Wednesday 7 September 2016

දැන් ජාත්‍යන්තරය අපට හොඳින් සලකනවා.. - ආචාර්ය නලින් ද සිල්වා


සංහිඳියාවේ දිග පළල



මේ ආණ්ඩුව දිගින් දිගට ම කියන්නෙ පහුගිය රාජපක්‍ෂ රෙජිමයට ඇතිකරන්න බැරිවුන සංහිඳියාව ඒ අය ඇතිකරනවා කියලා. මේ රටට එන ඊනියා ජාත්‍යන්තර නියෝජිතයනුත් සංහිඳියාවේ අගය ගැන කතාකරනවා. සංහිඳියාව ඇතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපට කියලා දෙනවා. ඒ අතර බලය තව තවත් විමධ්‍යගත කළ යුතුව කියලාත් කියනවා. ඒත් මේ කවුරුවත් සංහිඳියාව කියන්නෙ මේකයි කියලා කියන්නෙ නැහැ.


මේ ආණ්ඩුව මෙච්චර කියන්නෙ, බටහිරයන් අපට කියන්නෙ ගිය ආණ්ඩුවේ සංහිඳියාවක් තිබුණෙ නැහැු කියන එක විතරක් නොවෙයි. පහුගිය ආණ්ඩුව සංහිඳියාව ඇතිකරන්න මුකුත් කෙළේ නැහැ කියලත් කියනවා. එහෙනම් අපට ලෙහෙසියි සංහිඳියාව කියන්නෙ මොකක් ද කියලා තේරුම් ගන්න. පහුගිය ආණ්ඩුවෙන් නොකරපු මේ ආණ්ඩුවෙන් කරලා තියන, වෙලා තියෙන දේවල් ගැන කල්පනා කරන කොට ඒ සංහිඳියාව පැහැදිලි වෙනවා.

Monday 5 September 2016

කොටින්ට කඩේ යන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කීත් වාස් ගේ පිරිමි ගණිකා ඇසුරහෙළිවෙයි .

                                                                                                        කොටි වෙනුවෙන් හඬ නැගු
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී (කම්කරු පක්ෂ) කීත් වාස් ගේ පිරිමි ගණිකා ඇසුර හෙළිවෙයි . වීඩියෝ ලින්ක් එක මෙහි පහත බලන්න .
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවෙතැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් දිගින් දිගටම පෙනී සිටින කීත් වාස් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ ඩයස්පෝරාවේ සමීපතම ඇසුරු ඇත්තෙකි.


වීඩියෝ ලින්ක් එක
://www.mirror.co.uk/news/uk-news/married-mp-keith-vaz-tells-8763805




Saturday 3 September 2016

මුත්‍රා ගල් නැති කරන "නීරමුල්ලිය" ප්‍රතිකාරය මෙන්න වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම්





 - සංඛනාද වෙදගෙවත්ත

වකුගඩු ගල කුඩා ස්‌ඵටික විශේෂයක්‌. මුත්‍රාවල තිබෙන බනිජ ද්‍රව්‍ය වකුගඩු හරහා ගමන් කරද්දී වකුගඩුවල තැන්පත් වී කුඩා ගල් වශයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. මෙවැනි ගල් කුඩා අවස්‌ථාවේදී අපට නොදැනී කිසි අමාරුවක්‌ නැතිව වකුගඩුවලින් නික්‌මී මුත්‍රා මාර්ගයෙන් අපේ සිරුරින් බැහැර වෙනවා.

Monday 29 August 2016

Thursday 21 July 2016

'අතුරුදන් කාර්යාලය' පිහිටුවීමේ පනතට ඡන්දය දෙන්නන්ට ජනතාවට වගකියන්න වෙයි

ආරක්‌ෂක හමුදාව දඩයම් කිරීම සඳහා යහපාලන ආණ්‌ඩුව ඉදිරිපත් කර ඇති අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත නීතියක්‌ බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රට, ජාතිය සහ සන්නද්ධ හමුදාවන් පාවාදීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මෙම පනත් කෙටුම්පතේ බරපතළ වගන්ති ගණනාවක්‌ම ආරක්‌ෂක හමුදාව දඩයම් කිරීම සඳහා ඇතුළත් කර ඇති බවද ඒ මහතා පවසයි.

Saturday 16 July 2016

ආගම කුමක් වුවද ඇත්තේ එකම දෙවියෙකි - ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි පෙරේරා විසිනි






- ජ්‍යෙෂ්ඨ නීතිඥ    ගාමිණි පෙරේරා විසිනි


ශ්‍රී ලාංකිකයන් අතරින් බහුතරය බෞධයන් බව අවිවාදාත්මක කරුණකි. ඊට අමතරව මෙරට ආගමික සංකලනය ගැන සැලකුවහොත් ක්‍රිස්තියානි හා  කතෝලිකයන් මෙන්ම හින්දු සහ ඉස්ලාම් ලබ්ධිකයන්ද දක්නට ලැබේ.එමෙන්ම හොඳින් සොයා බැලුවහොත් නිශ්චිත ආගමක් වැළඳ නොගත් පිරිසක්ද අප අතරම සිටින බව දැන් දැන් පෙනෙන්නට තිබේ.




ආගම ගැන පැරැන්නෝ කියන කථාවක් මගේ මතකයට එයි.

"ආගමක් ධර්මයක් නැති එවුන් ගැන කතාකරල වැඩක්නෑ" යන්නයි ඒ.

මෙයින් කියා සිටින්නේ "ආගමක" හෝ "ධර්මයක" හෝ  පිහිටා නොමැති අය  ගැනවේ. "ආගම" හා  "ධර්මය"  අතර වෙනසක් පවතින බව පැරැන්නෝ පවා දැන ගෙන  තිබුණු බව සිතා ගැනීමට හැකිවේ. එහෙත් ඒ වෙනස කුමක්ද යන්න මේ අවස්ථාවේ සාකච්චා කිරීමට මම බලාපොරොත්තු නොවෙමි.

කෙසේ වෙතත් ඉහත කි පැරැන්නන්ගේ කියමනේ අනෙක් පැත්ත වන්නේ ආගමක් ධර්මයක් පිළිපදින්නන් ගැන පැරණි සමාජය සුභවාදිව බැලූ  බව වේ.

