Monday 8 February 2016

Malwathu and Asgiri Chief Prelates tell UNHRC chief no need for foreign involvement

විදේශ මැදිහත්වීම් එපා මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු මානව හිමිකම් කොමසාරිස්ගේ මුහුණටම කියති . 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී යුද සමයේ අවසන් අවස්‌ථාවේ සිදුවූ බව කියන සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බැලීමට විදේශීය පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බවත් කිසියම් සිදුවීමක්‌ ඇතිවී නම් ඒ ගැන සොයා බැලීම දේශීය යාන්ත්‍රණයක්‌ මගින් සිදුකර ප්‍රශ්න විස¹ ගැනීමට හැකි බවත් මල්වතු අස්‌ගිරි මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ජගත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහතාට ඊයේ (08 දා) පැවසූහ.

ශ්‍රී දළදා මාලිගාවේදී දළදා වහන්සේ වෙත මල් බඳුනක්‌ තැන්පත් කර උපහාර දැක්‌වූ අල් හුසේන් කුමරු අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන්ද අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්‌සී, අස්‌ගිරි මහානාහිමියන්ද බැහැදුටුවේය.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ස්‌ථාපිත කිරීම ජගත් මානව හිමිකම් සංවිධානයේ අරමුණ බව පැවසූ හුසේන් කුමරා එම කාරණය සම්බන්ධයෙන් මහ නාහිමියන්ගේ මතය විමසා සිටියේය.

අතිපූජ්‍ය ශ්‍රී සුමංගල මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තවදුරටත් අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකාවේ ජන කොටස්‌ අතර මනා සංහිඳියාවක්‌ පවතින බැවින් අමුතු ආකාරයේ සංහිඳියාවක්‌ අවශ්‍ය නොවන බවත් මහ කොමසාරිස්‌වරයාට දන්වා සිටියහ.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා අස්‌ගිරි මහානාහිමි ගලගම ශ්‍රී අත්ථදස්‌සි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්‌ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවසර නොදීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීහු කටයුතු කළහ.

එහෙත් පසුව මාධ්‍යයට කරුණු දැක්‌වූ අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ යුද සමයේ කිසිදු සිද්ධියක්‌ සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශීය මැදිහත් වීමක්‌ අවශ්‍ය නොවන බවත් දේශීය යාන්ත්‍රණයකින් එම කාර්යය ඉටුකළ හැකි බව අල් හුසේන් කුමරුට දන්වා සිටි බව මාධ්‍යයට පැවසූහ.

No comments:

Post a Comment