Monday 8 February 2016

අධ්‍යාපනේ භාර ඇමති අකිල විරාජ් 2000 කට දීලා ... හැබයි හිතවත්කම් වලට ලූ .........



අධ්‍යාපනේ භාර ඇමති අකිල විරාජ් සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මේ දක්‌වා දේශපාලන හිතවත්කම මත දෙදහසක පමණ පිරිසකට පාසල්වල අනධ්‍යයන සේවක පත්වීම් ලබා දී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.


දිවයින පුරා ජාතික පාසල් සඳහා පත් කර ඇති මෙම පිරිසෙන් අති බහුතරයක්‌ කුරුණෑගලින් වීම විශේෂත්වයක්‌ යෑයිද ඒ මහතා කීවේය.
ඊයේ (08 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ ජයසිංහ මහතා පාසල් කම්කරු ලෙස පත්වීම් ලැබූ ඇතැම් සේවකයන් පත්වීම් ලැබ දින කිහිපයකින් වෙනත් පාසලක රසායනාගාර සේවක ලෙස උසස්‌වීම් ලබා ඇතැයි ද රසායනාගාර සේවක සඳහා උසස්‌ පෙළ විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබීම අවශ්‍ය වුවත් උසස්‌ පෙළ කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබූවන්ට එම තනතුර ලබාදී ඇතැයිද ඒ මහතා කීවේය.




"මේ යහපාලන ආණ්‌ඩුවේ ක්‍රියාදාමය ද කියා අපි ප්‍රශ්න කරනවා. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ දරුවන්ට විතර ද පාසල් අනධ්‍යන සේවක පත්වීම් ලැබෙන්නෙ කුරුණෑගල අය ගාල්ලට - මාතරට අනුරාධපුරයට පත් කිරීමේ පදනම මොකක්‌ද? යනුවෙන් ප්‍රශ්න කළ ජයසිංහ මහතා ඇතැම් පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය වැඩිවීම නිසා පරිපාලන කටයුතුවලට දැඩි බාධාවක්‌ වී ඇතැයිද කියා සිටියේය.

No comments:

Post a Comment