Friday 14 August 2020

නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ

 


මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වන සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී දේශයක්, ඵලදායී පුරවැසියන්, සතුටින් ජීවත් වන පවුලක්, නිවැරැදි සමාජයක් නිර්මාණය වීමේ මූලික අඩිතාලම අධ්‍යාපනය බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.


කුසලතා වර්ධන දශකය යථාර්ථයක් බවට පත් කරමින්, තම අමාත්‍යාංශයේ සියලුම ආයතන හොඳින් කළමනාකරණය කර කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යන බවද අරඹේපොළ මහත්මිය අවධාරණය කළාය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ඊයේ (14) සිය ධූරයේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළාය. එම අමාත්‍යාංශ කාර්යාලයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයයේ රාජකාරි ආරම්භ කළ රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා. මෙය යථාර්ථයක් බවට පත් කිරීමට අමාත්‍යාංශය හරහා ලබාදිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙනවා. ඒ වෙනුවෙන් සියලු ආයතන කළමනාකරණය කරනවා.

අධ්‍යාපනය තුළින් නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුවකට තරුණ සමාජය යොමු කිරීම අරමුණු වනවා. ඊළඟ දශකයේ නිපුණතාවය සපිරි සමාජයක් ගොඩනැඟීමට වෘත්තීය පුහුණුව ලබාටත්, ඒ අනුව කුසලතාවයන් වර්ධනය කර රැකියාවලට යොමු කිරීමටත් වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වනවා. ඒ අනුව ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිවරයා නම් කර තිබෙනවා.



එය යථාර්ථයක් බවට පත් කරන්නට මේ අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමනාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යනවා. ඔවුන්ට මේ රට ගොඩනඟන්නට පසුබිම සකස් කර ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යයෙන් පිරුණු ජීවිත බවට පත් කරන්නට මේ අමාත්‍යාංශය මගින් කටයුතු කරනවා.

ඒ සඳහා නීතිමය පසුබිමත් සකස් කර තිබෙනවා. මේ රටේ දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කරන්නට, වෘත්තීමය වශයෙන් අභිමානයක් ඇතිව නැඟී සිටින්නට අවශ්‍ය සියලුම පසුබිම සකස් කරන්න කළ හැකි සියලුම දේ මේ අමාත්‍යාංශයෙන් කිරීමට මා බලාපොරොත්තු වනවා.

මේ අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චන්ද්‍රලාල් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment