Saturday 13 October 2018

එංගලන්ත ගමේ පාසලට පැමිණි ලංකාවේ අමුත්තෝ

Locking Primary School,in Meadow Drive, welcomed Mahinda Weerasooriya and Sepala Kuruppua from their Sri Lankan link school, Mahanaga College.
එංගලන්ත ගමේ පාසලට පැමිණි ලංකාවේ අමුත්තෝ.
එංගලන්තයේ උතුරු සර්මර්සෙට් වල  Weston super Mare, හී පිහිටි Locking ප්‍රාථමික පාසලට ලංකාවෙන් අමුත්තෝ දෙන්නෙක් ආවා .එක්කෙනෙක් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය. අනෙක් අමුත්තා සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි.මොවුන් දෙදෙනාව Locking ප්‍රාථමික පාසලේ විදුහල්පතිනිය  ජොඈන් ජෝන්ස් ඇතුළු ගුරුමණ්ඩලයේ නියෝජිතයින් ඉතා උණුසුමින් පිළිගත්තා . කෑගල්ලේ මහානාග විද්‍යාලය හා Locking ප්‍රාථමික පාසල අතර පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාවයයි මීට හේතුව . මේ පිළිබඳව අදහස් දැක්වූ Locking ප්‍රාථමික පාසලේ විදුහල්පතිණිය කියා සිටියේ පාසල් දෙක අතර පවතින හොඳ සම්බන්ධතාවයට වසර 12ක් පමණ වන බවයි . මේ සබඳ කම නිසාම දෙරට අතර අධ්‍යාපන , සංස්කෘතික හා සාමජයිය වෙනස්කම් විශේෂතා අඳුනා ගැනීමට එය පිටිවහක් වූ බවය . එසේම යහපත් අධ්‍යාපන වැඩපිලිවලකට අත්දැකීම් එමගින් එකතුවන බවත් ඇය අපට පවසා සිටියා .  Locking ප්‍රාථමික පාසලේ නියෝජිතයින්ද (ආචාර්ය මණ්ඩලයේ)  කෑගල්ල මහානාග විද්‍යාලයට මේ වසර මුලදී ද ඊට පෙර වසර කිහිපයකදීද  ගොස් ඇත .කෑගල්ල මහානාග පාසලේ ආචාර්යවරියන්ද  Locking ප්‍රාථමික පාසලට පැමිණ සිය අත්දැකීම් ලබාගෙන ඇත . .
.Locking ප්‍රාථමික පාසලේ දරු දැරියන් 398 ක් දැනට ඉගෙනුම ලබනවා . එංගලන්ත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අනුගතව Locking ප්‍රාථමික පාසලත්  දැන් ඇකඩමියක් ලෙස පිළිගැනෙනවා . එය Extend Learning Academy Network මගින් පාලනය වන පාසල් 8 කින් එකකි . ඉතා දැකීම කළු මනස්කාන්ත පරිසරයක මෙම පාසල පිහිටා තිබෙනවා .
photo credit:westonmercury

No comments:

Post a Comment