Saturday 30 January 2016

යමපාලනය සහා දේශපාලන ජාතිවාදය




"දේශපාලන ජාතිවාදය" සදහා ජාතීන් අතර සමගියක් ලංකා පොළොව මත නැතැයි පුල පුලා කවුරුන් හෝ විසින් කීම අමූලික බොරුවකි .

ලංකා පොලොව මත සියලු ජාතීන් සමගියෙන් ජීවත් වේ . එය සමස්ත ලෝකයටම ආදර්ශයකි . ජාතීන් අතර සමගිය නැතිකර අවුල් , ඇතිකර ඇත්තේ දේශපාලකයින් සිය කූට උපායයන් සාක්ෂාත් කරගන්නටය . ඒ සදහා නැති ප්‍රශ්න හදා වීසි කරමින් ජනතාව කුපිත කරමින් , රවටමින් , උසිගන්වමින් කටයුතු කර ඇත්තේ සිහ හම් පොරවා ගත සිගාල කුල දේශපාලනඥයින්ය. මෑතකාලීන නිදසුන් කිහිපයක් ගන්න . 1977 මහ චන්දයෙන් පසු ඒ වසරේ අගෝස්තුවේ ඇතිවූ කලබල පසුපස හිටියේ කවුද ? ජාතික සම්පතක් බඳු යාපනය මහා පුස්තකාලයට ගිනිතැබුවේ කවුද ? එවකට පාර්ලිමේන්තුවේ දෙමළ මිනිසුන්ට ඕනි දේවල් කරන්න ඉන්දියාවට පලයල්ලා කිවුවේ කවුද ? 1983 කළු ජූලියට දේශපාලන නායකත්වය දුන්නේ කවුද ? එපමණක් නොවේ චන්ද්‍රිකා -හිටපු ජනාධිපතිවරිය විසින් කරන ආනන්ද - නාලන්ද හෝ වෙනයම් සිංහල බොද්ධ හෝ පාසල් පිළිබඳව කරන කතාවම එක්තරා නැති ප්‍රශ්න ඇති කිරීමක්ම නොවන්නේද ? අද රටට අවැසි වන්නේ සුපැහැදිලි සංවර්ධන වැඩසටහනක්ය .එදාවේල කන්න අමාරුවෙන් ජීවත්වන දුප්පත් අහිංසක සිංහල දෙමල මුස්ලිම් මේ ආදී ලංකා පොලොව මත ජීවත්වන සියළු ජාතීන් ගේ හෙට දවස ශක්තිමත් කරන රටේ වටිනාකම් හඳුනාගත් පැහැදිලි දැක්මක් , වැඩපිළිවෙලක්, හා ඒ පිළිබඳ කථා , සාකච්චා සහිත දේශපාලන නායකත්වයක් , හා සරිලන දේශපලකයින්ය . නැතහොත් තම විකෘති කාමාශාවන් සංතෘප්ත කරන උන්ට කැබිනට් ඇමතිකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර පිරිනමන අගමැතිවරුවත් , රටේ මිනිස්සු අති බහුතරය බස් එකේ කෝචිචියේ උදේට වැඩට එන්න දුවන - පොරකන - මිරිකෙන කොට ඒ වෙලාවට කෙල්ලෝ කොල්ලෝ දෙතුන්දෙනෙක් ඉස්සරහ සංගීතෙට ඇබැ රෙන්න දගලන ජනාධිපතිවරු හෝ ඒ ලඟින් ඉන්න දේශපාලන අනාතයින් වත් නොවන බව අවදාරණය කරමි .

No comments:

Post a Comment