කර ඇති මෙම පෙත්සම මගින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ බලතල යටත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඉකුත් 14 වැනිදා යළි කැදවා ඇති බවත් එලෙස එය කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට හෝ නීතිපතිවරයාට බලයක් නොමැති බවයි.
එසේ කැදවීම තුළින් තමා ඇතුළු ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් , එමගින් තම අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කරන නියෝග ලබා දෙන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. එසේම පාර්ලිමේන්තුව කැදවීමට මහ ලේකම්වරයාට බලයක් නැති බවට ප්‍රකාශ කරන්නැයි ද පෙත්සමේ සඳහන් වේ.

No comments:

Post a Comment