Showing posts with label Vocational Training Sri Lanka. Show all posts
Showing posts with label Vocational Training Sri Lanka. Show all posts

Friday, 14 August 2020

නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ

 


මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වන සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී දේශයක්, ඵලදායී පුරවැසියන්, සතුටින් ජීවත් වන පවුලක්, නිවැරැදි සමාජයක් නිර්මාණය වීමේ මූලික අඩිතාලම අධ්‍යාපනය බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.


කුසලතා වර්ධන දශකය යථාර්ථයක් බවට පත් කරමින්, තම අමාත්‍යාංශයේ සියලුම ආයතන හොඳින් කළමනාකරණය කර කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යන බවද අරඹේපොළ මහත්මිය අවධාරණය කළාය.