Saturday 30 January 2016

කොටින්ට ජාතිය පාවාදෙන නිගන්ටයෝ




ලංකා හමුදාවට එරෙහි 'හයිබ්‍රිඩ්' උසාවියක්‌ අනිවාර්යයෙන්ම පිහිටුවිය යුතු යෑයි කෙරෙන ඉල්ලීම දැන් යළිත් වරක්‌ මතුවී ඇත. මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ලබන සතියේදී මෙරටට පැමිණෙන අවස්‌ථාවේ මේ ඉල්ලීම කරන්නේ කවුද?


ඒ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්, ඊලාම් ඩයස්‌පෝරාවේ අරමුදල් මත යෑපෙන හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා, ඇමරිකාවේ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය, ඇමරිකාවේ ටැග් නමැති ඊළාම් සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කැම්පේන්  පීස්‌ ඇන්ඩ් ජස්‌ටිස්‌a නමැති රාජ්‍ය නොවන සංවිධානය හා ගෝලීය ද්‍රවිඩ සංසදයයි.

එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට හයිබ්‍රිඩ් උසාවියක්‌ අවශ්‍ය නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බී. බී. සී. සහ අල්ජසීsරා රූපවාහිනිs සේවාවන්ට ප්‍රකාශ කිරීමත් සමගම එම සංවිධාන දැඩි කෝපයට පත් විය. අපේ හයිබ්‍රිඩ් උසාවිය දෙදරා ගියා යෑයි ඊළාම්වාදීහු කියා සිටියහ.

"හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කරන බවට රජය ජිනීවා නුවරදී පොරොන්දු වුණා. එම පොරොන්දුව කඩ කරමින් හයිබ්‍රිඩ් උසාවියක්‌ අවශ්‍ය නැහැ යෑයි දැන් පවසනවා. මේ නිසා මම කම්පනයට පත් වුණා" යෑයි ජාත්‍යන්තර සත්‍ය සාධාරණත්වය නමැති රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිහිටුවා ගෙන සිටින යස්‌මින් සුකා කියා සිටියාය.

යුද අපරාධ චෝදනා ගැන අන්තර්ජාතික පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ක්‍රියා නොකළ හොත් විපතට පත් වූවන්ට 'යුක්‌තිය' හිමිවන්නේ නැති බවද දකුණු අප්‍රිකානු ජාතික යස්‌මින් සුකා පළ කළාය. චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ගේ නම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කර නැතැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවසා ඇති බව සඳහන් කළ ඇය එම නම් ඉදිරිපත් කරන්නේ හයිබ්‍රිඩ් අධිකරණයට බවත් අවශ්‍ය තරම් තොරතුරු තිබෙන බවද අනාවරණය කළාය.

යස්‌මින් සුකා කළ මෙම හෙළිදරව්වෙන් තහවුරු වන්නේ යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්ගේ නම් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය සතුව තිබෙන අතර ඇය එම නම් දන්නා බවයි.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය සතු රහස්‌ ඇයට ලැබුණේ කෙසේද යන්නයි. මෙය එක්‌සත් ජාතීන්ගේ රහස්‍ය බව මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි.

මෙලෙස ශ්‍රී ලංකාව තුළ හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කිරීමට ඇය දැඩි උත්සාහයක්‌ ගනිද්දී චැනල් 4 රූපවාහිනියේ නිෂ්පාදක ජෝන් ස්‌නෝ මෙරටට පැමිණියේය. ඔහු සංචාරක වීසා බලපත්‍රයක්‌ මත මෙරටට පැමිණියේ යාපනයේ සාහිත්‍ය උත්සවය වාර්තා කිරීමේ අරමුණෙනි. යාපනය පුස්‌තකාල ශ්‍රවනාගාරයේ පැවැති සමුළුවක්‌ ඇමතූ මේ චැනල් 4ක්‍රියාකාරියා මෙලෙස පැවසීය." ද්‍රවිඩ ජනතාව උතුරේ සමෘද්ධිමත් ජීවිතයක්‌ ගත කළා. නමුත් ඔවුන් දැන් දුකින් සිටිනවා. ඔවුන්ගේ නිවාස විනාශ කර දමලා. මේ ජනතාවට යුක්‌තිය ලැබිය යුතුයි. ඔවුන්ගේ ඉඩම් ආපසු දිය යුතුයි.

ජෝන් ස්‌නෝ පොදුරද සමුළුව පැවැති සමයේ චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සමඟ මෙරටට පැමිණ යාපනයට ගියේය. ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලය සඳහා යාපනයේදී කොටි හිතවාදින්ගෙන් පෙත්සම් හා පැමිණිලි එකතු කළේ ස්‌නෝ නමැත්තායි. ඔහු යළිත් වරක්‌ මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව තමන් මෙහෙයුමක්‌ ආරම්භ කිරීම සඳහා බව පැහැදිලිය. සංචාරක වීසා බලපත්‍රයක්‌ මත පැමිණි ස්‌නෝට යාපනයට ගොස්‌ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මන්ත්‍රණ ඇමතීමට හා යුද හමුදාව අල්ලාගත් ඉඩම්වලින් යනු යෑයි ප්‍රකාශ කිරීමට නොහැකිය. එහෙත් අද පවතින තත්ත්වය මත උතුරේ බුද්ධි අංශවලට සිදුවී ඇත්තේ ජෝන් ස්‌නෝ වැනි ශ්‍රී ලංකාවට එරෙහි ෙද්‍රdaහීන් උතුරේ ජනතාව ඇවිස්‌සීම සඳහා දියත් කර ඇති මෙහෙයුම් හමුවේ බලා සිටීමයි.

යාපනයේ ප්‍රදේශ කීපයක සැරිසරමින් බෙදුම්වාදීන් හමුවූ මෙම චැනල් 4 නිෂ්පාදකයා තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත. "හමුදාව අද සෑම තැනකම සිටිනවා ඉඩම් අක්‌කර දස දහස්‌ ගණනක්‌ අල්ලාගෙන තිබෙනවා. ඔවුන් වෙළෙඳ ව්‍යාපාර රැසක්‌ පවරා ගත්තා. ශ්‍රී ලංකාවේ වැදගත්ම ධීවර වරාය වූ මයිලඩ්ඩි වරාය පවා හමුදාව පාලනය කරනවා. දිගින් දිගටම හමුදාව සිටීම නිසා මානව හිමිකම් උල්ලංඝනය මෙන්ම රට පුරා 1,20,000 ක හමුදා භටයන් සිටින අතර බ්‍රිතාන්‍යයේ මෙවැනි විශාල හමුදාවක්‌ නැහැ.. මේ සතියේදී මා බොහෝ දෙනකුගේ ඇස්‌වල කඳුළු දුටුවා."

ජෝන් ස්‌නෝ යාපනයේදී කර ඇති මෙම ප්‍රකාශය මෙරට ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස මැදිහත්වීමකි. ශ්‍රී ලංකා යුද හමුදාව යාපනයෙන් ඉවත්ව යා යුතු යෑයි පැවසීමට ඔහුට කිසිදු හිමිකමක්‌ නැති අතර ඔහුගේ ක්‍රියාදාමය ආගමන නීතිරීති උල්ලංඝනය කිරීමකි. මේ පසුබිම මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිටින ඇමරිකානු තානාපති කෙයිත්

 හාපර්බරපතළ ප්‍රකාශයක්‌ කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හයිබ්‍රිඩ් උසාවියක්‌ අවශ්‍ය නැතැයි පවසද්දී හාපර් පසුගිය සඳුදා ජිනීවා සිට ටූවිටර් වෙබ් අඩවිය ඔස්‌සේ ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවන් අවශ්‍ය බව කියා සිටියේය.

එම පිළිවෙත වෙනස්‌ කර නැතැයි ද හාපර් තවදුරටත් සඳහන් කර ඇත. එහෙත් ජනාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය සමග පැවැති තෙවැනි සාකච්ඡාවේදී විදේශ විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කිරීම ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ අතර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ ශ්‍රී ලංකා සංචාරය බරපතළ විවේචනාත්මක තත්ත්වයක්‌ ගන්නා බව යුරෝපා තානාපති ඩේවිඩ් ඩේ ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රඥප්ති 27 ක්‌ සඳහා කටයුතු කළ යුතු බවද ඔහු දක්‌වා තිබේ.

මෙලෙස විදේශ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කර වන්නි හමුදා නායකත්වයට දඬුවම් කිරීමට ඇමරිකාව ප්‍රමුඛ ඊළාම් ඩයස්‌පෝරාව උත්සාහ ගන්නා අවස්‌ථාවේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා ස්‌වයංපාලන හිමිකම ඉල්ලා ඇත.

