Friday 14 August 2020


නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා බත්තරමුල්ලේ සුහුරුපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී සුබ මොහොතින් සිය නිල රාජකාරි ආරම්භ කළේය.

මේ අවස්ථාවට පෑලියගොඩ විද්‍යාලංකාර ධර්මවිද්‍යාලයේ පරිවෙණාධිපති සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර, ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා මහාචාර්ය කොල්ලුපිටියේ මහිංද සංඝරක්ඛිත, පෑලියගොඩ පඤ්ඤානන්ද ධර්මායතනයේ විහාරාධිපති බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. සෙත්පිරිත් සඡ්ඣායනය මධ්‍යයයේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය තනතුරේ වැඩ බාර ගත්තේය.
මෙහිදී අමාත්‍යංශ ලේකම් මහාචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය.

No comments:

Post a Comment