Saturday 30 April 2016

Joint Opposition Sri Lanka - May Day Rally LIVE TELECAST ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සජීව විකාශය නරඹන්න



මැයි 01 ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින මහ රැළියේ
සජීව විකාශය මෙතනින් බලන්න

Thursday 28 April 2016

ආණ්ඩුව බදු වැඩි කිරීමට යන්නේ ඔවුන් ඡන්ද දිනා ගැනීමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කර පවත්වාගෙන යෑමට මුදල් නැති නිසාය. බටහිර රටවලින් මේ සඳහා විශාල වශයෙන් ආධාර ලැබේවි යැයි යහපාලකයෝ සිතාගෙන සිටියත් ඒ මුදල් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක ඡන්ද පොරොන්දු ඉටු කරන්න මොනම රටකින්වත් ආධාර දෙන්නේ නැත.

Mahinda Rajapaksa
රජයකට බදු නැතිව පවතින්න බැරි බව අපි කවුරුත් දනිමු. ආණ්ඩුවකට තම කාර්යභාර්යයන් ඉටු කිරීමට ආදායමක් තිබිය යුතු නිසා ධනවතුන්ගේ ආදායම් මත මෙන්ම සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන ආහාරපාන, ඉන්ධන, විදුලි සංදේශ සේවා, වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මතත් බදු අය කරනු ලැබේ.

බදුඅය නොකරන රටක් ලෝකයේ නැත. නමුත් ආණ්ඩුව බදු පණවද්දී එය සාධාරණ පදනමක් මතසිදු කළ යුතුය. 2016 මැයි දෙවන දා සිට ක්‍රියාත්මක වීමට යන බදු වැඩිකිරීම් කොතරම් සාධාරණද කියා අපි විමසා බැලිය යතුයි.

Thursday 21 April 2016

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි කළ ඉල්ලීම ඇමරිකාව ඉවත දමයි

ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඇමරිකානු ඊළාම් සංවිධාන දෙකක්‌ ජනාධිපති බැරැක්‌ ඔබාමා වෙත හදිසි සංදේශයක්‌ යවමින් කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතික්‌ෂේප කර ඇත.

ටැමිල්ස්‌ ෙµda ඔබාමා සහ ඇමරිකානු ද්‍රවිඩ සංසදය හා ඊළාම් සංවිධාන විසින් මෙම ඉල්ලීම කර තිබේ.

Wednesday 20 April 2016

රනිල් දුන් පොරොන්දු කඩ කළා. අපි යලිත් වරාය වෘත්තිය සමිති ක්‍රීයා මාර්ග අරඹමු

රනිල් දුන් පොරොන්දු කඩ කළා.
අපි යලිත් වෘත්තිය සමිති ක්‍රීයා මාර්ග අරඹන්නෙමු
වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ  

British Student has sights set on Sri Lanka

Megan Westwood and Amelia Shaw, both 17, will be cleaning rivers, planting trees and working at a turtle hatchery during the two-and-a-half week stay organised by the company Travelteer.Both students need to raise around £1,000 each to pay for their travel costs and they are already past the halfway mark thanks to various fundraising activities including a bake sale.

A hungry elephant demanded food from terrified tourists on safari - Yala National Park in Sri Lanka.


A hungry elephant demanded food from terrified tourists on safari - and nearly sent them flying when it tried to reach inside their vehicle.

The cheeky tusker stuck his trunk inside a broken-down truck while begging for treats at Yala National Park in Sri Lanka.

Cricket Australia has announced Canberra will host its first-ever Test match,against Sri Lanka in 2018–19

PHOTO: Chief Minister Andrew Barr and Cricket Australia CEO James Sutherland. 
(ABC News: Ian Cutmore)

Cricket Australia has announced Canberra will host its first-ever Test match, but not for another three summers.

Manuka Oval will host a Test match between Australia and Sri Lanka during the 2018–19 summer of cricket, at the expense of Hobart's Bellerive Oval.

Sri Lanka will raise value added tax (VAT) to 15 percent from 11 percent on May 2

Sri Lankan shares rose for the second straight session on Wednesday as investors bought diversified shares such as market heavyweight John Keells Holdings Plc, brokers said.

However, trading was dull as investors turned cautious ahead of an imminent loan deal with the International Monetary Fund and uncertainty over a tax policy.

Leo Burnett Worldwide acquired a majority stake in Sri Lanka-based Solutions Group

Publicis Groupe company Leo Burnett Worldwide has acquired a majority stake in Sri Lanka-based communications company Solutions Group for an undisclosed sum.

Sunday 17 April 2016

Sri Lanka's main Tamil party TNA is seeking a federal solution



18.04.16 The New Indian Express හී පළවූ  ලිපිය 
Sri Lanka's main Tamil party TNA is seeking a federal solution to resolve the long-pending issue of political independence for the counry's minority Tamil community.

This was conveyed by the main opposition leader and Tamil National Alliance leader (TNA) R Sampanthan in Jaffna yesterday to TNA representatives.

Saturday 16 April 2016

'Secret surfers' paradise with lots of reef breaks, surf-tour operators say



With miles of sandy beaches, quality reef breaks and consistent swells, Sri Lanka's coasts are fast gaining a reputation as a premier surf destination.

Thursday 31 March 2016

යහපාලක හොරුන්ගේ බොරු වලට මහින්දගෙන් කණේ පාරක් ...........




එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙසේ සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතුය

පසුගිය ඉරිදා රාත්‍රියේ විකාශනය වූ විශේෂ රූපවාහිනී වැඩසටහනකදී කතා කරමින් ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යෝජිත එට්කා ගිවිසුම ජනාධිපතිවරයාද අනුමත කළේය. ලංකාවට බරපතල ආනිසංශ ගණනාවක්ම ඇතිකරන මේ ගිවිසුම සම්බන්ධයෙන් තමන් ගන්නා ස්ථාවරය කුමක්දැයි ආණ්ඩුව තුළ සිටින සෑම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයෙකුටම වෙන වෙනම තීන්දු කිරීමට සිදුවනු ඇත. ඉන්දියාව සමඟ සීපා ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කළේ පරණ ආණ්ඩුව යැයි ජනාධිපතිවරයා කී විට ඉන් අදහස් වූයේ මගේ ආණ්ඩුව නොවේ. සීපා ගිවිසුම සඳහා 2002 සාකච්ඡා ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ යූඑන්පී ආණ්ඩුවයි. මගේ ආණ්ඩුව මේ සාකච්ඡා ඉදිරියට ගෙන නොගියේ සිපා ගිවිසුමට ජනතාව අතරින් එල්ල වූ විරෝධය නිසාය.

දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ අපනයනය සිදුවුවත් ලංකාවෙන් ඉන්දියාවට භාණ්ඩ අපනයනය කිරීමේ දී ප්‍රමාණය සීමා කිරිම, බලපත්‍ර ක්‍රියාපටිපාටි, ප්‍රමිති සහතික පිළිනොගැනීම හා ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩුවලින් බදු පැනවීම වැනි විවිධ බාධා එල්ල වෙයි. ආණ්ඩුවට අප යෝජනා කර සිටින්නේ මේ දෙරට අතර වෙළඳ සම්බන්ධතාවය ඊලඟ අදියරට ගෙනයාමට පෙර පවතින නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටළු විසදිය යුතු බවයි. එට්කා ගිවිසුම යටතේ භාණ්ඩ පමණක් නොව සේවාවන්ද වෙළඳාම් වනු ඇත. නමුත් විවිධ වෘත්තීන් නියාමනයට අදාලව ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් නීති පද්ධතිවල ඇති විෂමතා හේතුවෙන් ඉන්දීය වෘතිකයන්ට ලංකාව විවෘත වන අතර ලාංකීය වෘතිකයන්ට ඉන්දියාවේ දොර වැසෙන තත්වයක් ඇතිවිය හැකි බවට ලංකාවේ වෘතිකයන්ගේ සංගම් දැනටමත් අනතුරු අඟවා ඇත.

දෙරට අතර වෙළඳාම සම්බන්ධයෙන් නොවිසඳුනු ගැටළු ගණනාවක්ම තිබියදී නිශ්චිත වගන්ති සාකච්ඡා කිරීම පසුවට කල් දමා කඩිමුඩියේ “එට්කා රාමුව” නමින් ගිවිසුමකට අත්සන් තැබීම අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාවක් බව කිව යුතුය. ඉන්දියාව සමඟ මෙවන් ගිවිසුමකට එළඹීම සාධාරණීකරනය කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් අය සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාවේ ගාන්ධි පවුල සමඟ ඇතිකරගෙන තිබූ මිත්‍රකම ගැන ප්‍රසංශාත්මකව කතාකරන අතරම වත්මන් ආණ්ඩුව එවැනි සම්බන්ධතාවයක් මෝඩි අගමැතිවරයා සමඟ පවත්වාගෙන යාමට විරුද්ධ වන බවයි. බණ්ඩාරණායක මැතිනියට මෙන්ම අනුර බණ්ඩාරනායක මහතාටත් රජිව් ගාන්ධි මහතා සමඟ කිට්ටු පුද්ගලික සම්බන්ධතාවයක් තිබුණත් ඔවුන් දෙපලම 1987 ඉන්දු ලංකා සාම ගිවිසුමකට සහයෝගය දැක්වූයේ නැත. මෙවැනි කාරණා වලදි කවුරුත් කටයුතු කල යුත්තේ ජාතික අවශ්‍යතාවය හැමවිටම පෙරදැරි කරගෙනය.

මෙම රූපවාහිනී සාකච්ඡාවේදී ව්‍යවස්ථා සංශෝධන ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට මූලිකත්වය දිය යුතු බවයි. අගමැතිවරයාද දැන් බලය බෙදීම ගැන කතා කරනු අපට ඇසේ. නමුත් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආ ඊනියා යහපාලන ව්‍යාපාරයේ ප්‍රධානම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. දෙවැනියට වැදගත් වූයේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි. එම නිසා මා නැවත වරක් අවධාරණය කර සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් මුල්තැන දී බලතල බෙදීම වැනි මතභේදයට තුඩුදිය හැකි කාරණා පසුව සලකා බැලිය යුතු බවයි. තමන් විසින්ම ගොඩ නැගූ ජනමතයටවත් යහපාලන ආණ්ඩුව ගරු කළ යුතුය යන්න මගේ අදහසයි.

මා විදේශ ණය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මුදල් ඇමතිවරයා අවස්ථා කීපයකදීම මාධ්‍යට අදහස් දක්වමින් මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ වියදම ඩොලර් මිලියන 190 ක් හා ඩොලර් මිලියන 426 ක් හැටියට මා සඳහන් කර තිබුණත් ආණ්ඩුවේ වාර්තා වලට අනුව ඒවායේ සැබෑ වියදම් ඩොලර් මිලියන 210ක් හා 1,300 ක් හැටියට සඳහන් වන බවත් මෙය සැක කටයුතු වෙනසක් බවත් කියා සිටියේය. මත්තල ගුවන්තොටුපළේ මුළු වියදම ඩොලර් මිලියන 210කි. ඒ සඳහා චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 190ක ණයක් ලැබුණු අතර ඉතිරි මුදල ලංකාවේ ආණ්ඩුව විසින් දැරිය යුතු කොටසයි. අපි පසුගිය වතාවේදී කතා කළේ විදෙස් ණය ගැන පමණකි. හම්බන්තොට වරායේ පළමු අදියරේ මුළු වියදම ඩොලර් මිලියන 501 ක් වූ අතර ඉන් 15% ක් වරාය අධිකාරිය ගෙවන ලදී. එවිට විදෙස් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 426ක් පමණ වේ. හම්බන්තොට වරායේ වියදම ඩොලර් මිලියන 1,300ක් යැයි මුදල් ඇමතිවරයා කියන්නේ ඩොලර් මිලියන 808ක වියදමින් 2012 දී ආරම්භ කර තවමත් අවසන් කර නැති දෙවන අදියර ද එකතු කිරීමෙනි.

මා කළින් කියා සිටි ආකාරයටම 2015 මාර්තු සිට වත්මන් ආණ්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 6,361 ක් ණයට ගෙන තිබෙන බව ඇමතිවරුන් දෙදෙනෙක්ම මාධ්‍ය ඉදිරියේ පිළිගත් අතර මේ ණය ගැනීමට සිදු වූයේ මාගේ ආණ්ඩුව විසින් අධික පොළියට ගත් ණය ගෙවා දැමීමට බව කියා සිටියේය. මගේ ආණ්ඩුව විසින් ගත් දිගු කාලීන ව්‍යාපෘති ණය සෑමවිටම පාහේ ලබා ගත්තේ 2% කට හෝ ඊට අඩු පොළියකටය. එම නිසා ඒවා ගෙවීමට ණය ගැනීමට අවශ්‍ය නැත. මීට දින කිහිපයකට පෙර ආණ්ඩුව තවත් සංවර්ධන බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 375 ක් ලබා ගත්තේය. ඊයේ ඉන්දියාවෙන් අනුමත වූ ඩොලර් මිලියන 700 ක මාස තුනෙන් කල් පිරෙන මූල්‍ය ඒකක හුවමාරු ණයත් සමඟ 2015 මාර්තු සිට අද දක්වා මේ ආණ්ඩුව ඩොලර් මිලියන 7,436 ක විදේශ ණය ලබාගෙන තිබේ. ඉන් ඩොලර් මිලියන 3,298 ක් මේ අවුරුද්ද (එනම් 2016) තුළම ගෙවීමට සිදු වේ. ආණ්ඩුව මේ ආකාරයට ණය ගන්නේ කළින් ආණ්ඩුවල ණය ගෙවීමට නොව තමන් විසින්ම කිසිදු වගවිභාගයකින් හා කළමණාකරනයකින් තොරව ගත් කෙටි කාලීන ණය ගෙවා දැමීමටය.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

Sunday 27 March 2016

PHILIP GUNAWARDENA WAS A GREAT POLITICIAN

Don Philip Rupasinghe Gunawardena, whose death anniversary falls on the 26 March, was one of the most fiery Marxists that ever lived in Sri Lanka .He shone in the political field as a Trade Unionist, a State Councilor and a Parliamentarian. Born on 11 January 1901, he was one of the eight children of the well-known Boralugoda Appuhamy, Don Jacolis Rupasinghe Gunawardena and Dona Liyanora Gunasekara. Philip was the fourth child in the family.


Philip Gunawardena commenced his primary education from a village school in Avissawella.

Friday 25 March 2016

රාජිතගේ සෞඛ්ය අමාත්‍යංශයත් අගමැති අධීක්ෂණයට ..?









අමාත්‍යංශ රැසක  අධීක්ෂණ කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ අතට ගැනීමට පියවර . 

මේ අනුව මැයි මාසයට පෙර අමාත්‍යංශ රැසක වෙනස් කම් සිදුවීමට නියමිතය . අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන කටයුතු සියල්ලම පාහේ අගමැතිවරයාගේ සමාලෝචනයටත් අධීක්ෂනයටත් ලක් කිරීම කඩිනම් කෙරේ .
සෞඛ්‍ය  අමාත්‍යාංශය ද අගමැතිවරයාගේ  සෘජු අධීක්ෂණයේ පවත්වාගැනීමට නියමිතව  ඇතැයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග කියයි .  තවත් ජාතික මට්ටමේ ආයතන ගණනාවක් මෙලෙස අගමැති යටතට පත් වෙතැයි කියවේ . ඒ අතර විදුලි බලමන්ඩලය ද වේ .

Google launches 360-degree Street View imagery of Sri Lanka



Google has launched the Street View imagery of Sri Lanka on Google Maps that will allow users to view and experience 360-degree panoramic imagery of the country from their phones, tablets and computers
Street View allows users to see how a city or a place looks like in real. Using cars and bikes fitted with cameras to collect imagery

Google has launched the Street View imagery of Sri Lanka on Google Maps that will allow users to view and experience 360-degree panoramic imagery of the country from their phones, tablets and computers.

With the addition of Sri Lanka, Street View is now available in 76 countries, including the US, Japan and South Korea. Street View allows users to see how a city or a place looks like in real. Using cars and bikes fitted with cameras to collect imagery, Google collects and stitches the photos accumulated together to make the 360-degree panorama.


Interestingly, Street View is not available in India. The company had launched the service in 2011 in India, but later suspended it following an order from the police.

“Google began driving in Sri Lanka in December 2014 and finished collecting imagery in February this year. From the bustle of downtown Colombo to the cool tea plantation hills, Sri Lanka’s landscape is as beautiful as it is diverse,”Google Public Policy Manager Helena Lersch said.

“To capture this imagery, Google drove close to 50,000 km across every state and province so you can virtually explore this beautiful landscape from coast to coast,” she added.She, however, did not say if and when the service would be launched in India.

She, however, did not say if and when the service would be launched in India.

“Sri Lanka is already a popular tourist destination, and we hope Street View will make the country even more accessible to people interested in exploring and visiting here. We are delighted to bring imagery of Sri Lanka to Street View on Google Maps,” she said.

Sri Lanka has become a burgeoning popular tourism destination, with the numbers of tourists heading to the island nation growing by almost 20 percent each year. In 2015, 1.8 million tourists visited the country.

In 2011, Google had launched Street View service in India and had begun collecting images of streets by driving across the city in specially designed cars and trikes, (three-wheel pedicab) possessing high-resolution cameras on top of the vehicle. The images were to be made available at a later date in Street View on Google Maps.

However, Bengaluru police had objected to the data collection by Google’s cars due to security concerns.

Certain reports suggest that the US-based company may relaunch Street View in India with certain riders, leaving out sensitive locations like defence installations, nuclear sites and some other high-valued spots as part of the service.

Google offers a virtual walkthrough across some tourist sites in India like Taj Mahal, Red Fort, Qutub Minar and Mysore Palace.

Protest against Sri Lanka reconciliation housing in north


Sri Lanka’s Tamil National Alliance (TNA) has expressed opposition to a housing project in the Tamil-majority north which has been dubbed the “reconciliation village”.
On Thursday during the northern provincial council sessions TNA councillor T Sarveswaran said the housing scheme was a forcible settlement of the majority Sinhalese in lands belonging to the Tamils.

"The tourism sector is still short of about 100,000 people," former deputy governor of Sri Lanka's reserve bank, Weerakoon Wijaywardena


Sri Lanka needs smarter workforce to keep tourist dollars in country, economists warn
-By South Asia correspondent James Bennett
PHOTO: Cranes and scaffolding dominate the Colombo skyline.. (James Bennett)

In excess of two million visitors are expected in Sri Lanka this year, but only 20 per cent of their expenditure will stay in the country.

Economists warn that will not change until the country builds a smarter workforce.

Sri Lankan Prime Minister Ranil Wickremesinghe had promised to halt the project during his electioneering before coming to power.


Sri Lankan Way of the Cross carries environmental message
Through devotion Catholics protest against controversial port project


A file photo of Sri Lankan Catholics singing "Pasan"(songs of sorrow) during Lent in a village near the city of Negombo. (Photo by ucanews.com)
Catholics in Sri Lanka conducted a Way of the Cross devotional event as part of a protest against a controversial port project in Colombo.

Thursday 17 March 2016

යමපාලනය පෙරලන ජනබලය - ජනසටන ජන ජය පැතුම- සජීව විකාශය

මාර්තු 17 පොදු විපක්ෂයේ "ජනසටන"මහ රැළිය
රට දිනවන හයිඩ් පාර්ක් රැළියේ සජීව විකාශය මෙතනින් බලන්න

Tuesday 15 March 2016

ගත්තු මෙගා ණය වලින් බෝක්කුවක්වත් නොහැදු - වැඩ බැරි අගමැති




වැට්බද්ද වැඩි කරන්න, ආදායම් බදු වැඩි කරන්න හා ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දෙන්න සිදු වුණු කාරණා විස්තර කරමින් අගමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශයේ දී එතුමා කිවුවා මගේ ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ බදු පනවන්න වුණා කියලා. මේක තමයි ඒගොල්ලො සමාජගත කරන්න හදන මතය. මේකට දැන් ‘රාජපක්‍ෂ බද්ද’ කියලා නමකුත් දාලා. මේ රට කවදාකවත් අත්දැකපු නැති ආකාරයේ ආර්ථිකඅර්බුදයකට අදඅපිමුහුණ දීලා තියෙනවා. මේ වගේ තත්වයක් ඇති වුණේ කොහොමද කියලා කරුණු කාරණා සහිතව හොයලා බලන්නඕන.

මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ මාර්තු මාසේමූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබා ගත්තා. ඊට පසසේ මැයි මාසයේදී බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 650ක් ගත්තා. ජූලි මාසයේ දී ආයෙත් පාරක් ඉන්දියාවෙන් මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඩොලර් මිලියන 1,100ක් ගත්තා. ඔක්තෝබර් මාසයේ දී බැඳුම්කර නිකුත් කරලා තවත් ඩොලර් මිලියන 1,500ක් ගත්තා.ඒ විතරක් නෙවෙයි, 2015 මාර්තු හා 2016 මාර්තු මාසය අතර අවස්ථා 12ක දී කෙටි හා මධ්‍ය කාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කරලා ඩොලර් මිලියන 2,711 කට වැඩි අතිවිශාල මුදලක් ඇඟට නොදැනීම මේ ගොල්ලෝ අරගෙන තියෙනවා. එක අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලියන 6,361කට වැඩි ණයක්. මේ වගේ විදේශ ණය ගැනිල්ලක් අපි කවදාවත් දැකලා නෑ.

මේ මුදල කොච්චරද කියලා කියනවනම් මත්තල ගුවන්තොටුපල හදන්න ගත්තෙ ඩොලර් මිලියන 190යි. හම්බන්තොට වරායට ගත්තෙ ඩොලර් මිලියන 426 යි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ඩොලර් මිලියන 1,340යි. කොළඹ - මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630යි. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 248යි. යහපාලන ආණ්ඩුව එක අවුරුද්දක් තුළ ගත්ත ණය වලින් මේ කියපු සේරම ව්‍යාපෘති හදලාත්එකකට ඩොලර් මිලියන 1,400 බැගින් වරාය නගර එකක් නොව දෙකක්ම හදලා, සාම්පූර්වල හදන්න ඉන්න මෙගාවොට් 500ක ගල්අඟුරු බලාගාරයත් හදලා අන්තිමට ඉතුරුවෙන ටිකෙන් තව මත්තල ගුවන් තොටුපලකුත් හදන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ගත්ත ඩොලර් මිලියන 6,361 න් ඒ ගොල්ලො එක බෝක්කුවක් වත් හදලා නෑ.

මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ලෝක තෙල් මිල 70% - 75% කින් විතර පහළ ගියා. මේ නිසා අපට ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2,500ක විතර ඉතිරියක් ලැබුණා. මේ වගේ ඉතිරියක් තිබිලත් ආණ්ඩුවට බැරි වුණා ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩුවවත් පියවන්න. ඒ ගොල්ලො ණය ගත්ත ඒවයි ඉතිරිකර ගත්ත ඒවයි ඔක්කොම පරිභෝජනයට වියදම් කලා. ජාත්‍යන්තර මුදල් වෙළඳපොලේ අය මේවා බලාගෙන ඉන්නේ. ආණ්ඩුව මේ ආකරයට මූල්‍යමය වගකීම් විරහිතභාවය ලෝකයටම ප්‍රදර්ශනය කරපු හින්ද තමයි ෆිච් රේටින් ආයතනය හා ස්ටෑන්ඩට් ඇන්ඩ් පුවර් ආයතනය මීට ටික දවසකට කලින් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමුවේ.

ලංකාව සම්බන්ධයෙන් මේ වගේ තීන්දුවක් ගත්තේ ඇයි කියලා ෆිච් රේටින් ආයතනය හේතු දක්වමින් කියපු එක කාරණයක් තමයි 2016 අවුරුද්ද ඇතුළත ලංකාවේ ණය වලින් ඩොලර් මිලියන 4,000ක් ආපසු ගෙවන්න වෙලා තියෙන නිසා මේක ලංකාවේ විදෙස් සංචිත වලට බරපතල පහරක් වන බවයි. මේ අවුරුද්ද ඇතුළත ගෙවන්න තියෙනවයි කියන ඩොලර් මිලියන 4,000න් 2,497 ක්ම -ඒ කියන්නෙ 62% ක් - වත්මන් ආණ්ඩුව ගිය අවුරුද්දෙ ගත්ත ණය. මේ ආණ්ඩුව 2015 ජුලි මාසයේදී අත්සන් කරලා මාස හයකට සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 1,100 මේ අවුරුද්දේ ගෙවන්න වුණා. ඒවගේම මේ ගොල්ලො බලයට ආවට පස්සෙ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර වලින් ලබා ගත්තු ණය වලින් ඩොලර් මිලියන 1,397 ක් මේ අවුරුද්දෙ අපහු ගෙවන්න ඕන.

