Friday 14 August 2020

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන්



වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස කිරීම සම්බන්ධයෙන් එදා මුලින්ම හඬ අවදි කළේ වත්මන් අගමැතිවරයා බැවින් මේ අවස්ථාවේ එය ඉතාම පහසුවෙන් ඉටු කර ගත හැකි බව වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් මහතා පැවසීය.


තමට ලැබුණු ධූරය වතු කම්කරු ජනතාවටත්, සමස්ථ ශ්‍රී ලංකා වාසී ජනතාවටත් සේවය කිරීමට යොදා ගන්නා බවද ඒ මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමිනි. මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි, ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මර්දපානී රාමේෂ්වරන්, උප සභාපති නීතිඥ කේ. මාරියමුත්තු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සෙල්වසාමි තිරුකේෂ්වරම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාජදොරේ, සියලු උප සභාපතිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ලංකා කම්කරු කොංග්‍රසයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

No comments:

Post a Comment