Monday 22 February 2016

පාසල් 2700 න් පාසල් 2000 කට වඩා අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ඇත.



මේ වනවිට දිවයින පුරා අන්තර්ජාල පහසුකම් ඇති පාසල් 2700 න් පාසල් 2000 කට වඩා අන්තර්ජාල පහසුකම් ඇණහිට ඇතැයි ලංකා ගුරු සංගමයේ මහලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියයි.

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

මේ පසුබිම මැද මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මුහුණපා තත්ත්වය ලෙස විමර්ශනය කළ යුතුය. 2010 නොවැම්බර් මස යුරෝපා ටැග් නමැති ඊළම් සංවිධානයේ ක්‍රියාකාරිනී ජානී ජනනායගම් ලන්ඩනයේ නෝර්හේසර් මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්‌ කරනු ලැබීය.

Tamil diaspora leader ,Paramalingam shot in Paris





The head of the Tamil Coordinating Committee (TCC) in France has been seriously injured after being shot by gunmen in a Parisian suburb on Wednesday night. Paramalingam, who heads the French Tamil diaspora group, was returning to his home on Wednesday night, when the shooting took place.

ආණ්ඩු පක්ෂ රැස්වීම් දෙකට කැඩෙයි

ආණ්ඩු පක්ෂය දෙකට කැඩෙයි .

මංගල සමරවීර ඇමතිවරයාගේ කතාවකට උදහස් වූ ආණ්ඩුපක්ෂයේ ශ්‍රීලනීප කණ්ඩායම වෙනමත් , ආණ්ඩුපක්ෂයේ එජාප කණ්ඩායම වෙනමත් මෙසේ අද පාර්ලිමේන්තුවේදී සිය කණ්ඩායම් රැස්වීම් පවත් වීමට නියමිතය . 

ශ්‍රීලනීප කණ්ඩායම ඇමති නිමල් සිරිපාලගේ මූලිකත්වයෙන් රැස්වේ .

Wednesday 17 February 2016

සිරිසේන ජනපතිට හෙට කොටි භෝජනයක්




ජනාධිපති සිරිසේන  මහතා ඊයේ දෙමල ඩයස්පෝරාවට  රජයේ වියදමින් සංග්‍රහයක්  පවත්වා,  ඔවුන්ව සනසන අතරතුරේ,  හෙට බර්ලින් නුවර කොටි විරෝධතාවයේ  ප්‍රචාරක පෝස්ටරය  පහත  රූපයේ  දැක්වෙයි .එයින් උගත හැකි  එකම  පාඩම  නම්  ඔවුන්හට  එකදු  සිංහල නායකයෙකු  අවශ්‍ය  නොවන අත‍ර  අවැසි  එකම  දෙය  ඊළමයි . අනේ  අපේ එවුන්ට  නොතේරෙන්නේද  එයයි . 

Monday 15 February 2016

ඇමතිතුමෝ රෝහල් වල බෙහෙත් නැතෝ ......................



ඖෂධ වර්ග සියයක්‌ යනු සුළුවෙන් තැකිය හැකි සංඛ්‍යාවක්‌ නොවේ. මේ හිඟ යෑයි කියෑවෙන ප්‍රතිශක්‌තිකරණ එන්නත්, ළමා රෝගීන්ට ලබාදෙන එන්නත්, සිසේරියන් සැත්කම් සඳහා භාවිත කරන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියයේ හිඟය මාසයක්‌ දක්‌වා පවතින බවද වාර්තා වේ. මෙය රෝගීන් සම්බන්ධයෙන් ඉතාම "නරක" ආරංචියක්‌ වන අතරම සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ගත්විට පරිපාලනමය දුර්වලතාවයේ නරකම තත්ත්වයක්‌ පෙන්නුම් කරන්නකි. මේ දුර්වලතාව මෙන්ම ගන්නා තීන්දු තීරණවල අමනෝඥ බවද පෙන්නුම් කරන සිදුවීම් ගණනාවක්‌ ද පසුගිය කාලයේ සිදුව තිබුණු බව කිව යුතුය.

Friday 12 February 2016

දෙයියොත් සාක්කි ... නෙලුම් පිපෙනකොට රනිල් දේව කන්නලවුවකට හදිසියේම ඉන්දියාවේ ..


Guruvayur (Kerala) | February 12, 2016
PM, Ranil Wickramasinghe will on Friday offer prayers at the Guruvayur Sreekrishna Temple in Kerala amid tight security arrangements.
Wickramasinghe had visited the temple in April last year, along with his wife and had offered Thulabharam, an offering where a devotee is weighed against offerings with sandal wood.
Wickramasinghe is also likely to offer prayers at the Mamiyoor Mahadeva temple in Guruvayur.