මේ ආණ්ඩුව ගත්ත ණය ඇරුණාම ඊට කලින් පැවති හැම ආණ්ඩුවකම ණය වලින්මේ අවුරුද්දෙ ගෙවෙන්න තියෙන්නේ ඩොලර් මිලියන 1,500ක් වගේ ගාණක්. ඒ වගේ ණය ගෙවීමක් තිබුණයි කියලා ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමන්නෙ නැහැ.මේ ආණ්ඩුවෙ අවිධිමත් හා ඉවක් බවක් නැති ණය ගැනීම නිසා තමයි දැන් තිබෙන අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ.

ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දාලා තියෙන නිසා ජාත්‍යන්තර වෙළඳ පොළෙන් ණය ගන්න වෙන්නෙ ගිණි පොළියට. සමහරවිට ගිණිපොළියටවත් ණය ලැබෙන්නෙ නැහැ. ඉතින් ආණ්ඩුවට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහාට හැරෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පුණ්‍යආයතනයක් නොවේ. ලබාගන්න මුදල් ආපසු ගෙවන්න පුළුවන් කියලා පෙන්වන්න රජයේ ආදායම් වැඩිකර ගන්න ඕන කියලා ඒ ගොල්ලො කොන්දේසි දානවා. ආණ්ඩුවෙන් බදු වැඩි කරන්නෙ ජාත්‍යන්තර අරමුදලෙන් ණය ලබා ගන්න හා ගත්තු ණය ආපසු ගෙවන්න. ඒකයි මෙතන සිද්ද වෙන්නෙ.ගිය සුමානේ මේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ගත්ත අර ඩොලර් මිලියන 1,100 ගෙවන්න සිද්ධ වුණා. ඒකෙන් අපේ විදේශ සංචිත තවත් අඩුවුණා.

මේ මාසයේ ආණ්ඩුව මාස තුනේ, පහේ කෙටිකාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කරලා මුදල් ලබාගත්තා. සාමාන්‍යයෙන් සංවර්ධන බැදුම්කර නිකුත් කරන්නේ දිගුකාලීන ණය ලබාගන්න. නමුත් මේ ආණ්ඩුව ඒවායින් කෙටිකාලීන ණයත් ලබාගන්නවා. ඒ වගේම රටක් ණය ගන්නකොට, ආපසු ගෙවීම් කෙටි කාල පරාසයක් තුළ ගොඩගැහෙන්නේ නැති ආකාරයට තමයි ණය ගන්නෙ. නමුත් මේ ආණ්ඩුව ඒ මූලික සිද්ධාන්තයත් ගණන් ගන්නේ නැතුව තමයි ණය ගන්නේ.

2001 – 2004 අතර රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා ඉන්න කොට ඒ කාලපරිච්ඡේදය පුරාම දළදේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව ණය බර තිබුණේ 102% කට වැඩියෙන්. මගේ ආණ්ඩුවෙන් අවුරුද්දක් පාසා මේ ණය ප්‍රතිශතය අඩුකරලා 2014 අන්තිම වෙනකොට 75.5 %ක් දක්වා පහළ දැමුවා. මේක තමයි 1979 පස්සෙ තිබුණ අඩුම ණය ප්‍රතිශතය. 2006 – 2009 යුද්ධය පැවතුණ කාලයේ ආණ්ඩුවේ වියදම් දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට තිබුණේ 23%ට විතර. නමුත් යුද්ධයෙන් පසු අපි ආණ්ඩුවේ වියදම අවුරුද්දෙන් අවුරුද්ද අඩුකරලා 2014 වන විට ඒක 18.3 %ක් දක්වාම අඩුකලා. අපි නිදහස ලැබූ දා සිටම දළදේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ආණ්ඩුවේ වියදම් පැවති අඩුම ප්‍රතිශතය තමයි ඒක.

මේ ආකාරයට දැඩි මූල්‍යමය විනයක් ප්‍රදර්ශනය කරපු නිසා 2009 ලෝක ආර්ථික පසුබෑම හමුවේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආණ්ඩුවට දාන ආකාරයේ දැඩිකොන්දේසි මොනවත් නැතුව ඩොලර් මිලියන 2,600ක ණය පහසුකමක් අපට දුන්නා. මගේ ආණ්ඩුව ලොකු ව්‍යාපෘතිවලට ගත්තෙ 2%ට නැති නම් ඊටත් අඩු සහනදායි පොළියට දීර්ඝ කාලීන ණය. මේවායේ ණය ගෙවලා ඉවර වෙන්න ඉස්සෙල්ලා හදන්න ගිය ගාන හම්බකරන්න පුළුවන්. නොරොච්චෝලේ වගේ ව්‍යාපාර හදන්න ගියපු ගාන දැනටමත් පියවලා ඇති. ඒ වගේම අපි පරිභෝජණයට ණය ගත්තේ නැහැ. ඒ හින්ද තමයි අපේ කාලයේ අයවැය යෝජනා සංශෝධන, හදිසි බදු වැඩි කිරීම් වගේ මුල්‍යමය විගඩම් දකින්න නොතිබුණේ.

මගේ ආණ්ඩුව කාලේ සැඟවුණු ණය තිබුණයි කියලා අගමැතිවරයා කියපු කතාව සම්පූර්ණ බොරුවක්. සියළුම රාජ්‍ය ව්‍යාපාර වලට බැංකු සමඟ වෙනම ගණුදෙනු තියෙනවා. එවායේ ණය ගණුදෙනු පාලනය වෙන්නේ ඒ ආයතනවලට අදාල අණපනත් වලට අනුව කැබිනට් අනුමැතියක් ඇතුව. ඒ ව්‍යාපාර ගන්න ණය වලට මහා භාණ්ඩාගාරය ඇප වුණොත් ඒක පාර්ලිමේන්තුවට දන්වන්න ඕන.

