Saturday 6 February 2016

ජිනීවා 'ගෙඩිය පිටින්ම' ඉල්ලන්න සේනාධිරාජා දත කට මදියි


ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස අද (6 දා) මෙරටට පැමිණෙන මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ඉල්ලා සිටින බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

යාපනයේදී උතුරේ මාධ්‍ය වෙත කරුණු දැක්‌වූ මාවයි සේනාධිරාජා මානව හිමිකම් කොමසාරිස්‌ යාපනයට පැමිණෙන බවත් එහිදී උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ සංධාන නියෝජිතයන් හමුවී සාකච්ඡා කරන බවත් යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ ද නිරීක්‍ෂණය කරන බවත් පවසා තිබේ.

ජිනීවා යෝජනාව මගින් ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි සඳහන් කර ඇත. එම කරුණු මත මානව හිමිකම් කොමසාරිස්‌වරයා නිසි ක්‍රියාමාර්ගයක්‌ ගනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරන බවද මාවයි සේනාධිරාජා තවදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment