Saturday 6 February 2016

ෆොන්සේකාට පාර්ලිමේන්තු අපලයක් ද ? ගත්තොත් මැකෝ ට නඩු ?



එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාගේ වියෝවෙන් හිස්‌ වූ එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරය එම පක්‍ෂයේ මහලේකම්වරයාගේ නිර්දේශය මත ඊළඟ සුදුස්‌සාට නොදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දෙන්නට එකඟ වුවහොත් මැතිවරණ කොමසාරිස්‌වරයාට එරෙහිව නඩු පවරන බව ඒකාබද්ධ විපක්‍ෂය කියයි.

සරත් ෆොන්සේකා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් එම මැතිවරණයට තරග කළේ ද නැත. එම ජාතික ලැයිස්‌තුවේ ද ඔහුගේ නම නැත. එවන් පසුබිමක ඔහුට එම මන්ත්‍රී ධුරය ලබාදීම නීතිවිරෝධී බව පෙන්වා දෙන ඒකාබද්ධ විපක්‍ෂය සරත් ෆොන්සේකා මහතාගේ නාමයෝජනාව පිළිගැනීමට මැතිවරණ කොමසාරිස්‌වරයාට ඇති එකම හේතුව දේශප්‍රිය මහතා හා ෆොන්සේකා මහතා අතර ඇති "ගමේකම හා නෑකුල ඥති සමාගමය" පමණක්‌ ම බව පෙන්වා දෙයි.

මෙසේ නීතිවිරෝධීව, රටේ පාර්ලිමේන්තු ක්‍රමයට වැරදි පූර්වාදර්ශයක්‌ සපයමින්, එජාප ලැයිස්‌තුවේ ඊළඟට සිටින දේශපාලනඥයාගේ වරප්‍රසාද කඩ කරමින් කටයුතු කර මෙම පත්වීම ස්‌ථිර කළහොත් ඔහුට නඩු පැවරීම සඳහා තමන් සූදානම් බවයි ඒකාබද්ධ විපක්ෂය සදහන් කරන්නේ .

No comments:

Post a Comment