ගිය සතියේ පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයේ දී වත්මන් ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිකරපු බවත් ඉන්ධන, ගෑස්, සීනි, ටින් මාළු වැනි භාණ්ඩ ගණනාවක මිල අඩු කළ බවත් අගමතිවරයා කිවුවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දිනා ගැනීමට දීපු වගකීම් විරහිත පොරොන්දු ඉටුකරපු බව තමයි එතුමා කියන්න හැදුවේ. නමුත් අද පැණනැගිලා තියෙන තත්වයෙන් පේන්නේ බදු ගෙවන්නාව ඇපේට තියලා ඡන්ද දිනාගන්න හදපු එකේ රඟේ තමයි. මේ ගොල්ලො ඡන්දේ දිනන්න පොරොන්දු දෙනවා. ඒවායේ බරපැන දරන්න වෙන්නෙ බදු ගෙවන ජනතාවට.

මේ ණය හා බදු අර්බුදය එන්න ඉස්සෙල්ලා ඉදන්ම ආර්ථිකය තිබුණේ අමාරු අඩියක. 2015 ජනවාරි 08 න් පස්සෙ සියළු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 1,500කින් පමණ අඩුවෙලා කොටස් වෙළඳ පොලේ ප්‍රාග්ධන වටිනාකමෙන් රුපියල් මිලියන 600,000 පමණ අඩුවෙලා තියෙනවා. මේ කාලය ඇතුළත ලංකාවේ රුපියල් බැදුම්කරවල විදෙස් ආයෝජන අඩකින් පමණ අඩුවෙලා තියෙනවා. මම බලයේ හිටපු කාලේ ආයෝජන අලුත් කරමින් දිගටම හිටපු ආයෝජකයෝ අලුත් ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දැන් සල්ලි ආපහු ගන්නවා. අලුත් ආන්ඩුව බලය ගත්තට පස්සෙ රුපියල 10% කින් අවප්‍රමාණය වෙලා තියෙනවා. 2014 අන්තිමට ඩොලර් මිලියන 8,200 ක්ව තිබුණු විදෙස් සංචිත දැන් 5,000 ටත් වඩා අඩුවෙලා

මේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරිකාලයේ දී තවත් බදු වැඩිකිරීම්, සුභසාධනය හා සහන කප්පාදු, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනා ගමන ගාස්තු වැඩි කිරීම් හා විරැකියාව තවත් වර්ධනය වීම අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. මේවායින් ජනතාවට ඇතිවෙන දුෂ්කරතාවලට මේ ආණ්ඩුව වගකියන්න වෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2016 මාර්තු 14 වෙනිදා බත්තරමුල්ල කාර්යාලයේ දී “යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය” ගැන පැවැත්වූ දේශනයේ පිටපත.

Monday 14 March 2016

Accusations levied against SL Military are indeed not fair! Numbers are disputed! who's responsible for LTTE abductions?

https://www.facebook.com/Gunawardena.Dinesh/videos/10153386892556680/
Dinesh Gunawardena
පා.ම. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ම.එ.පෙ. නායක සහ ඒකාබද්ද විපක්ෂ නායක
Hon. Dinesh Gunawardena, MP, MEP Leader & Joint Opposition Leader

Accusations levied against SL Military are indeed not fair! Numbers are disputed! who's responsible for LTTE abductions?
රජයේ හමුදා වලට එල්ල කරන චෝදනා සාදාරණ නැත! සංඛ්යාම අවිනිශ්චිතයි! එල්ටීටීඊ පැහැරගත් අය ගැන කව්ද වගකියන්නේ?

කොටස් වෙළද පලත් හාන්සියි - තවත් යහපාලන ආර්ථික වික්‍රමයක්







කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ
වටිනාකම කෝටි 42,500 කින් බසී

පසුගිය වසරක කාලය තුළ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම රු. බිලියන 425 කින් (රු.කෝටි 42500 කින්) පමණ පහත වැටී තිබේ.

මේ අනුව මීට වසරකට පමණ පෙර පැවැති රු. බිලියන 3096 ක්‌ වූ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම හෙවත් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, පසුගිය පෙබරවාරි 19 දින වන විට රු. බිලියන 2671 ක්‌ දක්‌වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බව කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සංඛ්‍යා දත්තවලින් තහවුරු වේ.

මේ අතරම පසුගිය වසරක කාලයේදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සියලු මිල දර්ශකය 7306 සිට 6251 දක්‌වා ද එස්‌. ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය 4113 සිට 3265 දක්‌වා සහ සාමාන්‍ය දෛනික පිරිවැටුම රු. මිලියන 1051 සිට 674 දක්‌වා ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ද එම සංඛ්‍යා දත්තවලින් තවදුරටත් තහවුරු වේ.

Friday 11 March 2016

සෙවනගල යුවලකට වෙඩි - යහපාලනයේ වල් වැදි ආරක්ෂාව...........?


ගිනි බත් වැන් එකක මළ සිරුරු 5 ක් - තවත් යහපාලන බිල්ලක්ද ?

දංකොටුවේ පිලිස්සෙමින් තිබූ මල සිරුරු සහ වෑන් රිය මෙය දකින විට ඔබ මීට අවුරුදු ගනනක ඉහත එනම් 88-89 යුගයට යනවා නොවේද රට අද ඇත්තේ කොතැනද දුශනය භිශනය මංකොල්ල මිනිමැරුම් පාතල කරනම් ගැසීම් වලින් සංයුක්ත බටලන්ද යුගයකට රට පත් වී තිබෙනවා නොවේද මේ තිබෙන්නෙ 
දංකොටුව , බුද්ගම්පොළ ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක තිබි පිළිස්සී ගිය වෑන් රථයක් තුළ තිබියදී පිළිස්සි ගිය මෘත ශරිර 05 ක් සොයා ගත් බව පොලිසිය පවසයි .

119 යන හදිස්සි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මතයි මෙම මළ සිරුරු සොයා ගෙන ඇත්තේ . ඒ අසලම ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට ලැබෙන අතර මෙය සැකකටයුතු සිද්ධියක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ .

Monday 7 March 2016

යහපාලන හු ඇන්පි ජෝඩු ඉල්ලීම



නපුංසක යහපාලන හුඇන්පියේ,

ජෝඩු වීම සදහා පැවැත්වූ සදාචාරාත්මක උද්ඝෝෂණයේ,

හෙළුව පෙන්වන අපූරු රූප පෙළකි මේ .................








