Tuesday 11 August 2015

නින්දේ සිටි මැකෝ හදිසියේ අවදි වෙයි



මෙතෙක් කල්, දේශපාලනඥයන්ට සියලු රාජ්‍ය උත්සව  උත්සව වැඩසටහන්  වලට සහභාගිවීමට හැර මැතිවරණයට සතියකට අඩු කාලයක් තිබියදී පහත ප්‍රකාශය කිරීම ලොකුම විහිළුවක් බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි .



'රජයේ හෝ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල කිසිදු ව්‍යාපෘතියක මුල්ගල් තැබීම්, ජනතා අයිතියට පත්කිරීම් හෝ ඒ හා සම්බන්ධ උත්සවවලට ලබන 18 වැනිදා තෙක්‌ කිසිදු අපේක්‍ෂකයකු හෝ පළාත් සභා, පළාත් පාලන දේශපාලනඥයකු සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා රජයේ නිලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

යම් හෙයකින් මෙම කාලසීමාව තුළ එවැනි උත්සවයකට දේශපාලනඥයකු සහභාගි වීම මගින් පක්‍ෂයට හෝ අපේක්‍ෂකයකුට ප්‍රවර්ධනයන් සිදුව ඇති බවට සනාථ වුවහොත් එම උත්සවය සංවිධානය කළ රජයේ නිලධාරියා ඊට වගකිව යුතු බවට ද අවධාරණය කර ඇත.

මෙවැනි උත්සව හරහා යම් යම් අපේක්‍ෂකයන් තම අපේක්‍ෂකත්වය හෝ පක්‍ෂය ප්‍රචාරය කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් අනෙකුත් පක්‍ෂවලට හෝ අපේක්‍ෂකයන්ට සිදුවිය හැකි අගතිය වැළැක්‌වීමට කොමසාරිස්‌වරයා මෙම පියවර ගෙන ඇත.

සියලුම අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිසාපතිවරු, පළාත් සභා අමාත්‍ය ලේකම්වරුන්, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත කොමසාරිස්‌වරයා මෙම උපදෙස්‌ ලබාදී තිබේ.

No comments:

Post a Comment