Sunday 31 January 2016

මේ ආණ්ඩුවේ ගොන් වැඩක් - සහල් පිටි හදන්න අඩු මිලට වී දීලා පාඩුව රු. ලක්‍ෂ 1680 ක්‌


වී අලෙවි මණ්‌ඩලය විසින් පසුගිය යල කන්නයේ මිලට ගත් වී මෙටි්‍රක්‌ ටොන් හයදහසක්‌ වේයන්ගොඩ ප්‍රදේශයේ සහල් පිටි නිපදවන පුද්ගලික සමාගමකට අඩු මිලට ලබාදීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 1680 ක පාඩුවක්‌ සිදුවන බව වී අලෙවි මණ්‌ඩලයේ ආරංචි මාර්ග පවසයි.
වී අලෙවි මණ්‌ඩලය විසින් අදාළ වී තොග පසුගිය යල කන්නයේ කිලෝව රුපියල් පනහ බැගින් මිලදී ගත් අතර අදාළ සහල් පිටි සැකසුම් සමාගමට වී කිලෝව ලබාදෙන්නේ රුපියල් 22 බැගිනි. අදාළ වී ටොන් හයදහස එම සමාගමට රුපියල් 22 බැගින් ලබාදෙන ලෙස නියෝග කර ඇත්තේ ආණ්‌ඩුවේ ඉහළ පෙළේ උපදේශකවරයකු විසිනි.

පසුගිය යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්‌ඩලය රුපියල් මිලියන අටදහසක්‌ වැය කළේය.

No comments:

Post a Comment