![]() |
The BBC World Service is located in Broadcasting House, London. |
ඔව් .. bbc සිංහල ගුවන්විදුලිය තමයි ඒ විධියට අද පටන් නවතින්නේ .
මීට පස්සේ facebook පිටුවයි වෙබ් පිටුවයි විතරයි . ඒ කියන්නේ අද ඉදලා බී බී සී සංදේශය වැඩසටහන ඉවරයි . bbc සිංහල වෙබ් අඩවියෙන කියන්නේ.. සිංහලෙන් ලියල තියෙන්නේ..
අද පටන් සමාජ මාධ්‍ය ජාල කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වන නව යුගයක් උදාවෙන බවයි . එක නිකන් අර කාවද "සන්තෝස" කරන්න කියන එකක් .. ගුවන්විදුලි රූපවාහිනී වහල facebook වලට යන්නේ නෑ . තවදුරටත් bbc සිංහල වෙබ් අඩවියේ ලියල තියෙන්නේ "අවුරුදු 22ක් කෙටි තරංග ඔස්සේ අප සමඟ සිටි ඔබට ස්තුතියි" ආදී වශයෙන් . හරියට එකෙන් කියවෙන්නේ කෙටි තරංග නැතුව ඒ ගොල්ලෝ වෙන "දිග තරංග යකින්" එනව වගේ කතාවක් . හරි කතාව සංදේශය රේඩියෝ වැඩසටහන නැවැත්වුවා .
සංදේශය වැඩසටහන අවුරුදු 70 ක් වෙනවා 2019 අවුරුද්දට . bbc යෙන් නැත්නම් බ්‍රිතාන්‍ය ගුවන් විදුලියෙන් මුල්ම සිංහල සේවයේ පළමු විකාශය ඇරඹෙන්නේ 1942 මාර්තු 10. එය සංදේශය වන්නේ 1949. පසුව තරංගනී යනුවෙන් නම වෙනස් වෙනවා . යලිත් සංදේශය ලෙස නම වෙනස් වෙනවා . 1976 මාර්තු 30 සංදේශය ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරයවීම නවතිනවා . යළිත් අවුරුදු 16 කට පස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය මගින් සංදේශය ප්‍රචාරය වෙනවා . ඒ 1990 මාර්තු 11 සිට . යලිත් ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංදේශය විකාශනය නවතා දමා නැවත 1997 පෙබරවාරි 2 සිට විකාශය අරඹනවා. එය ද යලිත් ප්‍රචාරය නැවතී නැවත ආරම්භ වන්නේ 2010 අප්‍රේල් 15 වන දිනය . එහෙත් යලිත් 2013 මාර්තු 27 සිට සංදේශය වැඩසටහන ප්‍රචාරය නැවත නතර කෙරිණි. නමුත් මෙම කවර අවස්තාවක වුවද බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ අද මෙන් මෙම සිංහල වැඩසටහන නැවත් වූයේ නැත . සංදේශය හෝ තරංගනී හෝ කුමන නමකින් වුවද මේ කාලවල දිගටම එය ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය bbc ය කටයුතු කළේය . සිදුවූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය මගින් විටින් විට මෙම වැඩසටහන ප්‍රචාරය නතර කිරීමයි . එහෙත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික නාලිකා ඇරඹීමත් සමඟ එම නාලිකාවක් ඔස්සේ මෙම වැඩසටහන ප්‍රචාරය කෙරිණි . එසේ නොතිබූ කාලවල පවා කෙටිතරංග ඔස්සේ Shortwave Sw හරහා පැරණි ගුවන් විදුලි යන්තර වලින් පවා අප සංදේශයට හෝ තරංගනී වැඩසටහනට සවන් දුන්නා බොහෝ යට මතක ඇතැයි සිතමි .
එච් එම් ගුණසේකර , මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර , ගුණරත්න අබේසේකර , පාලිත පෙරේරා වැනි මාධ්‍යයේ අති දැවැන්ත චරිත එදා පණදුන් සංදේශයයි අද මියැදුණේ . එය සමස්ත ජාතියම ලද එක්තරා පරාජයක් ලෙස මම සටහන් කරන්නේ මහත් කණගාටුවකිනි . එහෙයින් විමසිය යුතු වන්නේ බීබීසී සංදේශය ගුවන්විදුලි වැඩසටහන අද සිට නැති වුණා ද ..? නැතිකරගත්තාද ...? යන්නය . අනාගතයේ දිනෙක ඉතිහාසයේ හෘද සාක්ෂිය ඒ ගැන හෙළිදරවු කරනු ඇත . - දක්ෂිණ බෝධිනායක
No comments:
Post a Comment