මුලතිව්හි පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්‌වීම ඇමතූ විග්නේශ්වරන් උතුර සහ දකුණ කිසි දිනෙක සම්මුතියක්‌ මත කටයුතු නොකරන නිසා උතුරට ස්‌වයංපාලනය අවශ්‍ය යෑයි කීවේය. විග්නේශ්වරන් මෙම ප්‍රකාශය කරන අවස්‌ථාවේ පෙඩරල් ක්‍රමය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් ස්‌කොට්‌ලන්තය බලා ගොස්‌ ඇත.

එසේම උතුරු මහ ඇමැති විග්නේශ්වරන් යාපනයේ කටයුතු සඳහා විදේශ රටවලට සෘජුව අමතන බව හෙළි වී තිබේ. ඔහු මේ සතියේදී තමිල්නාඩු වාණිජ මණ්‌ඩලයේ කණ්‌ඩායමකට යාපනයට පැමිණෙන ලෙස ආරයුම් කර තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාව පවත්වන යුද අපරාධ පරීක්‍ෂණයකට ජාත්‍යන්තර විනිසුරුවරුන් අවශ්‍ය බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහිව ෙද්‍රdaහි ක්‍රියා රැසක්‌ සිදු කළ ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම රජය පසුගියදා ඉවත් කර තිබුණි. මෙවන් පසුබිමක්‌ මැද කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි හඬක්‌ නැගෙන්නේ නැත.

යුරෝපා සංගමයද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව හයිබ්‍රිඩ් උසාවියක්‌ යෝජනා කරද්දී කොසවෝ විමුක්‌ති සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන සෙවීමට හේග් නුවර අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය වී ඇත.

විමුක්‌ති භටයන් නමින් හඳුන්වන සටන්කාමීන් යුද අපරාධ සිදු කර ඇති බවට වාර්තා වීම නිසා යුක්‌තිය ඉටු කළ යුතු බව ඩෙන්මාර්ක්‌ විදේශ ඇමැති බර්ටි තෙන්ඩර්ස්‌ පවසා තිබේ. කොටි ත්‍රස්‌තවාදීන්ව ද හඳුන්වනු ලැබුවේ විමුක්‌ති සටන්කාමීන් ලෙසිනි. එසේනම් කොටින්ට එරෙහි හයිබ්‍රිඩ් උසාවියක අවශ්‍යතාවය මතුවී ඇත.

මහ බැංකු බෝම්බ ප්‍රහාරය, නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බය, කොටුව දුම්රියපොළේ බෝම්බ පිපිරීම, දෙහිවල දුම්රිය බෝම්බ පිපිරීම, පිලියන්දල - ගල්කිස්‌ස, වැලිවේරිය බෝම්බ පිපිරීම, කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බ පිපිරීම, මරදාන රාජගිරිය ත්‍රස්‌ත ප්‍රහාර වැනි ත්‍රස්‌ත ක්‍රියා සම්බන්ධයෙන් විපතට පත් වූවන්ගේ ඥතීන්ට අද වනතුරු යුක්‌තිය ඉටු වී නැත. එහෙත් මෙරටට පැමිණෙන එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් මෙන්ම බටහිර රටවල නියෝජිතයන් ද පවසන්නේ උතුරේ ද්‍රවිඩයන්ට යුක්‌තිය ඉටු විය යුතු බවයි.

මෙකී කොටි ත්‍රස්‌ත ප්‍රහාරවලට ගොදුරුවූවන්ගේa ඥතීන් පැවරූ නඩුවක්‌ ඇමරිකාවේ නිව්ජර්සි අධිකරණය හමුවේ ගොනු කර ඇත.

මේ අතර පසුගිය " දිවයින ඉරිදා සංග්‍රහයෙන්" මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මෙරට අතිශයින් රහසිගත දිගු දුර විහිදුම් බලකාය හා විශේෂ බලකාය සම්බන්ධ තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා සිටිමේ පුවත විශේෂයෙන් හෙළි කළෙමු. මේ ගැන හිටපු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියකු වූ සරත් වීරසේකර විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කර ඇත. එහිදී ඒ ගැන ප්‍රතිචාරය දැක්‌වූ ජනාධිපතිවරයා යුද හමුදාවට සම්බන්aධ රහසිගත තොරතුරු මානව හිමිකම් කොමසාරිස්‌ වෙත සපයන්නේ නැතැයි කියා සිටියේය. මේ පසුබිම මැද කොටි සංවිධානයේ නිවේදිකාවක්‌ වූ ඉසිප්‍රියා පිළිබඳ චිත්‍රපටයක්‌ නිපද වූ තමිල්නාඩු අධ්‍යක්‍ෂක ගනේෂන්ට එරෙහිව ඇගේ මව සහ නැගණිය විසින් මදුරාසි මහාධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කර ඇත. පොර්කුලන්තික්‌ ඔරුපු නමින් හඳුන්වන මෙම චිත්‍රපටය මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක ප්‍රදර්ශනය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ වසින් අවසර දී තිබුණි. 







ශ්‍රී ලංකා යුද හමුදාව වධහිංසා පමුණුවා මෙම කොටි නිවේදිකාව ඝාතනය කළ බව එකී චිත්‍රපටයෙන් පිළිබිඹු කර ඇත. ප්‍රංශ ඊළම් සම්බන්ධිකරණ කමිටුව විසින් මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ගනේෂ් නමැත්තාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවට ගෙන්වා දේශනයක්‌ ද පවත්වනු ලැබීය.

ගනේෂ් එහිදී විදේශිකයන් අමතමින් දේශනයක්‌ කළේ ඉසිප්‍රියාගේ ඝාතනය දුටු අයුරිනි. ඉසිප්‍රියා චිත්‍රපටය මානව හිමිකම් කවුන්සිල ශාලාවේ තිරගත වන අවස්‌ථාවේ ඉන්දීය රැඟුම්පාලක මණ්‌ඩලය එය කොටි චිත්‍රපටයක්‌ බවට නිගමනය කර ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබුණි. ඉසිප්‍රියාගේ මව සහ නැගණිය සිය පෙත්සමින් දක්‌වා තිබුණේ ගනේශ් නමැත්තා බොරු රැසක්‌ පවසමින් එකී චිත්‍රපටය නිර්මාණය කර ඇති බවත් ඔහුගේ අරමුණ ලාභ ගැනීම බවත්ය. මේ අනුව පෙබරවාරි 4 වැනිදා මදුරාසි මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගනේශ්ට නියෝග කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සිට බෝට්‌ටුවකින් ඔස්‌ටේ්‍රලියාවට පැනගිය මඩකලපුවේ ද්‍රවිඩ ක්‍රියාකාරියකු යෑයි හඳුන්වා ගත් සසිකරන් පුන්‍යමූර්ති නමැත්තා කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්‌ථාවේ රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබේ.

සිව් වසරකට පෙර තමාට මරණ තර්ජන එල්ලවූ බව ඔහු පවසා තිබේ. ඕස්‌ටේ්‍රලියාවේදී මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ බව පවසන සසිකරන් නමැත්තා මෙරටින් පැනගියේ නීතිවිරෝධී ලෙසිනි. දැන් මොහු තමාගේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව කියා සිටි.

උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සංසදය ද තම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා ඇතුළත් විය යුතු යෝජනා හෙළි කර ඇත.

උතුරේ වරායන්, ගුවන්තොටුපලවල් සහ මූල්‍ය බලතල ද ඇතුළත් පෙඩරල් ක්‍රමයක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත්විය යුතු බව එකී සංසදය සඳහන් කර තිබේ. මෙසේ තවත් අපූරු යෝජනාවක්‌ ද නිර්දේශ කර ඇත. සරණාගතයන් දස ලක්‍ෂයකට ප්‍රජා අයිතිය දිය යුතු බවත් එකී අයිතිය උතුරු නැගෙහිර පෙඩරල් රජයට ලැබිය යුතු බවත් විග්නේශ්වරන්ගේ දෙමළ සංසදය සඳහන් කර තිබේ. මෙම යෝජනා උතුරේ ජනතාවට හෙළි කිරීමේ සමුළුවක්‌ ජනවාරි 31 දා (අද) යාපනයේ විශ්වවිද්‍යාලයේ පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

මේ ඉල්ලීම්වලින් හෙළි වන සැබෑ යථාර්ථය නම් ඊළම් රාජ්‍යයකට මග පාදා ගැනීම නොවේද?

මේ අතර චැනල් 4 නිෂ්පාදක ජෝන් ස්‌නෝ යාපනයේ අධි ආරක්‍ෂක කලාපයේ පිහිටි මයිලඩ්ඩි වරායට පිවිසීමට දැරූ උත්සාහය ආරක්‍ෂක බලධාරීන් විසින් ව්‍යර්ථ කරන ලදී. මොහු සතුව දේශපාලකයකු නිකුත් කළ ලිපියක්‌ ද තිබූ බව උතුරේ ආරංචි මාර්ග හෙළි කළේය.

No comments:

Post a Comment