Saturday 8 August 2015

මහ අලි 12 ක් චන්දෙන් පසු මහින්දට එක් වෙයි

මහ මැතිවරණයෙන් පසුව එජාප ප්‍රබලයන් 12කගේ සහය සන්ධානයට
මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයන් දොළොස්දෙනෙක් කැමැත්ත පළකර ඇතැයි සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේ කැමැත්ත පළ කර ඇති කණ්ඩායමට සිංහල අපේක්ෂකයන් අට දෙනෙක් සහ සිංහල නොවන අපේක්ෂකයන් සිව් දෙනෙක් වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් අතරින් වන්නි දිස්ත්‍රික්කයේ එක් අයෙක් වන අතර මධ්‍යම පළාතේ තිදෙනෙක් වෙයි.මෙම කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග නියෝජ්‍ය ඇමැති තිලංග සුමතිපාලගේ නිවසේදී පසුගිය තුන්වැනිදා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද එම ආරංචිමාර්ග පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සමග මෙම කණ්ඩායම සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment