Monday 19 August 2019

රනිලුයි මමයි ඔක්තෝම්බර් 15 පස්සේ රට යන්නේ පලාලියෙන් - විජයකලා සපථ කරයි.


ඔක්තෝබර් 15 වැනිදා වන විට අනිවාර්යෙන්ම යාපනය පලාලි ගුවන් තොටුපළේ සිට විදේශ රටවල්වලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තීරණය කළ බව අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පැවසුවාය.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පලාලි ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව අර්ජුන රණතුංග අමාත්‍යවරයා හා අනෙක් සියලූ බලධාරීන් සමග සාකච්ඡුාවක් පැවැත්වූ බවත් එම සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් අමාත්‍යවරිය කීවාය.
විශේෂයෙන්ම මේ සාකච්ඡුාව පවත්වන ලද්දේ පලාලි ගුවන් තොටුපළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව එහි ප‍්‍රගතිය පිළිබඳව කරුණු සලකා බැලීමට බව කී රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් ඒ සියලූ දෙනාගේ අදහස් විමසීමෙන් පසුව ඔක්තෝබර් මස 15 වැනිදා වන විට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කළ බවද කියා සිටියාය.

Wednesday 31 July 2019

ජනපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයෙක් මා හමුවෙන්න එන්න එපා -මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසන් සභාවක් පත්කර එම ජනතාවට යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු තමන් මුන ගැසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.


ලාභ ප‍්‍රයෝජන බලන්නේ නැතුව අවංකව ජනතාවට සත්‍ය දැනගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස නායකත්වයෙන් ඉතා ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.

නායකයින් පිට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න යැයි තමන් කළ දේශනයේදී ජනාධිපති, අගමැති යැයි කියා ප‍්‍රකාශ නොකළ බවත් ජනාධිපතිවරයා එය පිළිගත්තේ නම් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

Saturday 13 July 2019

මිලියන 87 ක් facebook භාවිතා කරන්නන්ගේ දත්ත වංචාව සමථයට ෆේස්බුක් එකට රුපියල් බිලියන 880 ක දඩයක්

-දක්ෂිණ බෝධිනායක

කේම්බ්‍රිජ් ඇනලිටිකා: 'එක්සත් ජනපද නියාමකයින් ඩොලර් බිලියන 5 ක 

ෆේස්බුක් දඩයක් අනුමත කරයි'


දත්ත රහස්‍යතා උල්ලංඝනනය කිරීම් පිළිබඳ පරීක්ෂණයක් සමථයකට පත් කිරීම සඳහා එක්සත් ජනපද නියාමකයින් විසින් ෆේස්බුක් හි වාර්තාගත ඩොලර් බිලියන 5 ක (රුපියල් බිලියන 880 ක) දඩයක් අනුමත කර ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

දේශපාලන උපදේශක,කේම්බ්‍රිජ් ඇනලිටිකා මිලියන 87 ක් දක්වා ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ දත්ත අනිසි ලෙස ලබා ගත් බවට වන චෝදනා ෆෙඩරල් වෙළඳ කොමිසම (FTC) විමර්ශනය කර තිබේ.

මෙම විසඳුම FTC විසින් 3-2 ක ඡන්දයකින් අනුමත කර ඇති බව ආරංචි මාර්ග එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසීය.

FACEBOOK  සහ FTC  බීබීසීයට කියා ඇත්තේ  මෙම වාර්තා පිළිබඳව තමන්ට කිසිදු අදහසක් දැක්විය නොහැකි  බවයි. බීබීසී සබැඳිය මෙතැනින්

බේරුම්කරණයට එළඹුණේ කෙසේද?
==========================

කේම්බ්‍රිජ් ඇනලිටිකා, සිය මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ දත්ත වෙත ප්‍රවේශ වී ඇති බවට වාර්තා වීමෙන් පසුව 2018 මාර්තු මාසයේදී FTC විසින්  ෆේස්බුක් විමර්ශනය ආරම්භ කළේය.

Friday 14 June 2019

Five arrested in Jeddah over Easter attacks brought to SL

Five arrested in Jeddah over Easter attacks brought to SL


අවසානයේ සක්විති ගොදුරක් වුණේ අර මහා ගස් ටික කපල දාන්න කියල දන්නේ කීයෙන් කීදෙනාද ?(සම්පුර්ණ වීඩියෝව මෙන්න)

දෙරණ නාලිකාවේ මෙම වැඩ සටහන විකාශය කළේ නෑ.එය කිසියම් වාරණයක ට නතු වන්නට ඇති. (සම්පුර්ණ වීඩියෝව මෙන්න) 

සක්විති රණසිංහ ලංකාවේ අංක එකේ මුදල් වංචාකාරයෙක් ලෙස හංවඩුව ගහල ඉවරයි. ඒත් අධිකරණයේ නඩුව ඉවරයක්  නෑ .අවුරුදු 9 ක් ඔහු හිරබත් කෑවා.පසුගිය සතියේ ඔහුට අධිකරණයෙන් ඇප ලැබෙනවා.ඇප ලැබුණු ඔහු මාධ්‍යට මේ විධියට අදහස් කියාගෙන ගියා. දෙරණ නාලිකාවේ මෙම වැඩ සටහන විකාශය කළේ නෑ.එය කිසියම් වාරණයක ට නතු වන්නට ඇති.සක්විති රණසිංහ පිළිබඳව අප දන්නා සත්‍ය හා කාලයක් තිස්සේ අප කල අධ්‍යයන වලට අනුව එය ලාංකීය දේශපාලනයේ ගොදුරක්. ඒ සියල්ල අපි වෙන වචන වලින් ඉතාම කෙටියෙන් මෙන්න මේ සටහන තබන්නෙමු. ඔහුගේ ව්‍යාපාර මුල්‍ය ගස දළු ලා වැඩුණු  තැනම ලොප් වූ වක්. දළු දා ගෙන ආ පැළයක ගෙඩි දැක්ක දේශපාලකයෝ ගස මුලට විස ඉස්සා. ගහ දවසට දෙකට බිමට වැටෙන කොටම ඒ විස ඉස්ස චෝදනාව නිර්මාණය වුණා. මේ විස අනෙක් පොඩි ගස් වලට විතරක් නොවෙයි මහා ගස් වලටත් ගිහින්. කතාව තවත් ඉදිරියට ගියා. වැඩක් නෑ  දැන් මේ මහා විසාල ගසුත් එවැනි ගසුත් මුලින්ම කපන්න පටන් ගත්තා .. ආ මේ ගහ " මේකත් කපමු ... මේකෙ තමයි අපේ දේශපාලන විරුද්ධවාදීන් ගේ වැඩිම බැනර් පෝස්ටර් එල්ලපු තැන මෙවෙලාවේ මේ ගහත් කපමු.. ඇත්තටම ඒ විදියට මහා ගස් කිහිපයක් බිම කැපී වැටුණා.අවසානයේ සක්විති ගොදුරක් වුණේ අර මහා ගස් ටික කපල දාන්න කියල දන්නේ කීයෙන් කීදෙනාද ? ඒ අතීත කතාව අද (පසුගිය සතියේ සිට ) ඇරබුණු සක්විති පිළිබඳව කතාවද දේශපාලනිකයි යන්නද කීමට අප පසුබට නොවන්නෙමු. කෙසේ වෙතත් සක්විති ට ඇති දක්ෂකම් අපි අවතක්සේරු නොකරමු. එසේම වැරැද්දට දඩුවම් දිය යුතුයි.වරද නිසා පීඩා වින්ද සියල්ලන්ට සාධාරණය විය යුතුයි.ඒවගේම වැරදිකරුවන් පාතාලය - මිනීමරුවන් - චන්ඩීන් නිර්මාණය කිරීමේ භයානක දේශපාලන සෙල්ලම කරන දේශපාලකයින් වෙතද කෙදිනක හෝ මේ සමාජයෙන් දඩුවම් හිමිවිය යුතුමය.  -ජනක ශ්‍රී ලාල්

මොනවටද මේ "රෑන්ක්ස්" අකිල විරාජ් අධ්‍යාපන ඇමැති ට ප්‍රශ්නයක්

ඉදිරියේදී ශිෂ්‍යත්ව - සා.පෙළ හොඳම ප්‍රතිඵල කියන්නේ නෑ. මොනවටද මේ "රෑන්ක්ස්" අකිල විරාජ් අධ්‍යාපන ඇමැති ට ප්‍රශ්නයක්.  


Saturday 18 May 2019

කොළඹ නගරයට ආ.. නෙලුම් කුලුනේ රසවත් කතාව






ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටි ස්ථානය ලෙසින් මේ කුලුණ තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කෙරෙනු ඇත.


නෙලුම් කුලුනේ මේ ආකාරයෙන් ඉදි වූයේ ඇයි යන ප්‍රශ්නය ඇතැමෙකුට මතුවන්නට ඉඩ ඇත. ඒ හා බැදී පවතින්නේ රසවත් කතාවකි.

2008 වසරේ දී පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථා වැඩබිමට අයත් භුමියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සංදේශ කුලුනක්‌ ඉදි කිරීමට තීන්දු කර තිබුණි. ඒ සඳහා පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර දහයක ඉඩමේ ඉංජිනේරුවෝ පරීක්ෂණ කටයුතු කළහ. ඔවුහු එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතු වී තිබූ නෙළුම් මලක්‌ දුටුවහ. යෝජිත කුලුන නෙළුම් දණ්‌ඩක්‌ හා නෙළුම් මලක්‌ ලෙස නිර්මාණය කිරීමේ අදහස මතු වුණේ එහිදීය.

එයට සියල්ලන් ගේ අනුමැතිය හිමි වූ නිසා එතැන් සිට කුලුනේ සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්‌ඩක්‌ හා එහි ඉහළ කෙළවරේ වූ නෙළුම් මලක හැඩය ගනු ලැබී ය. ඒ නෙළුම් කුලුනේ සැලසුමේ කතාවයි. එසේ වුවද භූමියට යම් අපලයක් ඇති විය. ඒ අනුව පෑලියගොඩින් එය කොළඹ නගරයට ආවේය. අද අපි දකින්නේ එසේ ඉදි වූ නෙළුම් කුලුනයි.

Friday 17 May 2019

බුද්ධත්වයට මඟ හෙළි කළ දාර්ශනික සමාජය



- ආර්. සී. වතුහේන විසිනි

සක්‌විති රජකම නියත ලෙසම ලැබේ යෑයි නැකත් ශ්‍රාස්‌ත්‍රයේ පරප්‍රාප්ත බමුණන් විසින් අනාවැකි පළකර තිබූ සිදුහත් යුවරජු රජකුමරකු විසින් දතයුතු සියලු ශිල්ප ශාස්‌ත්‍ර මනාව ප්‍රගුණ කර සිටි බවට විවාදයක්‌ නැත. එසේම මිනිසකුට මිනිස්‌ දිවියේදී ලැබිය හැකි ඉහළම භෞතික සැප සම්පත් ද සිදුහත් කුමරු වෙනුවෙන් වෙන්කර තිබූ බවටද ඕනෑ තරම් සාක්‍ෂි ඇත. ඔහුගේ විවාහය සිදුවූයේද එවක ඉන්දියාවේ සිටි රූමත්ම ක්‍ෂත්‍රීය වංශික කුළ කුමරිය සමගිනි. යශෝධරා නම් වූ ඇය සිදුහතුන්ගේ මවගේ සොහොයුරාගේ දියණිය බැවින් ඇවැස්‌ස නෑකමක්‌ තිබුණ ද ඇගේ විවාහ ගිවිස ගැනීමේ ස්‌වයංවරයේදී පැවති ශිල්ප දැක්‌වීමේ තරගයෙන් කියාපාන ප්‍රකටම ප්‍රධානම කරුණු වන්නේ. යශෝධරා අධික රූපශ්‍රීයෙන් යුක්‌ත වීම නිසා දස දෙසින් ඇය පතා ක්‍ෂත්‍රිය රාජකුමාරවරු පැමිණි බව සේම සියලු ශිල්ප දැක්‌වීම්වලදී දක්‍ෂතමයා වීමෙන් සිදුහතුන් ශිල්ප ශාස්‌ත්‍රයන්හි කෙළ පැමිණියකු බවය.

මිනිසකුට ලැබිය හැකි ඉහළම සැප සම්පත් හා රජසිරි විඳි සිදුහත් කුමරු විවාහයෙන් දහතුන් වන වසරේදී හෙවත් තම ජීවිතයේ විසිනව වැනි වයස්‌හිදී සියලු ලෞකික සැප සම්පත් හා ආශාවන් අතහැර ලෝකෝත්තර සුවය පතා තවුස්‌ වෙස්‌ගෙන වනගතව තවුස්‌ දහම්හි හැසිරෙන්න තීරණය කරන්නේය. ජීවිතයේ ඇති අතිර බව වෙනස්‌ වන සුළු බව දුක්‌ සහිත බව නිසා ඇතිවූ කලකිරීම මෙයට යම් තරමක හේතුවක්‌ වන්න ඇති. නමුදු සිදුහතුන්ගේ අබිනික්‌මන සිදුවූයේ ඊට වඩා පෘථුල පරහිතකාමි හා විමුක්‌තියේ පිහිට පැතීම යන කරුණු මත බවත් එතනට සිදුහතුන් යොමු කරන්නේත් තල්ලු කරන්නේත් තත්කාලීන සමාජය බව එකල පැවති සමාජ තත්ත්වයන් ගැන විමසුම් ඇසින් බලන කළ පෙනී යයි.

Thursday 2 May 2019

සාක්ෂි නැතිව බුද්ධි බලකා රණවිරුවන් / වෙනත් රණවිරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළාද?

- නීතිඥ ,මෙිජර් අජිත් ප්‍රසන්න සිය facebook පිටුවට එකතුකළ සටහනක් .

සාක්ෂි නැතිව බුද්ධි බලකා රණවිරුවන් / වෙනත් රණවිරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළාද?
1. ලුතිනන් කර්නල් ප්රබෝධ සිරිවර්ධන
2. ලුතිනන් කර්නල් ෂමිමි කුමාරරත්න
3. මෙිජර් ජෙනරාල් අමල් කරැණාරත්න
4. ලුතිනන් කර්නල් එරන්ත පීරිස්
5. කෝප්රල් උලුගෙදර
6. කොමදෝරැ ඩීකේපී දසනායක
7. අද්මිරාල් රවී විජේගුනරත්න

මෙි නමි ටිකක් පමණි.

Friday 19 April 2019

ඔවුන්ගේ අපේක්ෂාව පවුම් 27ක් ඩොලර් 35ක් කපා ගැනීමට වඩා ඉහළ ය. අප තේරුම් ගත යුත්තේ එයයි.

- දක්ෂිණ බෝධිනායක විසිනි.
මැයි 1 සිට එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, ඕස්ට්රේලියාව, නවසීලන්තය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 30 කට වඩා වැඩි සංඛ්‍යාවකින් එන විදෙස් සංචාරකයෙකුගෙන් විසා ගාස්තු අය නොකෙරේ. එය මාස 6 ට හෝ කිසියම් ප්‍රවර්ධන කාලයකට හෝ හඳුන්වාදීමට උත්සාහ කරන්නේ ඇයි ? මේ හදන්නේ තවත් අත්තනෝමතික "දේශපාලන තීන්දුවකට" පාර හදා ගැනීමට නොවේද ?
ශ්‍රී ලංකාවට ඒමට ගන්නා වීසා ගාස්තුව ඇමරිකානු ඩොලර් 35 කි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න, මෙලෙස ගන්නා වීසා ගාස්තුවත් නැති කර දැමීම රටට වාසිදායක වන්නේ කොහොමද ..? නිදසුනක් ලෙස වසරකට මිලියන 2.5 ක් ( 2017 වසරේ මිලියන 2.1) රටට සංචාරකයින් ලෙස ඇතුල් වුවහොත් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 90ක් රුපියල් මිලියන 15000 කට වැඩියෙන් රටට අහිමිවේ. 
අනෙක් කරුණ ශ්‍රී ලංකාවට සංචාරයක් සඳහා ඇමරිකානු ඩොලර් 35ක් ගෙවා ගත නොහැකි අයත් එනවාද යන්නය . තවත් පැත්තකින් මේ ඩොලර් 35 වැනි මුදලත් ගෙවා ගත නොහැක්කෙක් වේ නම් එවැනි සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමෙන් රටට ඇති ආර්ථික ප්‍රයෝජනය කුමක්ද ? 

Sunday 7 April 2019

මෙගා සංවර්ධනයෙන් අනාගතයට "මහා මොළ"ද ? "අල" ද ?

මෙයට දින කිහිපයකට පෙර අරලියගහ මන්දිරයේ මහෝත්සවයක් පැවතින. ඒ සඳහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් කෙරුණු ආරාධනාව ඉංග්‍රීසියෙන් තේමා කොට තිබූයේ “මහා මොළ” (Mega Minds) යනුවෙනි. එයට උපකාරක අලංකරණ ඉංග්‍රීසි වැකි දෙකක් විය. එකක් වූයේ “අප සිහින දකින අනාගතය වෙත” යන්නය. අනෙක වූයේ “දේශයේ විශිෂ්ට මොළ සහ දේශප්‍රේමී හදවත් වෙනුවෙන් කැඳවුම” යන්නය. මේ මහා උත්සවය පැවැත්වූයේ “2019 සිට 2030 - කොළඹ දිස්ත්‍රික් උපායමාර්ගික නගර සංවර්ධන සැලැස්ම” එළිදැක්වීමටය.

මීට වසර 03 ට පෙර 2016 ජනවාරි අගදී නිදහස් චතුරශ්‍රයෙහි මේ අමාත්‍යාංශය විසින්ම මේ ඇමැතිවරයා යටතේම ජනාධිපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන “මහා කොළඹ සංවර්ධන සැලැස්ම” එළිදක්වනු ලැබිණ. එය ඇමෙරිකානු ඩොලර් දස කෝටි 40 ක ව්‍යාපෘතියක් යැයි පැවසිණ. එකී මහා කොළඹ සංවර්ධන සැලැස්ම ප්‍රකාශයට පත්කරමින් පාඨලී චම්පික රණවක ඇමතිවරයා එදා පැවසූයේ “ආර්ථික සෞභාග්‍යය, සමාජ සාධාරණත්වය, පාරිසරික සංරක්ෂණය සමඟ ධාර්මීය මිනිසකු හැදීම” එම සංවර්ධනයේ මූලික යොමුව වන බවය. ප්‍රධාන තේමා 10 ක් යටතේ ව්‍යෘපෘති 150 ක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවද සඳහන් කෙරිණ. අනෙකුත් කාරණා සමග මාර්ග තද බදය, කසළ ඉවත් කිරීම, පැල්පත්වාසීන් සඳහා නිවාස, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධ කාරණා වෙනුවෙන් විසඳුම් ඉදිරිපත් කරන බවද අවධාරණය කෙරිණ.

Thursday 7 March 2019

Sri Lanka,Mannar Mass Grave: Bone fragments dated between 1400 – 1650 AD

The carbon dating report prepared by US-based Beta Analytic – Radiocarbon dating services has revealed the samples obtained from the Mannar Mass Grave belong people who had died 350 to 600 years ago. 

මන්නාරම් සමුහ මිනී වලේ ඇටකටු මුතු කිමිදුමට ඉන්දියාවෙන් ගෙන්වූ පරවා කතෝලිකයින්ගේ.

                        අද ලැබුණු ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාර වාර්තා අනුව
                  මන්නාරම මිනිස් ඇටකටු ක්‍රි.ව 1400 ත් 1650 අතර බවට ඔප්පු වෙයි. 

                        -------------පළමු හෙළිදරව්ව අපෙන්-------------------- 

                                        මෙන්න ඉතිහාස කතාව කියවන්න.


  -Dhakshina Bodhinayake
පෘතුග්‍රීසීන් තම පාලන කාලය තුල (1505 - 1658) මන්නාරමේ මුතු කිමිදීමේ කටයුතු තම ආධිපත්‍යට නතුකිරීමට ක්‍රියා කළා. ඒ සඳහා ඉන්දියාවෙන් "පරවා" (පාණ්ඩ්‍යයන් භාරත කුල) කතෝලිකයින් ගෙන ආ බව සඳහන්.
    කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී කණ්ඩායමක් වූ සීතාවක රාජධානියේ කණ්ඩායමක් සමඟ ද යාපනය රාජධානියේ සමීප සම්බන්ධතා පැවත තිබෙනවා.
https://www.facebook.com/dhakshinabodhinayake
තවත් පැත්තකින් යාපනය රාජධානියේ දැඩි බලපෑම් රෝමාණු කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම්වලට එරෙහිව එල්ල වුණි.මිෂනාරීන්ගේ ක්‍රියාකාරීත්වය පෘතුග්‍රීසි ඕනෑ  එපාකම් ඉටුකිරීමය.කන්ද උඩරට රාජධානියට දකුණු ඉන්දීය යුද ආධාර ලබාදීමේ සම්බන්ධීකරණ ය යාපනය රාජධානිය හරහා සිදුවීම ද  පෘතුග්‍රීසීන්ට දැඩි ගැටලුවක් ව පැවතුණා.

Saturday 23 February 2019

Sri Lankan-born Australian Yasodai Selvakumaran has been named a finalist for the $1 million Global Teacher Prize.

Image result for Yasodai Selvakumaran
Australian actor Hugh Jackman did the honours, announcing the list of 10 from a field of 10,000 applicants spanning 179 countries.

The actor known for his role as Wolverine in X-Men said teachers are “the real superheroes…the ones that change the world.”

Yasodai Selvakumaran - fondly known as Ms Selva to her humanities students at Rooty Hill High School - has made the final shortlist for the 2019 Global Teaching Prize.

More than 10,000 teachers from around the world were nominated, but Ms Selvakumaran was the only Australian to make the top 10.
Image result for Yasodai Selvakumaran
Born in Sri Lanka, Ms Selvakumaran’s Tamil family moved to Australia when she was 10 months old . 


At a school where more than half the students come from culturally and linguistically diverse backgrounds, Ms Selvakumaran said inclusive teaching is vital.

“Something I really strive for with my students is for them to understand they have a place in the world and to help them find their voice,” she said.