Monday 8 February 2016

Sri Lanka is now heading for a major financial crisis...

Sri Lanka's foreign reserves have gone down to US$ 6,301 million in January 2016 from US $ 7,303.6 million. A bail-out package is necessary to prevent a financial crisis, a top economist said.



"Sri Lanka is now heading for a major financial crisis and our foreign reserves are available only for a few months and some form of a bail-out package is necessary to prevent a major financial crisis, former Central Bank Deputy Governor Dr. W. A Wijewardena said.

අලුත් පක්‌ෂය ස්‌ථිරයි: අවසන් සාකච්ඡාව ඊයේ රෑ..



මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති බව වාර්තා වේ.


ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (8 දා) රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති බව වාර්තා වේ.

Malwathu and Asgiri Chief Prelates tell UNHRC chief no need for foreign involvement

විදේශ මැදිහත්වීම් එපා මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු මානව හිමිකම් කොමසාරිස්ගේ මුහුණටම කියති . 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී යුද සමයේ අවසන් අවස්‌ථාවේ සිදුවූ බව කියන සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බැලීමට විදේශීය පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බවත් කිසියම් සිදුවීමක්‌ ඇතිවී නම් ඒ ගැන සොයා බැලීම දේශීය යාන්ත්‍රණයක්‌ මගින් සිදුකර ප්‍රශ්න විස¹ ගැනීමට හැකි බවත් මල්වතු අස්‌ගිරි මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ජගත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහතාට ඊයේ (08 දා) පැවසූහ.

අධ්‍යාපනේ භාර ඇමති අකිල විරාජ් 2000 කට දීලා ... හැබයි හිතවත්කම් වලට ලූ .........



අධ්‍යාපනේ භාර ඇමති අකිල විරාජ් සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මේ දක්‌වා දේශපාලන හිතවත්කම මත දෙදහසක පමණ පිරිසකට පාසල්වල අනධ්‍යයන සේවක පත්වීම් ලබා දී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.


දිවයින පුරා ජාතික පාසල් සඳහා පත් කර ඇති මෙම පිරිසෙන් අති බහුතරයක්‌ කුරුණෑගලින් වීම විශේෂත්වයක්‌ යෑයිද ඒ මහතා කීවේය.
ඊයේ (08 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ ජයසිංහ මහතා පාසල් කම්කරු ලෙස පත්වීම් ලැබූ ඇතැම් සේවකයන් පත්වීම් ලැබ දින කිහිපයකින් වෙනත් පාසලක රසායනාගාර සේවක ලෙස උසස්‌වීම් ලබා ඇතැයි ද රසායනාගාර සේවක සඳහා උසස්‌ පෙළ විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබීම අවශ්‍ය වුවත් උසස්‌ පෙළ කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබූවන්ට එම තනතුර ලබාදී ඇතැයිද ඒ මහතා කීවේය.




"මේ යහපාලන ආණ්‌ඩුවේ ක්‍රියාදාමය ද කියා අපි ප්‍රශ්න කරනවා. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ දරුවන්ට විතර ද පාසල් අනධ්‍යන සේවක පත්වීම් ලැබෙන්නෙ කුරුණෑගල අය ගාල්ලට - මාතරට අනුරාධපුරයට පත් කිරීමේ පදනම මොකක්‌ද? යනුවෙන් ප්‍රශ්න කළ ජයසිංහ මහතා ඇතැම් පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය වැඩිවීම නිසා පරිපාලන කටයුතුවලට දැඩි බාධාවක්‌ වී ඇතැයිද කියා සිටියේය.

Sunday 7 February 2016

නිවට යහපාලකයනි නුබලාගේ ඇස් වලට වැලි වැදිලද ?




සිංහල නිවට යහපාලකයන් ජාතිකගීය දෙමළෙන් ගයා ,හෙළබිම පාවා දුන් මොහොතේ ,ලොව පුරා යුද්ධයේ පිහිටෙන් බටහිර රට වල පුර්ණ සැප සහිතව රාජ්‍ය දීමන වලින් යැපෙන සහ ඒ රට වල පුරවැසි බව ලබා සිටින දෙමළ ජනයාට ඇත්තේ එක අරමුණකි. එනම් ඔවුන්ගේ ඊළාම් සිහිනය නැතහොත් රටෙන් කොටසක් කඩා ගැනීමය. නමුත් අවාසනාවකට සිරිසේන ජනාධිපතිට මෙය නොතේරීම පුදුමසහගතය.මේ නිදහස් දින එංගලන්තයේ ලන්ඩන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට කොටි සැමරු කොටි නිදහස් උත්සවයයි .පහතින් ඇත්තේ ඔවුන් එහිදී නිකුත් කළ පණිවුඩයයි .