Monday 22 February 2016

පාසල් 2700 න් පාසල් 2000 කට වඩා අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ඇත.



මේ වනවිට දිවයින පුරා අන්තර්ජාල පහසුකම් ඇති පාසල් 2700 න් පාසල් 2000 කට වඩා අන්තර්ජාල පහසුකම් ඇණහිට ඇතැයි ලංකා ගුරු සංගමයේ මහලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියයි.

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

මේ පසුබිම මැද මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මුහුණපා තත්ත්වය ලෙස විමර්ශනය කළ යුතුය. 2010 නොවැම්බර් මස යුරෝපා ටැග් නමැති ඊළම් සංවිධානයේ ක්‍රියාකාරිනී ජානී ජනනායගම් ලන්ඩනයේ නෝර්හේසර් මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්‌ කරනු ලැබීය.

Tamil diaspora leader ,Paramalingam shot in Paris





The head of the Tamil Coordinating Committee (TCC) in France has been seriously injured after being shot by gunmen in a Parisian suburb on Wednesday night. Paramalingam, who heads the French Tamil diaspora group, was returning to his home on Wednesday night, when the shooting took place.

ආණ්ඩු පක්ෂ රැස්වීම් දෙකට කැඩෙයි

ආණ්ඩු පක්ෂය දෙකට කැඩෙයි .

මංගල සමරවීර ඇමතිවරයාගේ කතාවකට උදහස් වූ ආණ්ඩුපක්ෂයේ ශ්‍රීලනීප කණ්ඩායම වෙනමත් , ආණ්ඩුපක්ෂයේ එජාප කණ්ඩායම වෙනමත් මෙසේ අද පාර්ලිමේන්තුවේදී සිය කණ්ඩායම් රැස්වීම් පවත් වීමට නියමිතය . 

ශ්‍රීලනීප කණ්ඩායම ඇමති නිමල් සිරිපාලගේ මූලිකත්වයෙන් රැස්වේ .

Wednesday 17 February 2016

සිරිසේන ජනපතිට හෙට කොටි භෝජනයක්




ජනාධිපති සිරිසේන  මහතා ඊයේ දෙමල ඩයස්පෝරාවට  රජයේ වියදමින් සංග්‍රහයක්  පවත්වා,  ඔවුන්ව සනසන අතරතුරේ,  හෙට බර්ලින් නුවර කොටි විරෝධතාවයේ  ප්‍රචාරක පෝස්ටරය  පහත  රූපයේ  දැක්වෙයි .එයින් උගත හැකි  එකම  පාඩම  නම්  ඔවුන්හට  එකදු  සිංහල නායකයෙකු  අවශ්‍ය  නොවන අත‍ර  අවැසි  එකම  දෙය  ඊළමයි . අනේ  අපේ එවුන්ට  නොතේරෙන්නේද  එයයි . 

Monday 15 February 2016

ඇමතිතුමෝ රෝහල් වල බෙහෙත් නැතෝ ......................



ඖෂධ වර්ග සියයක්‌ යනු සුළුවෙන් තැකිය හැකි සංඛ්‍යාවක්‌ නොවේ. මේ හිඟ යෑයි කියෑවෙන ප්‍රතිශක්‌තිකරණ එන්නත්, ළමා රෝගීන්ට ලබාදෙන එන්නත්, සිසේරියන් සැත්කම් සඳහා භාවිත කරන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියයේ හිඟය මාසයක්‌ දක්‌වා පවතින බවද වාර්තා වේ. මෙය රෝගීන් සම්බන්ධයෙන් ඉතාම "නරක" ආරංචියක්‌ වන අතරම සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ගත්විට පරිපාලනමය දුර්වලතාවයේ නරකම තත්ත්වයක්‌ පෙන්නුම් කරන්නකි. මේ දුර්වලතාව මෙන්ම ගන්නා තීන්දු තීරණවල අමනෝඥ බවද පෙන්නුම් කරන සිදුවීම් ගණනාවක්‌ ද පසුගිය කාලයේ සිදුව තිබුණු බව කිව යුතුය.

Friday 12 February 2016

දෙයියොත් සාක්කි ... නෙලුම් පිපෙනකොට රනිල් දේව කන්නලවුවකට හදිසියේම ඉන්දියාවේ ..


Guruvayur (Kerala) | February 12, 2016
PM, Ranil Wickramasinghe will on Friday offer prayers at the Guruvayur Sreekrishna Temple in Kerala amid tight security arrangements.
Wickramasinghe had visited the temple in April last year, along with his wife and had offered Thulabharam, an offering where a devotee is weighed against offerings with sandal wood.
Wickramasinghe is also likely to offer prayers at the Mamiyoor Mahadeva temple in Guruvayur.

Monday 8 February 2016

Sri Lanka is now heading for a major financial crisis...

Sri Lanka's foreign reserves have gone down to US$ 6,301 million in January 2016 from US $ 7,303.6 million. A bail-out package is necessary to prevent a financial crisis, a top economist said.



"Sri Lanka is now heading for a major financial crisis and our foreign reserves are available only for a few months and some form of a bail-out package is necessary to prevent a major financial crisis, former Central Bank Deputy Governor Dr. W. A Wijewardena said.

අලුත් පක්‌ෂය ස්‌ථිරයි: අවසන් සාකච්ඡාව ඊයේ රෑ..



මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති බව වාර්තා වේ.


ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (8 දා) රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති බව වාර්තා වේ.

Malwathu and Asgiri Chief Prelates tell UNHRC chief no need for foreign involvement

විදේශ මැදිහත්වීම් එපා මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු මානව හිමිකම් කොමසාරිස්ගේ මුහුණටම කියති . 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී යුද සමයේ අවසන් අවස්‌ථාවේ සිදුවූ බව කියන සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බැලීමට විදේශීය පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බවත් කිසියම් සිදුවීමක්‌ ඇතිවී නම් ඒ ගැන සොයා බැලීම දේශීය යාන්ත්‍රණයක්‌ මගින් සිදුකර ප්‍රශ්න විස¹ ගැනීමට හැකි බවත් මල්වතු අස්‌ගිරි මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ජගත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහතාට ඊයේ (08 දා) පැවසූහ.