Thursday 21 April 2016

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි කළ ඉල්ලීම ඇමරිකාව ඉවත දමයි

ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඇමරිකානු ඊළාම් සංවිධාන දෙකක්‌ ජනාධිපති බැරැක්‌ ඔබාමා වෙත හදිසි සංදේශයක්‌ යවමින් කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතික්‌ෂේප කර ඇත.

ටැමිල්ස්‌ ෙµda ඔබාමා සහ ඇමරිකානු ද්‍රවිඩ සංසදය හා ඊළාම් සංවිධාන විසින් මෙම ඉල්ලීම කර තිබේ.

හිටපු ආරක්‌ෂක ලේකම්වරයා යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු බවත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවස්‌ථා පැමිණ ඇති බවත් එම සංදේශයේ දක්‌වා තිබේ.

මේ අතර ඇමරිකානු තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවැසුවේ ඇමරිකාව ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් නොකිරීම සහ රාජපක්‍ෂ මහතාට ජාත්‍යන්තර වරෙන්තුවක්‌ නැති නිසා ඇමරිකානු රජය එම සංදේශය ගැන තැකීමක්‌ කර නැති බවයි.

-කීර්ති වර්ණකුලසූරිය

No comments:

Post a Comment