Monday 22 February 2016

පාසල් 2700 න් පාසල් 2000 කට වඩා අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ඇත.



මේ වනවිට දිවයින පුරා අන්තර්ජාල පහසුකම් ඇති පාසල් 2700 න් පාසල් 2000 කට වඩා අන්තර්ජාල පහසුකම් ඇණහිට ඇතැයි ලංකා ගුරු සංගමයේ මහලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියයි.
නියමිත බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙසේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ඇත . මේ හේතුවෙන් පාසල් අන්තර්ජාල පද්ධතිය මුළුමනින්ම පාහේ අකර්මන්‍ය ව ඇතැයි පවසන ලේකම්වරයා බිල්පත් නොගෙවා ඇත්තේ මන්දැයි වහාම සොයා බැලීම රජයේ වගේම බව කියා සිටී . මේ පිළිබඳව ඇමති අකිල විරාජ්ටද දැනුම් දුන්නද මෙතෙක් විසදුමක් ලබා දී නැතැයි පවසන ගුරු සංගම් ලේකම්වරයා විෂය බාර ඇමතිවරයා විසදුමක් ලබා දීමට සති 2 ක් ඉල්ලා සිටි බවද කියයි.මාසිකව රුපියල් 7000ත් 9000 ත් අතර මුදලක් එක පාසලක අන්තර්ජාල බිල්පත් සදහා ගෙවිය යුතුය . අන්තර්ජාල පහසුකම් ලබාදී ඇත්තේ පාසල් 2700 කටය . ඉන් දෙදහසකට වැඩි පාසල් ගණනක් මේ තත්වයට මැදිවීමෙන් සිසුන්ගේ තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම් කටයුතුද මේ වනවිට අඩාලව ඇති බව කියන ලංකා ගුරු සංගමයේ මහලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා මීට පෙර කාලවලදී මෙවැනි තත්වයක් ඇති නොවූ බවද ,වත්මන් රජය මුළු රටටම අන්තර්ජාල පහසුකම් දෙන්නේයැයි කියමින් පාසල් සිසුන්ගේ අන්තර් ජාල පහසුකම කපාදමා තිබීම කනගාටුදායක තත්ත්වයකැයි පෙන්වාදෙයි .

No comments:

Post a Comment