සිංහ කොඩිය පුළුස්සමින් මේ දක්වන්නේ රටට ආදරය කිරීමද ?















We are a nation and it is our inalienable right as a people not to plead but to demand our freedom !

This energy that we showed today, resounds in Eelam as well.

The brave acts of resistance still shown by our people must be supported by the young diaspora! If Jaffna university can put up the black flag today we have to as well... It's the least we can do!

We will continue to be the voice for the voiceless!

Thamizharin Thaakam thamileela thaayakam!

Thamizharin Thaakam thamileela thaayakam!

Thamizharin Thaakam thamileela thaayakam!

Saturday 6 February 2016

ෆොන්සේකාට පාර්ලිමේන්තු අපලයක් ද ? ගත්තොත් මැකෝ ට නඩු ?



එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාගේ වියෝවෙන් හිස්‌ වූ එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරය එම පක්‍ෂයේ මහලේකම්වරයාගේ නිර්දේශය මත ඊළඟ සුදුස්‌සාට නොදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දෙන්නට එකඟ වුවහොත් මැතිවරණ කොමසාරිස්‌වරයාට එරෙහිව නඩු පවරන බව ඒකාබද්ධ විපක්‍ෂය කියයි.

අප සතුව ඇති සාක්‍ෂි, තොරතුරු සංයමයකින් තොරව හෙළි කළේ නම් අදටත් මේ රට ලේ විලකි.






















වැලිකඩ හිරගෙදර සිට ඥානසාර හිමියන් එවූ විශේෂ ලිපිය

හිරගෙදර - වැලිකඩ,
අතිපූජනීය මහනායක හිමිවරු,ගරු ජනාධිපති, ගරු අගමැති,
කැබිනට්‌ ඇමැතිවරු වෙත මහත් සංවේගයෙනි,
,
"අපගේ භාවිතාවන් දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලත්වා"

වසර 20 ක්‌ තිස්‌සේ රටටත්, සම්මා සම්බුද්ධ ශාසනයටත්, ජාතියටත් එරෙහිව පෙළගැසුණු අනේකවිධ සතුරු බලවේග හා මිථ්‍යාදෘෂ්ඨික බලවේග පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කිරීම පිණිස අපමණ වෙහෙසක්‌ දැරුවෙමි.

ජිනීවා 'ගෙඩිය පිටින්ම' ඉල්ලන්න සේනාධිරාජා දත කට මදියි


ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස අද (6 දා) මෙරටට පැමිණෙන මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ඉල්ලා සිටින බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

යාපනයේදී උතුරේ මාධ්‍ය වෙත කරුණු දැක්‌වූ මාවයි සේනාධිරාජා මානව හිමිකම් කොමසාරිස්‌ යාපනයට පැමිණෙන බවත් එහිදී උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ සංධාන නියෝජිතයන් හමුවී සාකච්ඡා කරන බවත් යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ ද නිරීක්‍ෂණය කරන බවත් පවසා තිබේ.

ජිනීවා යෝජනාව මගින් ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි සඳහන් කර ඇත. එම කරුණු මත මානව හිමිකම් කොමසාරිස්‌වරයා නිසි ක්‍රියාමාර්ගයක්‌ ගනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරන බවද මාවයි සේනාධිරාජා තවදුරටත් සඳහන් කර ඇත.

Friday 5 February 2016

දේශීය යාන්ත්‍රණයට තොරතුරු දීම ජිනීවා කවුන්සිලය ප්‍රතික්‌ෂේප කරයි

යුද අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා ලබන මැයි මාසයේදී පිහිටුවනු ලබන දේශීය යාන්ත්‍රණය වෙත තමන් සතු තොරතුරු ලබාදීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ප්‍රතික්‌ෂේප කර ඇත.

සාක්‌ෂිකරුවන් 3000 කගෙන් ලබාගත් තොරතුරු මෙලෙස යුද අපරාධ සෙවීමේ දේශීය යාන්ත්‍රණය වෙත ලබාදීම එම කවුන්සිලය ප්‍රතික්‌ෂේප කර තිබේ.

මෙම සාක්‌කිකරුවන්ගේ නාමලේඛනය එක්‌සත් ජාතීන්ගේ රහසිගත ලේඛනාගාරයට යවා තිබේ.

මේ නාමලේඛනය ශ්‍රී ලංකාවට ලබාදීමට මහලේකම් බැන් කී මූන්ගේ අවසරය අවශ්‍ය වී ඇත.

ඒ සඳහා බැන් කී මූන් මෙතෙක්‌ අවසර දී නැත. මෙම සාක්‌ෂිකරුවන් අතර තැපැල් මගින් පැමිණිලි යොමු කළ අය 400 ක්‌ වෙති.