Monday 14 March 2016

කොටස් වෙළද පලත් හාන්සියි - තවත් යහපාලන ආර්ථික වික්‍රමයක්







කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ
වටිනාකම කෝටි 42,500 කින් බසී

පසුගිය වසරක කාලය තුළ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම රු. බිලියන 425 කින් (රු.කෝටි 42500 කින්) පමණ පහත වැටී තිබේ.

මේ අනුව මීට වසරකට පමණ පෙර පැවැති රු. බිලියන 3096 ක්‌ වූ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම හෙවත් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, පසුගිය පෙබරවාරි 19 දින වන විට රු. බිලියන 2671 ක්‌ දක්‌වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බව කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සංඛ්‍යා දත්තවලින් තහවුරු වේ.

මේ අතරම පසුගිය වසරක කාලයේදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සියලු මිල දර්ශකය 7306 සිට 6251 දක්‌වා ද එස්‌. ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය 4113 සිට 3265 දක්‌වා සහ සාමාන්‍ය දෛනික පිරිවැටුම රු. මිලියන 1051 සිට 674 දක්‌වා ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ද එම සංඛ්‍යා දත්තවලින් තවදුරටත් තහවුරු වේ.

No comments:

Post a Comment