Friday 5 February 2016

දේශීය යාන්ත්‍රණයට තොරතුරු දීම ජිනීවා කවුන්සිලය ප්‍රතික්‌ෂේප කරයි

යුද අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා ලබන මැයි මාසයේදී පිහිටුවනු ලබන දේශීය යාන්ත්‍රණය වෙත තමන් සතු තොරතුරු ලබාදීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ප්‍රතික්‌ෂේප කර ඇත.

සාක්‌ෂිකරුවන් 3000 කගෙන් ලබාගත් තොරතුරු මෙලෙස යුද අපරාධ සෙවීමේ දේශීය යාන්ත්‍රණය වෙත ලබාදීම එම කවුන්සිලය ප්‍රතික්‌ෂේප කර තිබේ.

මෙම සාක්‌කිකරුවන්ගේ නාමලේඛනය එක්‌සත් ජාතීන්ගේ රහසිගත ලේඛනාගාරයට යවා තිබේ.

මේ නාමලේඛනය ශ්‍රී ලංකාවට ලබාදීමට මහලේකම් බැන් කී මූන්ගේ අවසරය අවශ්‍ය වී ඇත.

ඒ සඳහා බැන් කී මූන් මෙතෙක්‌ අවසර දී නැත. මෙම සාක්‌ෂිකරුවන් අතර තැපැල් මගින් පැමිණිලි යොමු කළ අය 400 ක්‌ වෙති.

No comments:

Post a Comment