Friday 7 August 2015

පාතාලය සමග යහන්ගතවන යහපාලන සමලින්ගිකයෝ

පාතාලය මඬින්න යහපාලන රජය කිසිවක්‌ කර නැහැ
මේ වන විට රට පුරාම අපරාධ රැල්ලක්‌ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. බදුල්ල, ජම්පටා වීදියේ, වත්තල ප්‍රදේශවල පුද්ගලයන් කපා කොටා ඝාතනය කර තිබෙනවා. එසේම බ්ලුමැන්ඩල් පෙළපාලියකට එල්ල වූ පාතාල ප්‍රහාරයත් සමග සාමකාමීව පැවති මහ මැතිවරණයට කළු පැල්ලමක්‌ එකතු වුණා. එම ප්‍රහාරය පාතාල දෙපිරිසක්‌ අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක්‌ යෑයි එජාපයේම අය කියනවා. වත්තලදී සන්ධාන ආධාරකරුවකු කපා කොටා ඝාතනය කළා. එම ඝාතනය වුණේ පොලිසිය භාර ඇමැතිවරයාගේ ආසනයේදී.මහ මැතිවරණයක්‌ පැවැත්වෙන මෙවැනි අවස්‌ථාවක දිනෙන් දින වැඩි වන පාතාල ක්‍රියාකාරකම් මැඬපැවැත්වීමට යහපාලන රජය කිසිදු පියවරක්‌ ගෙන නැතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.ඉකුත් රජය කාලයේ රට ගිය පාතාල කල්ලි නැවත පැමිණ තිබෙනවා. ඔවුන්ට හිස එසවීමට නොදීම රජයේ යුතුකමක්‌. විශේෂයෙන්ම මහ මැතිවරණයක්‌ පැවැත්වෙන මෙවැනි වෙලාවක. ඒක මැතිවරණයට බලපාන්න පුළුවන්. නීතිය සියයට සියයක්‌ ගරු කරනවා කියූ අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා අධිකරණය මඟහැරියා. එජාපය තවම පැරණි ක්‍රමයම තමයි අනුගමනය කරන්නේ.


ඊයේ (06 වැනිදා) කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

No comments:

Post a Comment