Thursday 2 May 2019

සාක්ෂි නැතිව බුද්ධි බලකා රණවිරුවන් / වෙනත් රණවිරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළාද?

- නීතිඥ ,මෙිජර් අජිත් ප්‍රසන්න සිය facebook පිටුවට එකතුකළ සටහනක් .

සාක්ෂි නැතිව බුද්ධි බලකා රණවිරුවන් / වෙනත් රණවිරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළාද?
1. ලුතිනන් කර්නල් ප්රබෝධ සිරිවර්ධන
2. ලුතිනන් කර්නල් ෂමිමි කුමාරරත්න
3. මෙිජර් ජෙනරාල් අමල් කරැණාරත්න
4. ලුතිනන් කර්නල් එරන්ත පීරිස්
5. කෝප්රල් උලුගෙදර
6. කොමදෝරැ ඩීකේපී දසනායක
7. අද්මිරාල් රවී විජේගුනරත්න

මෙි නමි ටිකක් පමණි.
හෝමාගම මහෙස්ත්‍රාත් ( පූර්වගාමී විනිසුරු ) රංග දිසානායක විසින් 2016 මාර්තු දී ඇති නියෝගයකට අනුව එක්නැලිගොඩ නඩුවට සැකපිට මිනී මැරැමි චෝදනා යටතේ ඔහුගේ පූර්වගාමී විනිසුරු විසින් බුද්ධි බලකා සැකකරැවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් වීමකින් තොරව බව තීන්දු කර ඇත.
මෑතකදී ලුතිනන් කර්නල් උලුගෙදර ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ එක්නැලිගොඩ පැහැර ගත්තා යැයි කියන 2010 ජනවාරි 20 දින නිවාඩු මත මහනුවර නිවසේ සිටියදී ඒකක අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් ෂමිමි කුමාරරත්න ට දුරකතනයෙන් කතා කල නිසාය.
කෝප්රල් උලුගෙදර ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 2009/07/27 දින හබරණ සිට කොළඹ බලා ගමන් කරන බස් රථයකදී තවත් කෙනෙකුට යමි කෙනෙක්ව පෙන්වා " අරය තමයි එක්නැලිගොඩ " යන ප්රකාශය මතය.
මෑතකදී එරන්ත පීරිස් හා උලුගෙදර ට ඇප ලැබුණේ එම දෙදෙනා වෙනුවෙන් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුන මූලික අයිතිවාසිකම් පෙත්සමි දෙක විභාගයට ගනිද්දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ සාක්ෂි නොමැතිව බව ඔවුන්ගේ නීතිඥවරැන් ඔප්පු කිරීම නිසා හෝමාගම මහාධිකරණයේදී ඇප දීමට නීතිපති විරැද්ධ නොවන බවට අධිකරණයේදී පොරොන්දු වූ නිසාය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාර ගතවීම වැළැක්වුනේ ඔහු ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කොට අත්අඩංගුවට ගැනීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගැනීම නිසාය.
මෙි කතාව තව දිගය.
ෂානි ලා නිශාන්ත ලා දුර්වල කරන ලද බුද්ධි අංශයට පාස්කු ඉරිදා ප්රහාරය ගැන කිසිදු තොරතුරක් ලංකා භූමියෙන් සොයා ගැනීමට නොහැකි විය. ඒ බව හමුදාපති ප්රසිද්ධියේ කීවෙිය.
** ෂානිලාගේ නිශාන්ත සිල්වලාගේ රණවිරු දඩයම ගැන අපි ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී , කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී හඬ නැගුවෙමු, මාධ්‍ය සාකච්ඡා පැවැත්වූයෙමු, උද්ඝෝෂණ කළෙමු, ජනාධිපති තුමාට ලිපි ඉදිරිපත් කළෙමු . හෝමාගම , කොටුව, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ වලදී අපව අත්අඩංගුවට ගැනීමට නිශාන්ත ලා අධිකරණ නියෝග ඉල්ලුවෙිය, කරැණු ඉදිරිපත් කළේය. නමුත් ඔවුන් අසාර්ථක විය.
මෙි මහා ව්‍යසනයට දායක වුනු ෂානිලා නිශාන්ත ලා තවදුරටත් රහස් පොලිසියේ තබා ගන්නවාද ? රණවිරු දඩයමට ඉදිරියටත් ඔවුනට ඉඩ දෙනවාද? ඔවුනට එරෙහිව විනය පියවර ගන්නවාද ?
අපි බලා සිටිමු .
- නීතිඥ ,මෙිජර් අජිත් ප්‍රසන්න

No comments:

Post a Comment